අලුතින් ආපු බදු සම්බන්ධයෙන් පුංචි පුංචි කතා බහක් තියන බවත් හරියට අයවැයක් සමග ආණ්ඩුවක් පටන් ගත්තේ මේ දෙසැම්බර් මාසෙන් පසුව බවත් මාස තුනට මේ හැමදේම කරන්න අමාරුයි බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (11) සිරිකොත දී පැවසුවේය.
රට හරි මාර්ගයේ ගමන් කරනා විට ඇතැමුන් අහුමුලු වල සිට කෑ ගසන්නේ තම දේශපාලන බංකොලොත් බව වසා ගැනීමට බව ද ඔහු පඅවසුවේය.
“ආණ්ඩුවේ ක්‍රියා හැමදේම හරි කියන්නේ නෑ.නමුත් රටේ යම් කිසි වෙනසක් තියනවා.විශ්‍රාම වැටුප වැඩි කරලා, ගෑස් මිල අඩු කරලා, ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කරලා, කිරිපිටි, සීනි, මිල අඩු කරලා එන ගමනෙදි පොඩි පොඩි අඩු පාඩුකම් වෙනවා.” යනුවෙන් ද ඔහු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකයි. (ර)
අපිට පෙනෙන්නේ නැහැ ඔබතුමන්ලා කරන වැඩක් නම්. අනුන්ගේ ඒවා හොයන එක නම් පේනවා (නි)
මේගොල්ලෝ පත්වෙලා තවම මාස තුනද පඩිගත්තේ?(බ)
කෝ ඉතින් මොනවා කිවුවත් කළ වැඩක් නැහැනේ. මොනවාද කළේ මේ අවුරුද්දට? (නි)
කතා කරාට වැඩක් කෙරුණේ පාටක් නම් නෑ.(හේ)
මෙයාල හිතන් ඉන්නේ ජනතාව මෝඩයෝ කියලා (හේ)
‘කතාවේ හැටියට කෙරුවාව නෑ‘(හේ)
කවුරු මොනවා කළත් මොකද, තමන් තමන්ගේ වැඩ ටික හරියට කරනවා නම්... (නි)
ඔය කතා කිවුවා කියලා අපේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැනේ මහත්තයෝ (නි)
වැඩි පඩි ඕනෑ, ලාබෙට කන්න ඕනෑ, නිකන් බෙහෙත් ඕනෑ, නිකන් අධ්‍යාපනය ඕනෑ, නිකන් පොහොර ඕනෑ, නොගෙවන ණය ඕනෑ, ලාබෙට ගමන් යන්න ඕනෑ, ලාබෙට රෙදිපිළි ඕනෑ, ලාබෙට යතුරුපැදි ඕනෑ, විශ්‍රාම වැටුප් වැඩි කරන්න ඕනෑ.... ඉතින් තව මොනවද? (නි)
ඔබතුමා ජනතාව වෙනුවෙන් කතාකරන කෙනෙක්. මන්ත්‍රී පර්මිට් නිසා ලක්ෂ ගණනක් බදු රජයට අහිමි වෙනවා. මේක අහෝසි කිරීමට ඔබතුමා පෙරමුණ ගන්න. (නි)
කතා කරා ඇති. වැඩ කරන්න. (ර)
2015 ජනවාරි 8 ඉඳන් මොකද කරේ?(කෞ)
නමුත් ඉතින් තවමත් කතා පමණයි. වැඩ නම් දකින්න ලැබෙන්නෙම නැහැ. (නි)
ඔබ තුමන්ගේ රාජකාරිය හරියට කරනවානම් අහු මුළු ගානෙ රින්ගන්න ගියේ මොකටද? (ර)
කවුරු ඊර්ෂ්‍යා කළත් තමන්ට ස්ථිර අරමුණක් ඇත්නම් එය ජයගැනීම අපහසු නැහැ (නි)
වැඩ ඕනෑ අපිට, පම්පෝරි එපා. නිදහස නොදී අපිට සුද්දා හිටියා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. තවත් කතා එපා (නි)
ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ර)
මටනම් පෙනෙන්නේ අවුරුදු 5 ටම මොනවත් කරගන්ට බැරිවෙයි මෙහෙම කටින් බතල කොළ හිටව හිටව හිටියොත්. පහුගිය රජයේ වැරදි ගැන ජනතාව දන්නවා, ඒ ගැන අමුතුවෙන් කියන්ට ඕනේ නැහැ. ඉදිරියට තියන වැඩ ටික හරියට කරන්ඩ වග බලාගන්ට. (ර)
‘කතාවේ හැටියට කෙරුවාව නෑ. (ර)
ඩිජිටල් සිහින සහ මහපොළොවේ යථාර්ථය අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. (නි)
මේ වගේ කතා අහ අහ ඉන්න තමා අපිට ඉන්න වෙලා තියන්නේ. (ර)
පේනවා බංකොලොත් වෙලා ඉන්නේ කවුරුන්ද කියලා කිවුවේ නැතත් ඇහැටම ඕන පොට්ටයෙකුට. (ර)
ඉනෝකා, දැන් වත් නැගිටලා ඇස ඇරලා අවට බලන්න මොකද වෙන්නේ කියල! (බ)
ගරු ජනාධිපතිතුමනි, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසිකර එම මුදලින් පොහොර සහනාධාරය ගොවියාටම කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට ප්‍රමාණවත් ලෙස වැඩිකරන්න. රටම නිරෝගී ජාතියක් වේවි (නි)
මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් ජනතා සුබසාධනයට පරිත්‍යාග කිරීමට වෙනම අරමුදලක් ආරම්භ කරදෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. (නි)
සියලුම සහනාධාර නැති කරලා , අනෙකුත් සැම භාණ්ඩයකම මිල වැඩිවෙලා . ඔබතුමා පොඩ්ඩක් කඩේකට ගොඩවෙලා බලන්නකෝ. (ර)
ගරු අගමැතිතුමනි, සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාර පිරමීඩයට අයත් ආහාරවල මිල බාගෙට බාගයක් අඩුකරලා දෙන්න. රට දියුණු කරන්න නම් මුලින්ම නිරෝගී ජාතියක් බිහිකරලා ඉන්න. (නි)
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. (ර)
ඔයාලා කතා කිය කියා ඉන්නවා. අරෙහේ බඩු මිල අහස උසට යනවා (නි)