(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරු පැය 72ක කාලයකට රැඳයුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ පෙන්වා දීම මත එම ගිනි අවි සහ උණ්ඩ සොයාගෙන ඇත.
මෙම සැකකරු විසින් 2019.04.19 වෙනි දින සිදු කරන ලද පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකුද මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය කටයුතු ද සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවක් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් සිලෝන් බායි යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉෂාර රට පැටවූ සැකකරුගේ නිවසේ ගිනි අවි සහ උණ්ඩ