කොටදෙනියාව මාඔය ආසන්නය පිහිටි ඉඩමකින් බලපත් කොන්දේසි උල්ලංඝණය කරමින් පස් කැපු හයක් ද ට්රැක්ටර් තුනකින් පස් ප්රවාහනය කළ තුනක් ඇතුළු නව දෙනෙකුට එක් අයකුට රුපියල් 50,000 ක් බැගින් දඩ නියම කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්රාත් ෆලිනි චතුරන්ති පෙරේරො මහත්මිය අද (27) නියෝග කළාය.
ඔවුන් කොටදෙනියාව අකරන්ගම පදිංචිකරුවෝය. පස් හා භාණ්ඩ රාජසන්තක කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දඩය ලක්ෂ 10ක් වගේ කරන්න බැරිද? ඔය මිනිස්සුන්ට 50000ක් කියන්නේ ගැවෙන්නේවත් නැති ගානක්. (බ)
දඩය මදි මොවුන් මාස හයක් වත් හිරේට දාන්න තිබුනේ (බ)
ඒත් මට නම් මේ දඩ ප්රමාණය හොඳටම මදි. (නි)
රු 100000 ක්වත් ගහන්න ඕනෑ, මට හිතෙන හැටියට නම් (නි)
නියමයි. හිරෙත් දාන්න ඕනෑ මොවුන්ව (නි)
මොවුන්ට බත සරි කරදෙන අම්මා වගේ ඉන්න මහ පොළව නේද මේ හිත පිත් නැති අය උලාකන්නේ. ආණ්ඩුත් පාණ්ඩු වෙනකොට පව්කාරයෝ තමයි උඩට එන්නේ. (නි)
පරිසරය විනාශකරන්නන්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබේ
මේගොල්ලෝ දැනටමත් ලක්ෂ 50 විතර හොයලා තියෙන්නේ. ඉතින් 50000 කියන්නේ මොකක්ද? (නි)