IMG-LOGO

ඉරානය සටන් විරාමය කඩයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සටන් විරාමය ක්‍රියාත්මක කර පැයක් යන්නටත් මත්තෙන් ඉරානය සටන් විරාමය කඩ කළ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කළේය. 

ඉරානය ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් අවම වශයෙන් එක් බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයට එල්ල වූ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් කළේය.

බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල වීමත් සමග අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් ගුවන් ආරක්ෂණ පද්ධතිය එම මිසයිලය විනාශ කර දැමූ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් පැවැසුවේය.

දින 12 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට එළැඹුණ බව ඉරානය සහ ඊශ්‍රායලය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. සටන් විරාමය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඉරාන සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් අතිශය සාර්ථක වූ බව ප්‍රකාශ කළේය.

ඉරානය සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් අතිශය සාර්ථක වූ බව නිල වශයෙන් ප්‍රකාශ කරද්දී ඇමෙරිකාවද ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුම අතිශය සාර්ථක වූ බව ප්‍රකාශ කළේය.

ඉරාන - ඊශ්‍රායල යුද්ධයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව ඉරානය "ටෘ ප්‍රොමිස් 3" මෙහෙයුමත්, ඊශ්‍රායලය " රයිසින් ලයන්" මෙහෙයුමත්, ඇමෙරිකාව "මිඩ්නයිට් හැමර්" මෙහෙයුමත් ක්‍රියාත්මක කර තිබිණි.



අදහස් (0)

ඉරානය සටන් විරාමය කඩයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site