නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන පුන්‍යසිරි වරුසවිතාන මහතා නිර්මාණය කරන වෙසක් තොරණ 29 වැනි වතාවටත් කළුබෝවිල සිල්වා මාවතේ සිය නිවස ඉදිරිපිට ප්‍රදර්ශනයට සූදානම් කරයි.
වරුසවිතාන මහතා විසින්ම මෙහි විදුලි ආළෝක රටා නිර්මාණය කරන අතර සිතුවම් රටා සෙනරත් රණසිංහ මහතා විසිනි
සාම ජාතක කතා පුවත් මෙවර තොරණෙන් පිළිඹිබු කෙරෙයි
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභ පැතුම්! (නි)
තේජාන්විත නමින් පල වී ඇති අදහස් වලටත් ඒවා පල කළ 'ලංකාදීපය'ටත් මාගේ ප්‍රණාමය! (ස)
මේ වගේ අයට මුදලින් සහයෝගයක්වත් දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ නේද ? (ස)
මෙවැනි නිර්මාණ කිරීමම බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවෙන් කරන උතුම් උපහාරයකි.(නදී)
ආත්ම විස්වාසයත්, කැපවීමත්, බුදු දහමට අනුව් ජීවත් වීමත් ඔබගේ සියලු කටයුතු සාර්ථකවීමේ පදනමියි. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ පැතුම්.(නදී)
ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි.මමත් ඔබත් එකට පාසල් ගියෙමු. පාසල් කාලයේදී දිනපතා රේල් පාර දිගේ දවල් කෑම සඳහා ගෙදර ආ සැටි මතක් වේ. ඔබ දැකීමත් සතුටකි. ජයවේවා! ඔබ චිරාත් කාලයක් ජීවත් වේවා!(නි)
ලෙඩුන් සුවපත් කරන ඔබේ දෑත කොතරම් කලාකාමී ද? සුභ පැතුම් !!! (ස)
දොස්තර මහතාටත්, එතුමා සමඟ මෙම කටයුත්ත කරන මහතුන්ටත් මාගේ හද පත්ලෙන් ගලන ප්‍රණාමය! ඔබතුමන්ලාට දීර්ඝායුෂ පතමි. ඔබ වැනි දරුවන් බිහි කළ දෙමාපියන් නිදුක් වේවා! නිරෝගී වේවා! (නි)
වෙදදුරාණෙනි, ඔබ රෝගීන් සුවපත් කරන පරිද්දෙන් හුදී ජනයාගේ සිත් සුවපත් කිරිමට ගන්නා මේ උත්සාහය ඉතා ශ්‍රේෂ්ටයි. ඔබට දීඝායු වේවා. (ස)
දොස්තර මහත්තයාට හොඳට දැනුම තියෙනවා යැයි හිතන නිසා මම මෙහෙම කියන්නේ. ඔය ආමිස පුජවට වැය කරන කාලය ශ්‍රමය සිත එකතැන් කරන්න (භාවනා) ගත සන්සුන් කරන්න (සීල ) හා සමාධි වැනි උතුම් දෙයකට වැය කරන්න පුළුවන් නම් තවත් හොඳයි නේද? (නි)
ඔබතුමාට තව තවත් රෝගීන් සුවපත් කිරිමට හැකිවේවා. දීඝායු වේවා. මෙවන් කලාකාමී වැඩ කිරිමට ශක්තිය ලැබේවා. (ස)
ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!! (ස)
