අතිසාර්ථක "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ දමිළ සිනමා නිළි ඉලේනා ඩී කෲස් ඉදිරියේදී නිර්මාණය කිරීමට සූදානමින් සිටින "ජුඩ්වා" චිත්‍රපටයේ දෙවැන්න සඳහා තෝරාගෙන තිබෙන බව සඳහන් වේ. මෙහි ප්‍රධාන නළු චරිතය වරූන් ධාවන විසින් නිරූපණය කරන අතර, ඔහුගේ එක් සිනමා පෙම්වතියක ලෙස ඉලේනා රංගනයේ යෙදෙන බව සඳහන් වේ.
මීට පෙර ඉලේනා, වරූන් ධාවන් සමග "මෙන් තේරා හීරෝ" චිත්‍රපටයේ රංගනයෙන් දායකව සිටි අතර, එයද ආදායම් අතින් සාර්ථක එකක් විය. "ජුඩ්වා" චිත්‍රපටයේ වරූන් ධාවන් ද්විත්ව චරිත නිරූපණය කරනු ලබන අතර, ඉලේනා සමගින් බොහෝදුරට වරූන්ගේ අනෙක් නිළි පෙම්වතියගේ චරිතය සඳහා ශ්‍රද්ධා, ශ්‍රෑති හෝ ජැකලින් තෝරා ගනු ඇතැයි "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd