වස් කාලය අවසන් විමත් සමඟම උදාවු ඉල් පොහොය නිමිතිකොටගෙන වලල්ලාවිට ගුලවිට ගලපිට ගල විහාරයේ පිංකම් මාලාවක් පැවැත්වූහ
මෙදින උදෑසන කුළ දරුවෙක් පැවදි කිරීම සිදු කළ අතර කඨින ආනිසංශ ධර්මදේශනාව පානදුරේ ගඟුලේ පරම විසුද්ධාරාමාධිකාරී පණ්ඩිත තන්තිරි මුල්ලේ සරන ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූහ
කටුදොර පදිංචි වෙනුර කාවින්ද මෙහිදී පැවදි බිමට එළඹි අතර පැලවත්ත ශ්‍රි සුර්ශනාරාමාධිකාරි මාවනානේ සෝමින්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවදි උත්සවය සිදු කළහ
ගලපිටගල විහාරාධිපති ගුලවිට සිරිනිවාස හිමියන්ගේ අනුසාසනා පරිදි විහාරස්ථ දායක සභාව පිංකම සංවිධානය කළහ


.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් කියන දේට මමත් එකගයි. (නි)
පුංචි හාමුදුරුවනේ, මේ සසුන, බුදු දහම රකින්න ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා! (ස)
කුමාර් සහ මධු කියන අය කිසි දෙයක් නොදැන කතා කිරීම පවක්.එම දරුවාට වයස වර්ෂ හතක් සම්පුර්ණ වෙන්න ඕනෑ මහන වෙන්න නම්.එම දරුවාගේ අපේක්ෂාව තිබීමත් වැදගත් වෙනවා.අනික ඔහුට යම් දවසක තේරුනොත් මහනකමෙන් ඉවත් වෙන්න කියලා ඒකත් කරන්න පුළුවන්.අනික අපි දරුවන්ගේ කැමැත්ත නැතුව කොපමණවත් දේවල් දරුවන් ලවා කරවනවද?හිමිදිරියෙන් නැගිටවන එකත් එහෙනම් හරි නැහැනේ.ඉස්කෝලේ යන්න ආසා නැති දරුවන්ව බලෙන් ඉස්කෝලෙට යවන එක.ආණ්ඩුවත් අනිවාර්ය කරලා තිබෙනවා නීතියෙන්.එහෙනම් ඒකත් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් වෙනවනේ.දුප්පත් දරුවෝ පමණක් නෙමෙයි මහන වෙන්නේ.උගතුන් ධනවතුන් පවා මහන වෙනවා.ඊර්ෂ්‍යාව සහ මෝඩකම නිසා තමයි ඔය වගේ අපහාස කරන්නේ. (නි)
ආදර අම්මේ තාත්තේ, ඔබගේ සුජාත භූමියට තව තව දරුවන් බිහිකරන්න. එය ඔබේ පරම යුතුකමයි. ශාසනයට, ගොවිතැනට, හමුදාවට, දරුවන් තුන් දෙනෙක් යොමුකළොත් ඔබ මෙලොව ඉන්න වාසනාවන්තම දෙමාපියන් වේවි. (නි)
කුමාර, කියන කතාවේ ඇත්තක් තියනවා. කවුරු හෝ මහණ වනවිට ඒ පිලිබඳව හොඳ අවබෝධයකින් සහ තේරුමක් ඇතිව මහන වෙනවා නම් ඒක ලොකු දෙයක්. මේ වගේ පුංචි කාලේ කිසිම අවබෝධයකින් තොරව මහණ කිරීම නිසා ඒ ළමය ලොකු වනවිට සමහර විට ඒ ළමයටම දුක හිතෙන්න පුළුවන් ! (ස)
බුදු සරණයි! සාදු සාදු සාදු!!! (නි)
සිංහලයෝ විදිහට අපි සන්තෝස වෙන්න ඕනේ (දී)
