
ඉරානයේ විරෝධතා මර්දනය කිරීමේදී, ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඇතුළුව පුද්ගලයන් 2,000ක් පමණ මිය ගොස් ඇති බව එරට රජයේ නිලධාරියෙකු පැවැසූ බව විදෙස් මාධ්‍ය පවසයි.
රජයේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ සිදුවූ මෙතරම් ඉහළ මරණ සංඛ්‍යාවක් පිළිබඳව ඉරාන බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
එම ඉරාන නිලධාරියා සඳහන් කළේ, විරෝධතාකරුවන්ගේ මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද මරණවලට ත්රස්තවාදීන් ලෙස හඳුන්වන පිරිසක් වගකිව යුතු බවටය.
මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත ලෙස හඳුනාගෙන නැතැයි පැවැසෙයි.
රටේ පවතින අසීරු ආර්ථික තත්ත්වය හේතුවෙන් හටගත් මෙම විරෝධතා, අවම වශයෙන් පසුගිය වසර තුනක කාලය තුළ ඉරාන බලධාරීන් මුහුණ දුන් විශාලතම අභ්‍යන්තර අභියෝගය මෙය යැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ගොබ්බ අරගලයට නොදෙවෙනි දෙයක් තමයි ඵහි ජනතාව දැන හෝ නොදැන ඔය කරන්නේ. ඇමරිකානු පරගැති දේශදෝහි කොටස් තමන්ගේම රට ඇමරිකානුවන්ට පාවා දෙනවා කියලා සම හරක් දන්නෙත් නැහැ. ෂුවර් එකටම වෙනිසියුලා ජනපති පාවා දුන් ආකාරයේ දෙයක් ඉරානයේද විය හැකිය. ලෝකයටම සාපයක් වුණා ඇමරිකානුවන්.