දුම්රිය මගීන්ට හිංසා වන අයුරින් දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට ගනු ලැබු තීරණය නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අසභ්‍ය ඇඳුමින් සැරසී දුම්රිය මගීන්ට කරදර කරමින් හිඟමන් යැදීම, හිඟමන් නොදුන් විට දුම්රිය මගීන්ට බාධා කරමින් බැන වදිමින් හැසිරීම දුම්රිය ආඥා පනතට අනුව විරුද්ධ දෙයක් බවද එහි නිලධාරියෙක් පැවසීය.
නීතිය ක්‍රියාවට නැංවු පසු ඊට එරෙහිව යමින් හිඟමනේ යෙදෙන යාචකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද දුම්රිය නිලධාරිහු කියති.
මීට පෙරද මෙවැනි නියෝග පනවා තිබුණත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත්වීම සඳහා යොදාගන්නා සෑම වැඩපිළිවෙලක්ම මුදලාලිකරණය වීම පමණක් නොව දේශපාලනීකරණය වූ යුගයක මෙවැනි තීරණ මඟින් හෝ එම තත්ත්වය පාලනය කිරීමට හැකි නම් යෙහෙකි. (නි)
කැළණි වැලි මාර්ගයේ පැයට 20ක අධි වේගයෙන් කොට කොට යන මලකඩ කාපු, ජනෙල් නැති, වැස්සට තෙමෙන පෙට්ටිවලත් ගමන් කරන්නේ මේ රටේ මහජනතාව කියල හිතුවොත් එකත් ජනතා සේවයක්. (ම)
මේක නැතිබැරිකමම නොවේ. බොහෝවිට මෙය හොඳට අතපය තියාගෙන තව කෙනෙකු යටතේ කරන රැකියාවක්. ඔය හිඟාකන හැම කෙනෙක්ම වගේ වැඩ කරන්නේ මුදලාලි කෙනෙක් යටතේයි. මේක දුම්රියට පමණක් නොව, බස් හා කලර් ලයිට් වල හිඟමන් යැදීමත් තහනම් කළයුතුයි (නි)
මෙයාල පුද්ගලික හිගන්නෝ නොවි හිඟන මිනිස්සු මුදලාලිලා විසින් පාලනය කරන්නේ අලුතින් කෙනෙක් ගියොත් ගහනවා රැඳු කරනවා මගේ නම් අදහස කිසිම හිගන්නෙකුට සල්ලි දෙන්න එපා පාරේ හිගකන (ම)
අම්මෝ ලොකු පිනක්.(ම)
ලොකු කරදරයකින් අපි ගැලවෙන්න යන්නේ (ම)
ඇත්තටම ඉතාම හොඳ යෝජනාවක් (නි)
නීති ක්‍රියාත්මක කළොත් හොඳයි. දුම්රිය ධාවනයේදී දොරටු වසා තැබීමට නියම කළොත් තවත් හොඳයි. දුම්රිය තුළ ජංගම වෙළඳාම තහනම් කරන්න. දුම්රිය භෝජන ශාලාව නැවත ස්ථාපිත කර ගුණාත්මක සේවයක් ඇති කරන්න. අලුත් දුම්රිය මැදිරි ගෙන්වන්න. (නි)
ඇත්තටම මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)
දුම්රියේ පමණක් නොව කටුනායක ගුවන්තොටුපළේත් පැමිණීමේ පර්යන්තයේත් සේවය කරන සේවකයන් තම සේවක හැදුනුම්පත බෙල්ලේ එල්ලාගෙන පිරිසිදු ඇදුමින් සැරසී රට සිට පැමිණෙන මගීන්ගෙන් සහ විදේශීය සංචාරකයන්ගෙන් ඩොලර් එක , දෙක හිගාකනවා , තව සමහරු(නිල ඇදුම් සහිත පොර්ටර්ල නොවේ ) වාහන වලට ගමන් මලු පටවන විට පැමිණ බලෙන්ම ගමන් මලු පටවා මුදල් ඉල්ලති . කෝච්චිය ගැන සොයනවා වගේම ගුවන්තොටුපළ ගැනත් සොයා බලන්න (බ)
මේක හොද දෙයක්. දුම්රිය වල දොරවල් වහනවා නම් තව වැඩිපුර දුම්රිය දන්නා වෙනවා. දැනට තියෙන දුම්රිය ප්‍රමාණවත් නැහැ වෙලාවක් නැති නිසා... (හේ)
ඒ වැඩේනම් ගොඩක් හොදයි.(හේ)
දුම්රිය තුළ ජංගම වෙළඳාම තහනම් කරන්න. දුම්රිය තුළ වෙළදාම කරවලා සල්ලි ගන්න වෙනම කණ්ඩායමකුත් ඉන්නවා. මේ දුම්රිය තුළ වෙළඳාම් කරන අයගෙන් මඟී ජනතාවට හරිම කරදර විඳින්න වෙනවා (නි)
මහින්ද, ඔයා පසුගිය කාලේ පත්තර බැලුවා නම් ඔයාගේ ප්‍රශ්නයට උත්තර සොයාගන්න තිබුනා. ඔය හිඟාකන අය අපිට වඩා පොහොසත්. බලාගෙන ගියාම අපියි හිඟන්නෝ. මොකද අපිට අනුන්ගෙන් ඉල්ලාගෙන කන්න තරම් ශක්තියකුත් නැහැ. නමුත් ව්‍යාජ හිඟන්නන්ට එය ප්‍රශ්නයක් නැහැ. (නි)
හිගන අයත් මේ රටේ මිනිස්සු. වෙනසකට ඇත්තේ ඡන්දය නැතිවීම වෙන්න ඇති. නමුත් රට පාලනය කරන අය ඔවුන් ගැන බලන්න ඕනේ. සමහර හිගන්නෝ ඉන්නවා මග යන්න පණ නැහැ. ඔවුන් මහලු නිවාස වලට ඇතුලත් කරන්න ඕනේ. මේ අයගේ සුභ සාධනය ගැන හොයන්න ඕනේ. හිග මනේ යවන එක නෙමෙයි කරන්න ඕනේ. (බ)
ඇත්තටම මේ සිඟමන් යදින්නන් මඟීන්ට මහත් හිරිහැරයක් (නි)
ඉල්ලන් කන අය මේක ගැන දැනුවත්ද? කවදත් නැති බැරි අය දෙස ඇති හැකි අය බැලුවේ කරදරකාරයො විදිහට (නි)