මෑතකදී සිනමාවට සම්බන්ධ කතිකාවකට සහභාගි වුණාලු පාසැල්වල උසස් පෙළ කලා විෂයයන් හදාරණ සිසුන් පිරිසක්. රටේ නමගිය තරැණ සිනමාවේදින් කීප පෙලක්ම මේ සඳහා සහභාගි වෙලා තියෙනවා.
ඔන්න එක්තරා අවස්ථාවක මේ ප්‍රතිභාපූර්ණ සිනමා අධ්‍යක්ෂවරැ තම තමන් සිනමාවට ප්‍රවිශ්ට වුණු මුල් අවධිය ගැන අත්දැකීම් මේ තරැණ සිසුන් සමඟ බෙදාගත්තලු. ඒ අතර එක් තරැණ සිනමා අධ්‍යක්ෂවරයෙක් ලස්සන කතාවක් කියලා තියෙනවා.
‘ඇත්තටම ඉස්කෝලෙ යන කාලෙ තමයි අපට සිනමාව ගැන ආසාවක් උනන්දුවක් ඇති වුණේ. ඒ කාලෙ අපි ඉස්කෝලෙ පන්ති කට් කරලා යනවා හොඳ චිත්‍රපට බලන්න. ඒත් අද ඔය මල්ලිලාට මම එක උපදේශයක් දෙන්න ඕනෙ. ඉතාම ආදරෙන්. ඕගොල්ලො නම් අපි වාගේ ඉස්කෝලෙ පන්ති කට් කරලා චිත්‍රපට බලන්න යන්න එපා. මොකද එහෙම බලන්න තරම් හොඳ, වටින චිත්‍රපට පෙන්නන්නෙ නැහැ. ඕගොල්ලන්ගෙ පන්ති ඊට වඩා වටිනවා.’
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉස්කෝලෙ කට් කරලා ෆිල්ම් බලන්න එපා