IMG-LOGO

ඉසිවර දෑතින් ඉදිවෙන කළුබෝවිල තොරණ

නිර්වින්දන  විශේෂඥ වෛද්‍යවරයෙකු වන පුන්‍යසිරි වරුසවිතාන මහතා නිර්මාණය කරන  වෙසක් තොරණ 29 වැනි වතාවටත් කළුබෝවිල සිල්වා මාවතේ සිය නිවස ඉදිරිපිට ප්‍රදර්ශනයට සූදානම් කරයි.

වරුසවිතාන මහතා විසින්ම මෙහි විදුලි ආළෝක රටා නිර්මාණය කරන අතර සිතුවම් රටා සෙනරත් රණසිංහ මහතා විසිනි

සාම ජාතක කතා පුවත් මෙවර තොරණෙන් පිළිඹිබු කෙරෙයි

 



අදහස් (0)

ඉසිවර දෑතින් ඉදිවෙන කළුබෝවිල තොරණ

ජයසූරිය Wednesday, 07 May 2014 06:09 AM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 07 May 2014 03:20 PM

තේජාන්විත නමින් පල වී ඇති අදහස් වලටත් ඒවා පල කළ 'ලංකාදීපය'ටත් මාගේ ප්‍රණාමය! (ස)

:       0       0

තමිත් Thursday, 08 May 2014 12:09 PM

මේ වගේ අයට මුදලින් සහයෝගයක්වත් දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ නේද ? (ස)

:       0       0

විජයරත්න විතාන Thursday, 08 May 2014 07:26 PM

මෙවැනි නිර්මාණ කිරීමම බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවෙන් කරන උතුම් උපහාරයකි.(නදී)

:       0       0

සෑම් Wednesday, 07 May 2014 09:00 AM

ආත්ම විස්වාසයත්, කැපවීමත්, බුදු දහමට අනුව් ජීවත් වීමත් ඔබගේ සියලු කටයුතු සාර්ථකවීමේ පදනමියි. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ පැතුම්.(නදී)

:       0       0

පී.එන්.ඩී.ද සිල්වා Wednesday, 07 May 2014 05:07 PM

ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි.මමත් ඔබත් එකට පාසල් ගියෙමු. පාසල් කාලයේදී දිනපතා රේල් පාර දිගේ දවල් කෑම සඳහා ගෙදර ආ සැටි මතක් වේ. ඔබ දැකීමත් සතුටකි. ජයවේවා! ඔබ චිරාත් කාලයක් ජීවත් වේවා!(නි)

:       0       0

බණ්ඩාර- කුවේට් Wednesday, 07 May 2014 09:19 AM

ලෙඩුන් සුවපත් කරන ඔබේ දෑත කොතරම් කලාකාමී ද? සුභ පැතුම් !!! (ස)

:       0       0

විද්‍යා Tuesday, 06 May 2014 08:12 PM

දොස්තර මහතාටත්, එතුමා සමඟ මෙම කටයුත්ත කරන මහතුන්ටත් මාගේ හද පත්ලෙන් ගලන ප්‍රණාමය! ඔබතුමන්ලාට දීර්ඝායුෂ පතමි. ඔබ වැනි දරුවන් බිහි කළ දෙමාපියන් නිදුක් වේවා! නිරෝගී වේවා! (නි)

:       0       0

නිලන්ති Wednesday, 07 May 2014 09:31 AM

වෙදදුරාණෙනි, ඔබ රෝගීන් සුවපත් කරන පරිද්දෙන් හුදී ජනයාගේ සිත් සුවපත් කිරිමට ගන්නා මේ උත්සාහය ඉතා ශ්‍රේෂ්ටයි. ඔබට දීඝායු වේවා. (ස)

:       0       0

ජගත් Tuesday, 06 May 2014 08:35 PM

දොස්තර මහත්තයාට හොඳට දැනුම තියෙනවා යැයි හිතන නිසා මම මෙහෙම කියන්නේ. ඔය ආමිස පුජවට වැය කරන කාලය ශ්‍රමය සිත එකතැන් කරන්න (භාවනා) ගත සන්සුන් කරන්න (සීල ) හා සමාධි වැනි උතුම් දෙයකට වැය කරන්න පුළුවන් නම් තවත් හොඳයි නේද? (නි)

:       0       0

තුෂාරිකා Wednesday, 07 May 2014 10:02 AM

ඔබතුමාට තව තවත් රෝගීන් සුවපත් කිරිමට හැකිවේවා. දීඝායු වේවා. මෙවන් කලාකාමී වැඩ කිරිමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

කසුනි Wednesday, 07 May 2014 10:16 AM

ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!! (ස)

:       0       0

තේජාන්විත Wednesday, 07 May 2014 10:49 AM

ජගත් සහ ජගත්ගේ ක්‍රමයට හිතන සියලු බෞද්ධයන්ගේ දැන ගැනීමට මට මේ ටික කියන්නම ඕනේ. ඔයගොලන්ගේ ඔය අදහස ඇත්තටම බුදුදහමේ පැවැත්මට වඩා නැති කිරීමට හේතු වෙනවා. මේ ගැන පැහැදිලි කරන්න ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි. ලංකාදීපෙන් මේ දෙය පලකරන ලෙස කාරුණිකව ඉල්ලමි. බුදුදහම විනාශ කරන්න ඉන්න මාර බලවේග ඕක කරන්න යොදාගත්ත ලේසිම ක්‍රමයක් තමයි ඔය ආමිස පුජාවට වඩා ප්‍රතිපති පුජාව උතුම් කියල අපේ ඇත්තන්ගේ ඔලු වලට දාපු එක. මේ කතාව ඇත්ත නමුත් ආමිස පුජාවක්වත් නොකරන කෙනා ප්‍රතිපත්ති පුජා කරන්නේ කොහොමද ? හිතන්න මෙහෙම. ඉස්සර අපි අවුරුදු ඉවර වුණ ගමන්ම හිතන්නේ මේ පාර වෙසක් එකට මොනාද කරන්නේ කියල. මොකද්ද හදන කුඩුව කියල එහෙම නැත්නම් තොරණ, කුඩුවක් හදන එක සුළු දෙයක් නෙමෙයි. කැලෙට ගිහින් බට කපාගෙන ඇවිල්ල ඒවා ගානට කපල, සුද්ද කරලා, නුල් වලින් ගැටගහල, පාට කොළ අලවල කුඩුවක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද ? ඔය ඇත්තෝ හිතන්නේ මේක අත පය වෙහසනවා පමණක් කියලද? නැහැ මේ දේවල් කරන්න හිත එක තැනක තියාගෙන ඒ දේ වෙනුවෙන් යොදවන්න ඕනේ. එතන ඉබේම භාවනාවක් සිද්ධ වෙනවා. තවද ඕකේ රැට ඉටිපන්දමක් ගහල පත්තු වෙනකොට දිලිසි දිලිසි තියෙන ලස්සන අපි බලනවා. අනේ ඒත් අන්තිමට ඒ ලස්සන කුඩුව ඒ ඉටිපන්දම නිසාම ගිනි ගන්නවා. මෙන්න ලෝක සොබාවය අවබෝධ කරන්න අරමුණක් වෙසක් කුඩුවෙන්ම ලැබෙනවා. දැන් හිතන්න අපිට බෞද්ධයෝ කියල ඉන්නවද කියලවත් මතක් වෙන්නේ වෙසක් කුඩුවකින් හෝ තොරණකින්. ඕක කරනෙත් අවුරුද්දටම එක පාරයි. ඉතින් මේ වගේ අදහස් මිනිසුන්ගේ ඔලුවට දාල යන්තම්වත් අද ඉන්න බෞද්ධයට තමන්ගේ අගම ගැන යමක් කරන්න හිතෙන වෙසක් පෝයත් සාමාන්‍ය පෝයක් ගානට පත් කරන්න හදන පන්සිල්වත් නොරකින අද ඉන්න මේ වගේ බෞද්ධ කියාගන්න අය වෙනුවන් මේ ටික මට නොකියම බැහැ.වේදදුරණනි ඔබට මෙවැනි දේ තව තවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. (ස)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Tuesday, 06 May 2014 09:24 PM

වෙදැදුරාණෙනි, අම්බලන්ගොඩින් සහ දම්සොවෙන් සුභ පැතුම්. ඔබ සැමට බුදු සරණයි......! (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 07 May 2014 01:35 PM

නියම චිත්‍ර ටික. අපේ සුබ පැතුම් වෙදදුරාණෙනි. (ස)

:       0       0

දයා- Wednesday, 07 May 2014 01:33 AM

අම්බලන්ගොඩ දම්සොවෙන් බිහිවුණු වෙද දුරාණෙනි, ඔබට සුබ පැතුම් ! නවසීලන්තයේ සිට , තෙරුවන් සරණයි. (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Wednesday, 07 May 2014 02:57 AM

ඉසිවරයාණනි ඔබ තුමාට මාගේ වෙසක් සුබපැතුම්! (ස)

:       0       0

පුබුදු Wednesday, 07 May 2014 03:21 AM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මංජුල Wednesday, 07 May 2014 02:21 PM

අපේ පවුලේ සියලු දෙනාගේම සුබපැතුම් සියලුම දෙනාට. හැමෝටම තමුන් පතන බෝධියකින් නිවන් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා! මේ පාරත් අපි තොරණ බලන්න එනවා..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 83 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 481 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 252 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site