අනිවාර්යයෙන්ම ඔව්, කුඩා අල මහණ කරන එක නම් අනුමත කරන්න අමාරුයි. මොකද මේ වයසේදී මහණ කලාම ළමයෙකුගේ ළමා කාලය ලැබෙන්නේ නෑ. අනික එතකොට ජීවිතය ගැන නිසි අවභෝදයක් නෑ. අපේ සමහර හාමුදුරුවරු කරන වැඩ දැක්කා මත් ගොඩක් ලැජ්ජයි. මේ වගේ පොඩි කාලේදී මහණ කලාම තමයි ඒ වගේ ගොඩක් ප්‍රස්න එන්නේ. පොඩි කාලේදී මහණ කලත් කමක් නෑ නිසි අධ්‍යාපනය දීලා. නමුත් මේ වයසේ පොඩි ළමයෙකුට ඒ තරම් ධාරණ ශක්තියකුත් නැහැනේ. ඉතින් මේ කියන්නේ ඉරිසියාවට නෙමෙයි. මීට වඩා හිතන්න. මම අනුමත කරනවා කුමාර් කියන දේ. අනික සැමී වාසියට කතා කරන්නත් එපා. ඇත්ත ඇති සැටියට දකින්න පුරුදු වෙන්න. මහණ වුන පලියට බුදු සසුන බැබලෙන්නේ නෑ. මහණ වුනු කෙනෙක් ඒ මහණ දම නිවැරදිව ආරක්ෂා කරනවා නම් තමයි බුදු සසුනටත් හානි නොවෙන්නේ. ඉතින් මේ වයසෙන් මහණ කලාම අවභෝදය මදි කම නිසා බැබලෙන එක කොහොම වුනත් ලොකු කැළැල් ඇතිවීමේ ඉඩ කඩ වැඩියි. හාමුදුරුවරු ගිනි තියා ගන්නකොට, කාන්තාවන් වැළඳ ගන්නකොට, එල්ලිලා මැරෙනකොට, ගැහැණු එක්ක පැනලා යනකොට. ඒවාට හුඟක් උත්තර මෙතන තියෙනවා. හොඳට හොයලා බලන්න. ඕවට නැඹුරුවන හුඟක් හාමුදුරුවරු පොඩි කාලෙදිම මහණ වුන අය. අපි පොඩි කාලේදී දැකපු දැකපු දේ ඉල්ලනවා. එක එක අය වෙන්න ඕනේ කියනවා. හැබැයි සමහර වෙලාවට අපි ලොකු වෙනකොට ඒවා හොයන්නෙත් නෑ. වෙනවා කියපු අය වෙන්නෙත් නෑ. එතකොට මෙහෙම වුනාම පස්සේ පසු තැවෙන්න වෙනවා. සිවුර ඇරලා යන්න පුළුවන් තමයි. ඊට පස්සේ වුනත් ජිවාත් වෙන්න හුඟක් අමාරුයි. මොකද ගිහි ජීවිතේට පුරුද්දක් නැති නිසා. ටිකක් මේ වගේ දුර දිග හිතන්න එතකොට අවභෝද වෙයි. එකක් මතක තියා ගන්න ඉරිසියාවට නෙමෙයි කිව්වේ.(නදී)
සාදු! සාදු !! සාදු !!! නිවන් දකිත්වා. (නි)
සාදු! සාදු!! සාදු!! (නි)
කුමාර සහ මධූ,ඊර්ෂ්‍යාවට කතා කරන්න එපා (නි)
හතර වරිගෙම නිවන් යන්න පුලුවන් මේ අමිම තාත්තගෙ.(නදී)
මේ වගේ පිම්කම් බලා අපි සතුටු වෙනවා. අනිත් බොහෝ දෙනෙකුට හොඳ ආදර්ශයක්. මම වයසක නිසා ඔය අයවත් තව හුඟාක් දරුවෝ හදල සාසයට පූජා කරන්න සිත් පහල වේවා කියල පතනවා. (ස)
ගොඩාක් නැති බැරි අයෙග් දරුවෝ තමයි මේවට දෙන්නේ,.(නදී)
හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන් මහන කිරීම, බාල වයස් දරුවන්ගේ ජීවිත අයතීන් උල්ලංඝනය කිරීමක්, දෙමව්පියන්න්ගේ මෝඩ අපල දුරුවෙන්න දරුවන් වහලට යැවීමක්. .(නදී)
එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනෙන් , චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සමගින් ! සාදු , සාදු , සාදු , !!!!!! (ස)
ආදරණීය අම්මයි හතර වරිගයම නිවන් දකින්න නුඹට ඔය පිනම ඇති. රත්තරන් අම්මේ නුඹගේ බුදු පුතා බුදු සසුන බබලාවි දවසක අම්මේ.(නදී)
ඇස් දෙකට කදුළු ආව සහෝදර, සහෝදරයනි .....අපි සැදැහැවත් බෞද්ධ රටක මිනිස්සු ...මොන තරම් ලස්සනද... (ස)