ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් රිස්ලි ඉල්ලියාස් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඉල්ලියාස් මහතා වසර දෙකකට ආසන්න කාලයක් රග්බි සංගමයේ ලේකම් ධූරයේ කටයුතු කළ අතර පෞද්ගලික හේතු නිසා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ විමසුමකදී ඉල්ලියාස් මහතා පැවසුවේ තම ව්‍යාපාරික කටයුතු නිසා ලේකම් ධූරයේ කටයුතු කිරීම අපහසු හෙයින් තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
”ව්‍යපාරික කටයුතු නිසා මට විවේකයන් නෑ. ලේකම් ධූරයේ කටයුතු කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි. වගකීම් පැහැර හරින්න බෑ. ඉවත්වීමට වෙනත් කිසිම ප‍්‍රශ්නයක් නෑ”
”කාල්ටන් සෙවන්ස් තරගාවලියට සහභාගි වන වයඹ බ්ලැක්ස් පිලේ හිමිකරුවා වශයෙන් මම දිගටම කටයුතු කරනවා” යැයි ද ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්වද කියන්නේ (අ)