ජගත් සහ ජගත්ගේ ක්‍රමයට හිතන සියලු බෞද්ධයන්ගේ දැන ගැනීමට මට මේ ටික කියන්නම ඕනේ. ඔයගොලන්ගේ ඔය අදහස ඇත්තටම බුදුදහමේ පැවැත්මට වඩා නැති කිරීමට හේතු වෙනවා. මේ ගැන පැහැදිලි කරන්න ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි. ලංකාදීපෙන් මේ දෙය පලකරන ලෙස කාරුණිකව ඉල්ලමි. බුදුදහම විනාශ කරන්න ඉන්න මාර බලවේග ඕක කරන්න යොදාගත්ත ලේසිම ක්‍රමයක් තමයි ඔය ආමිස පුජාවට වඩා ප්‍රතිපති පුජාව උතුම් කියල අපේ ඇත්තන්ගේ ඔලු වලට දාපු එක. මේ කතාව ඇත්ත නමුත් ආමිස පුජාවක්වත් නොකරන කෙනා ප්‍රතිපත්ති පුජා කරන්නේ කොහොමද ? හිතන්න මෙහෙම. ඉස්සර අපි අවුරුදු ඉවර වුණ ගමන්ම හිතන්නේ මේ පාර වෙසක් එකට මොනාද කරන්නේ කියල. මොකද්ද හදන කුඩුව කියල එහෙම නැත්නම් තොරණ, කුඩුවක් හදන එක සුළු දෙයක් නෙමෙයි. කැලෙට ගිහින් බට කපාගෙන ඇවිල්ල ඒවා ගානට කපල, සුද්ද කරලා, නුල් වලින් ගැටගහල, පාට කොළ අලවල කුඩුවක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද ? ඔය ඇත්තෝ හිතන්නේ මේක අත පය වෙහසනවා පමණක් කියලද? නැහැ මේ දේවල් කරන්න හිත එක තැනක තියාගෙන ඒ දේ වෙනුවෙන් යොදවන්න ඕනේ. එතන ඉබේම භාවනාවක් සිද්ධ වෙනවා. තවද ඕකේ රැට ඉටිපන්දමක් ගහල පත්තු වෙනකොට දිලිසි දිලිසි තියෙන ලස්සන අපි බලනවා. අනේ ඒත් අන්තිමට ඒ ලස්සන කුඩුව ඒ ඉටිපන්දම නිසාම ගිනි ගන්නවා. මෙන්න ලෝක සොබාවය අවබෝධ කරන්න අරමුණක් වෙසක් කුඩුවෙන්ම ලැබෙනවා. දැන් හිතන්න අපිට බෞද්ධයෝ කියල ඉන්නවද කියලවත් මතක් වෙන්නේ වෙසක් කුඩුවකින් හෝ තොරණකින්. ඕක කරනෙත් අවුරුද්දටම එක පාරයි. ඉතින් මේ වගේ අදහස් මිනිසුන්ගේ ඔලුවට දාල යන්තම්වත් අද ඉන්න බෞද්ධයට තමන්ගේ අගම ගැන යමක් කරන්න හිතෙන වෙසක් පෝයත් සාමාන්‍ය පෝයක් ගානට පත් කරන්න හදන පන්සිල්වත් නොරකින අද ඉන්න මේ වගේ බෞද්ධ කියාගන්න අය වෙනුවන් මේ ටික මට නොකියම බැහැ.වේදදුරණනි ඔබට මෙවැනි දේ තව තවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. (ස)
වෙදැදුරාණෙනි, අම්බලන්ගොඩින් සහ දම්සොවෙන් සුභ පැතුම්. ඔබ සැමට බුදු සරණයි......! (නි)
නියම චිත්‍ර ටික. අපේ සුබ පැතුම් වෙදදුරාණෙනි. (ස)
අම්බලන්ගොඩ දම්සොවෙන් බිහිවුණු වෙද දුරාණෙනි, ඔබට සුබ පැතුම් ! නවසීලන්තයේ සිට , තෙරුවන් සරණයි. (ස)
ඉසිවරයාණනි ඔබ තුමාට මාගේ වෙසක් සුබපැතුම්! (ස)
මගේ සුභ පැතුම්! (නි)
අපේ පවුලේ සියලු දෙනාගේම සුබපැතුම් සියලුම දෙනාට. හැමෝටම තමුන් පතන බෝධියකින් නිවන් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා! මේ පාරත් අපි තොරණ බලන්න එනවා..(නදී)