(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය කොන්දේසි විරහිතව යටත්විය යුතු බවට ප්‍රකාශ කරද්දී ඉරාන - ඊශ්‍රායල අර්බුදය තවත් දැඩි කරමින් ඉරාන හමුදාව ප්‍රථම වතාවට ෆාටා 1 - හයිපර්සොනික් බැලස්ටික් මිසයිල භාවිත කරමින් අද (18) ඊශ්‍රායලයට පහර දුන්නේය.
එසේම වත්මන් ප්‍රවණතාවන් සමග ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ යුද්ධය ආරම්භ වන්නේ දැන් බවය.
ඊශ්‍රායලයට පහර දීම සඳහා ෆාටා 1 - හයිපර්සොනික් බැලස්ටික් මිසයිල භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් එය ඊශ්‍රායල - ඉරාන අර්බුදය නව අදියරකට ගෙනගිය බවත් පැවැසෙයි.
ඉරාන හමුදාව ඊයේ(18) අදියර දෙකකින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් ඉන් ටෙල් අවිව් නගරයේ ස්ථාන කීපයක පිපිරීම් වාර්තා වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
ෆාටා 1 මිසයිලයට ගුවනේදී ගමන් පථය වෙනස් කිරීමේ හැකියාව තිබෙන අතර ඊශ්‍රායලයේ අයන් ඩෝම් සහ ඇරෝ ගුවන් ආරක්ෂණ පද්ධති මගහැර යාමේ හැකියාවද එම මිසයිලයට පවතී.
ඉරාන - ඊශ්‍රායල අර්බුදයේ 6 වැනි දිනය වූ ඊයේ(18)දාද ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් ගුවන්, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ගත්තේය.
ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකාව ඊශ්‍රායලයේ එකතු වුවහොත් මැද පෙරදිග තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දීමට ඉරානය මිසයිල සහ අවි සූදානම් කරමින් සිටින බවද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
එසේම උඩු ගුවනේ සිට ගුවන් යානාවලට ඉන්ධන සැපයිය හැකි ගුවන් යානා 36 ක් පමණ යුරෝපය වෙත යවා තිබෙන බවත් එම ගුවන් යානා මැද පෙරදිග තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ආරක්ෂා කිරීම සඳහා ගුවනේ සිට ගුවනේ සිට ගුවන් යානාවලට ඉන්ධන සපයනු ඇති බවත් එම පුවත්පත සඳහන් කළේය.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව තීරණය කළහොත් එම ප්‍රහාරක යානා වලටද මෙම ගුවන් යානා ඉන්ධන සපයනු ඇති බවද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.
ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඉරාන - ඊශ්‍රායල අර්බුදය පිළිබඳව යාවත්කාලීන කිරීමක් ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ ඉරානය පසුගිය 13 වැනිදා සිට මේ දක්වා මිසයිල 400 කට වඩා වැඩි ප්‍රමාණයකින් සහ ඩ්‍රෝන සිය ගණනකින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇති බවත් එම ප්‍රහාරයන් ප්‍රදේශ 40 කට පමණ එල්ල වී ඇති බවත්ය.
ඉරානය එල්ල කළ එම ප්‍රහාරයන්ගෙන් හානි වූ බව පවසමින් වන්දි ලබා ගැනීම සඳහා පැමිණිලි 19,000 ක් පමණ ලැබී තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පැවැසුවේය. ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් 24 දෙනකු මියගොස් තවත් 800 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය. එසේම තවත් ඊශ්‍රායල ජාතිකයන් 3800 ක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙන බවද එම කාර්යාලය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් ඊයේ(18) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගිය 13 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරානයේ ඉලක්ක 1100 ට පමණ පහරදී තිබෙන බවත් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම සඳහා ක්‍රමානුකූලව පහර දෙමින් සිටින බවත්ය.
ඉරාන - ඊශ්‍රායල අර්බුදය හමුවේ විදේශයන්හි සිරවී සිටින ඊශ්‍රායලය ජාතිකයන් 100,000 කට ආසන්න පිරිසක් නැවත ගේනවා ගැනීමේ මෙහෙයුම යටතේ සිරවී සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් රැගත් ගුවන් යානා දෙකක් ඊයේ(18) බෙන් ගුරියර් ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. චීනය ඊයේ(18) දින වනවිට ඉරානයේ සිටි චීන ජාතිකයන් 800 ක් මුදාගෙන තිබූ අතර තවත් 1000 මුදා ගැනීමට සූදානම් බවට නිවේදනය කර තිබිණි.
එසේම ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් එරට වැසියන් 585 ක් මියගොස් ඇති බවත් තවත් පුද්ගලයන් 1326 ක් තුවාල ලබා ඇති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලය ඊයේ(18) දිනද ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන සහ හමුදා ඉලක්කවලට ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඒ සඳහා ප්‍රහාරක ජෙට් යානා 50 ක් පමණ ඊශ්‍රායල හමුදාව භාවිත කර තිබිණි.
ඉරානයේ කමන්ෂා ගුවන් කඳවුරේ තිබූ ඒ.එච් - 1 හෙලිකොප්ටර් යානා 5 ක් බෝම්බ දමා විනාශ කළ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. ඉරාන - ඊශ්‍රායල අර්බුදය තවත් දැඩි වීමත් සමග ඉරාන උත්තරීතර නායකයා ඊයේ(18) ජනතාව රූපවාහිනිය ඔස්සේ ඇමැතීමට නියමිතව තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරාන නායකයාගෙන් තර්ජනයක්
Nickon Wednesday, 18 June 2025 05:41 PM
කමේනිට ගොක්කොල පෙනී ඇත.
NANDEWednesday, 18 June 2025 06:22 PM
ඔය ටොයිලට් හෝදන කෙනෙක් නේද?
saman Wednesday, 18 June 2025 06:12 PM
සත්‍යය ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. ඊශ්‍රායල් ජනාධිපති පිටරටක ඉන්නේ කියන එක ඇයි මේ ගොල්ලෝ දන්නේ නැත්තේ... ඒ වගේම ඊශ්‍රායලය නැති වෙන්නයි යන්නේ. ලංකාවේ කට්ටිය ඉක්මණට ලංකාවට කැඳවා ගන්න.