ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම උදාහරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා ඇල්පිටිය ආනන්ද මැදි මහ විදුහලේ පැවති ‘නැණ අභිමානී‘ සහතික පත්‍ර හා සම්මාන ප්‍රදාන වැඩ සටහනට එක්වෙමින් කීවේය.
ගයන්ත කරුණාතිලක හා සාගල රත්නායක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම උත්සවය පැවැත්විණි.
‘මම පළාත් සභාවට ගියේ 1999. ඒ අවුරුද්‍දෙ මගෙත් එක්ක පළාත් සභාවට ගියේ සාගල රත්නායක ඇමතිතුමා. අපි දෙන්න පළාත් සභාවට ගියෙත් එකට. ඊට පස්‍සෙ අපි දෙන්න 2001 දී පාර්ලිමේන්තුවට ගියා. ඒත් එකටමයි. ඊට පස්‍සෙ වත්මන් ආණ්ඩුවෙ කැබිනට් ඇමතිධූර දෙකක් අරන් ඇවිත් අද අපි දෙන්න එකකට මේ පළාතට සේවය කරනවා.‘ යැයි ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා උත්සවය සභාව අමතමින් කීවේය.
‘මේ රටේ දරුවන්‍ගේ අධ්‍යාපනය වෙනුවන් පාසල් වලින් ඉහල කාර්යයක් සිදුවෙනවා. නමුත් තියන ප්‍රධානතම ප්‍රශ්නය තමයි පාසල තුළින් ලැබෙන අධ්‍යාපනය මගින් දරුවන්ට හිමිවන පොතපතේ දැනුමට අමතරව ප්‍රමාණවත් ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවද කියන කාරණය.‘ යැයිද සාගල රත්නායක ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය අප අතේය. අපේ අත් හදවතේය. පිට කසන්නට එම අත්වල නියපොතු වැඩි නැත්තේය. (බ)
ඇමතිලා මන්ත්‍රී තුමාලා එකතුවෙලා පුලුවන්නම් මේ රටේ මත්කුඩු වල මහා මොළකාරයන් අල් ලලා මේ රටින් මත්කුඩු නැති කරලා මේ අහිංසක දු දරුවා බේරා දෙන්න ඒ පිනම ඇති නිවන් දකින්න (බ)
ගයන්ත කරුණාතිලක මහතා එදා සිට අද වෙනතුරු වැදගත් දේශපාලනය කරා ඒ වගේම ගරු අගමැති රනිල් මහතාද එසේමයි එතුළින් සමාජයට ලොකු ආදර්ශයක් ලැබිලා තියෙන්නේ වර්තමාන සමාජයේ මුදල් බලය පසුපස හඹා යන පිරිසක් අතරේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම හරිම වැදගත් මෙම ආදර්ශය අනිකුත් දේශපාලන පුද්ගලයන් අනුකරණය කරන්නේනම් රටත් සමාජයත් යහපත් වේවි !! (බ)
ගයන්ත ඇමතිගේ ආසනය උඩින්ම පරිදි(ඇල්පිටිය)...එතුමා බද්දේගම අසනීපෙන් හිටිය නුඹ ආසනය දිනනවා (බ)
තමන්ම තමන්ගේ පිට කහ ගන්නවා වගේ කතාවක් (බ)
දේශපාලකයකුට තිබියයුතු ගුණාංග "උකුසු ඇසක්, බුරු පිටක්, ඌරු නාසයක් (බ)
නිමල්,ඒ අතරේ අනුන්ගේ පිටත් කහනවා ඔය ඒ ටික දැක්කේ නැද්ද ? (බ)
ඔව් ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගෙ ඉවසීම හොඳයි කියන්න පුළුවනි. 2013-14 කාලෙ කැබිනට් ඇමතිකම් වලටත්, ඊට පස්සෙ මහ ඇමතිකමටත් ඒකාලෙ සන්ධාන ආණ්ඩුවට එකතු වෙනව කියල රාව යැව්වට ඒව නොකර හිටිය. අද කැබිනට් ඇමති කෙනෙක්.. ඒක තමයි ඉවසීම. රනිල් අගමැතිතුමත් එහෙම ඉවසීමක් තිබුනු කෙනෙක් තමයි. (බ)
පහුගිය පාර්ලිමේන්තු සභාවාර කීපය බැලුවනම් ඔය කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබුන (බ)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
ප්රතිචාර දක්වන සමහර අයත් අනුන්ගේ පිටවල් කහනවා. (බ)
රනිල්ගෙ ඉවසීම හින්දද සතුන්ගේ නම් කියකියා බනින්නේ? (බ)
හොදම පුද්ගලයා අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. (ර)
අයිසේ රිලවු වෙන්න එපා, වඳුරෝ වගේ හැසිරෙන්න එපා. (බ)
එහෙනම් අපි ඉස්සරහට ඒ දෙන්නා ආදර්ශයට අරගෙන වැඩ කරන්නම්. නේද? (නි)
ගයන්ත ඡන්දෙදි තමුන්ගේ ආසනෙයි දිස්ත්‍රික්කයෙනුයි උඩින්ම දිනුවා. හැබැයි සාගලට තමුන්ගේ ආසනය වන දෙනියාය ආසනයවත් දිනාගන්න බැරිවුණා. 2010දී ගයන්ත දිනුවත් සාගල පරාද වුණා. (නි)
තව ඉන්නවා... (නි)
අලුතින්ම එක්වූ ප්‍රස්ථා පිරුළ නම් ''සාගල ඉවසීම ගැන කිව්වා වගේ''.....!!!!!!!! (නි)
හොද මහත්මා ගතිගුණ ඇති කෙනෙක්. (ර)
පොරොන්දු වෙච්ච විදිහට හොරු ටික අල්ලලා රටේ ඉදිරි දියුණුවට හේතුවන ව්‍යාපෘති පටන් ගන්න. (ර)
ප්රතිචාර දැක්කම මුකුත් නොලියා ඉන්න හිතුනා. (ර)
ඔව් වෙන මොනා කියන්නද.? (ර)
අපේ දරුවන්ගේ අනාගතය ඔබ අතේ.... (ර)
වාඩිවෙන්න වාඩිවෙන්න. වට්ටක්කා ගෙඩිය. (බ)
හොද නායකයකුගේ ලක්ෂණයක්. (ර)
ඔබට සුබ පැතුම්. (ර)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් ඉවසීම පුරුදුකළ මහත්මයෙක්.එතුමා සමහර අවස්ථා වලදි සමහරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඒ ඒ අයට ගැළපෙන, සුදුසු නම් වලින් ආමන්ත්‍රණය කිරීම වරදක් කියා මම නොසිතමි (නි)
ඉවසීම කෙසේ වෙතත් තණ්හාව , ආශාව , බලයට තියෙන කෑදරකම ගැන ඉගෙන ගන්න පුළුවන් ඔය මිනිස්සුන්ගෙන් (බ)
ඔහොම යමු. ජය වේවා.! (ර)