(ටී.කේ.ජී.කපිල)
ප්‍රබල පාතලය ක්‍රියකාවකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත සැකකරුවන් පස් දෙනා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක දිවයිනට අද (15) රාත්‍රී රැගෙන ආ බව පොලිසිය කියයි.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 6.54ට පමණ රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
ප්‍රබල පාතාල කල්ලි නායකයකු ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ අලුකඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී සහ ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි අපරාධකරුවන් පස් දෙනකු නේපාලයේ කත්මණ්ඩු නුවර මහල් නිවාසයක සැඟව සිටියදී ඉකුත් (13) වැනි දා අත්අඩංගුවට ගත්තේය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් පස්දෙනා අතර ඉෂාරාගේ රුවට බෙහෙවින් සමාන යාපනයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක, කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු බවට සැලකෙන ජේ. කේ. බායි, ජැෆ්නා සුරේෂ්, ගම්පහ බබා යන පිරි අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
අත්අංගුවට ගත් එම පිරිස නේපාලයේදී කිසිසු අපරාධ ක්‍රියාවක් නොකිරීම මත එරටින් පිටුවහල් කිරීමට එරට පොලිසිය කටයතු කළේය.
බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් මීට දින පමණ ඉහතදී නේපාලයේ කත්මණ්ඩු නුවරට ගොස් එක් වී කරන ලද මෙහෙයුමකදී ඉෂාරා ඇතුළු පස්දෙනා කොටු කර ගනු ලැබූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉෂාර සෙව්වන්දි දිවයිනට රැගෙන එයි
තංගල්ලේ මෙත්-මල් Wednesday, 15 October 2025 08:15 PM
මෙයාගෙ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරුවා කියලා අර ඕන එකකට ඇඳගන්න මෝඩ පුතා දැන් නිවේදනයක් දායි...
පන්සළු Wednesday, 15 October 2025 08:29 PM
රතු පළස දාලා පිළිගනිමු...
MindZap Wednesday, 15 October 2025 08:36 PM
සෙව්වන්දිව දකින්න ආසාවේ පහුගිය කාලෙම වැලපෙමින් හිටපු විපක්ෂයේ කට්ටියේ බර ගාණක් හිටියා. දැන් ඉතින් තවත් මයික් ඉස්සරහ අඩන්න කවි කියන්න පලි ගහන්න ඕනි නැහැ. බස් එකක් දාගෙන එයාර් පොට් ගිහින් කට්ටියටම පුළුවන් ඇස් වලින්ම බලාගෙන දෙය්යනේ කියල සැනසෙන්න. සජබෙන් පොහොට්ටුවෙන් ඔය වැඩේට ඒකාබද්ධව වැඩපිළිවෙලක් යොදාගන්න.