
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග සෙල්ලම් පිස්තෝලයක්, යතුරුපැදියක්, ජංගම දුරකථන හතක් හා ,හොරයින් මත්කුඩු මිලිගෑම් 7500 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම පුද්ගලයා මිතුරන් කීපදෙනෙකු හමුවීම සඳහා උමගිලිය ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියදී කොලොන්නාව දෙස සිට සුදු පැහැති ආරක්ෂක හිස් වැසුම් පැළඳ කළු පැහැති යතුරුපැදියකින්, කළු පැහැති ජැකට් පැළඳ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු ඉලක්කකර කළු පැහැති ගිනි අවියකින් වෙඩි තබා තිබූ බව පොලිසිය කියයි.
නාඳුනන පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ සිට දෙපාරක් ගිනි අවිය ක්‍රියාත්මක කර ඇතත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් යතුරුපැදියෙන් ඔබේසේකරපුර දෙසට පලා ගොස් තිබිණි .
වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය 31 පුද්ගලයාගේ සහෝදරියට මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් ඉකුත් 3 වෙනි දින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන පුද්ගලයකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඇයට සහ පවුලේ අයට මරණ තර්ජනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පුද්ගලයා ඩුබායි ධනුෂ්ක නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉලක්කය වැරදුණු වෙඩික්කරු මාට්ටු
කසුන් Thursday, 14 December 2023 06:01 PM
සෙල්ලම් පිස්තෝලයක් නම් පත්තු වෙන්නේ නෑ නේද?