මෙරට ලියාපදිංචි පෞද්ගලික සමාගම් හරහා මැද පෙරදිග ගෘහ සේවය සඳහා ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවෝ 110ක් අද පෙරවරු 5.30ට පමණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ.
එම පිරිස සෞදි හා කුවේට් රටවල සිටි පැමිණි අතර වසරක්, වසර දෙකක් හා තුනක් යන කාලසීමාවන්වලදී එම රටවල ගෘහ සේවයට ගොස් ඇති නමුත් ගිවිසුමට අනුව වැටුප් නොලැබීම හා විවිධ වද හිංසාවලට ලක්වීම හේතුවෙන් එසේ ආපසු පැමිණ ඇත.
ශ්රී ලංකා තානාපති කාර්යාල හරහා යළි දිවයිනට පැමිණි මෙම කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් මාතලේ, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ගෘහ සේවයේ යෙදී සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් එසේ පැමිණි පිරිසේ සිටි එක් කාන්තාවකගේ පාදයක්ද අහිමිව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වග කිව යුත්තෝ කවරහුද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ ගැන සොයා බලා අසාධාරණයට ලක් වූ අයට වන්දි ගෙවීමට කටයුතු කළ යුතුව ඇත. වැරදි කළ ඒජන්සි වලට විරද්ධව නීතිම පියවර ගත යුතුයි.එසැන එය ගැනත් සොයා බලන්න.(හේ)
මොකටද යන්නේ... (ර)
අපේ රටේ දේසපාලකයන්ගේ පවුල් රකින්න ලංකාවේම ඉන්න ගැහැණු පිටරට පැටෙව්වත් මදි. (ර)