ඉරානයේ 28 වැනි නාවික බළඇනිය යුද නැව් හා තරීක් සබ්මැරීන සමූහයක් සමග බෝම්බායට හා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉරානයේ ෆාර්ස් ප්‍රවෘති සේවය කියයි.
තම යුද නැව් සමූහය දකුණු ආසියාව බලා යාත්‍රා කරන බව නාවික මෙහෙයුම් නායක ලුතිනන් කමාන්ඩර් සියාවෂ් ජරේ නිවේදනය කිරීමත් සමගම එම නැව් මුම්බායි හා කොළඹ වරායන් වෙත පැමිණි බව ෆාස් කියයි.
ගමනේ අරමුණ පැහැදිලි නැතත් ඉරාන නාවික හමුදාවේ විදේශ මෙහෙවරට තීරණාත්මක වැදගත් කමක් මෙම ගමනින් සැපයෙතියි ෆාස් පුවත් සේවය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා වැඩ කරන්නෙය් ඊස්ශ්‍රායෙල් වලද? බටහිර රටවල් කියන පදයට හැමදාම නටන්න ගියොත් අපිට ඉන්න වෙන්නෙ හැමදාමත් උඩ බලාගෙන තමා. (අ)
කොන්ද පණනැති ආරියසේන. හරියටම අපේ ලොක්කො වගේ. අපේ කොන්දත් නැති කරලා දානවා. (ස)
ඊිලගට එකක් හදන්න හරි ගන්න හරි බලයි අර සුප්‍රිමි සේටි එක වගේ.(ස)
ලංකාවේ හොදම මිතුරෙක් . බටහිරට ගැති නොවන ස්වයන් තීරණ ගන්න රටක්..(නදී)........
අපේ විදේශ ප්‍රතිපත්තිය ජේ ආර් ගේ කාලයේ ඉඳන් ගමන් කලේ රුයිතෙට. අපට බටහිර රටවල් ගහනවා කියල මුස්ලිම් රටවල් ලංකර ගැනීම මල්වරවූ හීන් එකීගේ තනියට අල්ලපු ගෙදර චන්ඩි සිමා ට එන්න කිව්වා වගේ වැඩකි. නමුත් බොහෝ දේශපාලඥයින්ගේ පවුල් වල අය, නෑදෑ හිතවත්තු දරුවන්ට උසස් අධ්‍යාපනය දෙන්න අරින්නේ, සාප්පු සවාරි නිවාඩු ගත කරන්න යන්නේ එංගලන්තය ට හා ඇමෙරිකාවට. ගිලෙන්න යන කොට පිදුරු ගහෙත් එල්ලෙනවා.(නදී)
මාර කෙලියක් වේවිද මන්දා. මේ අය එකාට එකා මරා ගත්තොත් චීන පිහිට තමයි.(නදී)
අපි ඉරානය එක්ක හොඳට ඉන්න එක හොඳයි. තෙල් ටිකවත් ලාබෙට ලැබෙන්න පුළුවන්. අපිට පුලුවන්ද හැමෝමව සතුටු කරන්න. ඉස්සෙල්ලා බලන්න ඕනා අපේ වාසිය (නදී)
පිටිගල සහ උපාලිගේ කතාව එක් කෙනෙක් වගේ.තමන් තමන්ටම හොඳ කියා ගැනීම කියන්නේ ඕක තමා.තමන්ගේ මට්ටම් තම්මට්ටම්.. (ස)
2014 දී ලෝකයේ ලොකුම බලවතා ශ්‍රී ලංකාවයි. (අ)
ඉරානය බය නැති නායකත්වයකින් පෙරට යන රටක්. අපි ඔවුන්ගේ මිතුරන් වීම නුවනැති ක්‍රියාවකි. තෙල් සම්පත් රටකි.(නදී)
බයවෙන්න එපා. ඕවා රුසියානු පරණ සබ්මැරින් වෙන්න ඇති (නි)
මධුට කවදා මොලේ පැදෙයි ද දන්නේ නැහැ. පිටිගල නිවැරදියි. (නදී)
ඉක්මනට ඊශ්‍රායලයට දැනුම් දෙන්න ඕනි. මේක ඒ තරම් සුබ වාදී නෑ. කවදා අපේ අයට මොලේ පෑදේයි ද දන් නෑ ? (ස)
සත්‍යයා, ඔබ සමග මමත් එකගයි. (නි)
අපේ අයත් ඉතින් ඔයවගේ සබ්මැරින් එකක් පිටරටකින් ආවොත් එහෙම,බොහොම සතුටින් පිළිගනීවි (නි)
මේ කට්ටිය මොකටද මෙගේ එන්නේ? අපිට තිබෙන ප්‍රශ්න විසදාගන්නත් නොහැකිවයි අපි ඉන්නේ (නි)
ඒත් අපේ අය දන්නවා ඊශ්‍රායලයයි ඇමරිකාවයි කියන්නේ කොහොම අයද කියලා. (නි)
මේ කට්ටිය මොකටද ඒ පාර එන්න හදන්නේ? (නි)
මොකක් ද වෙන්න යන්නේ. ඇමරිකාව අපට ආර්ථික සම්බාධක පනවයි ද? මේ ප්‍රශ්නය නිසා. (ස)
මේක ඇවිල්ල ඩබල් ගේමක් වගේ .ඕන ඕන විදියට කොහොමද මේවා එන්නේ.මේක හොදට මොලය කල්පනා කරලා කරපු වැඩක්.අපේරටට අපරා ධ කරන අයටත් දැනෙන්න කරපු වැඩක් වගේ.බලමු මොකද වෙන්නේ කියා(ස).
අඩුවකට තිබුනේ මේ අය විතරයි. දැන් ඒකත් හරි නේ. (නදී)
බලමු මොනවද කියලා. (නි)
ආරියසේන බයද? මේ ගොල්ලෝ ඇවිත් ඇත්තේ එයාලගේ න්‍යෂ්ටික අවි අරන්, ඒවා මෙහෙට විකුනන්ඩ නෙමේනේ. (නදී)
ඔන්න දැන් ඇමරිකන් කාරයා කුලප්පු වෙයි.(නදී)
ඉක්මනට යන්න, දන්නවනේ ඇමෙරිකාවේ හැටි (නදී)
ඉරානය න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගන්නේ අවි නිපදවීමට නොව ශක්තිය නිපදවීමට බව ලොවට පවසා ඇත. ඔවුන් සතුව දැනට ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මගින් එසේ කල නොහැකි බවද පවසා ඇත. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ දියුනුවීගෙන එන යුද ශක්තියේ හැටියට ප්‍රාදේශීය සමතුලිත භාවය රැක ගැනීමට ඉරානය යුදමය අතින් ස්ථාපනය විය යුතු බව නොරහසකි. (නදී)
ඊශ්‍රායල්කාරයා රටවල් කුලප්පුකරලා තියලා ඒ රටවල් ගහන ෙකාට දුවලා දුවලා ගිහිල්ලා අැමරිකන් කාරයාෙග් කලිසම අස්ෙස් හැංෙගනවා හැමදාම ඉතින් කොහොමද ගහන්නේ.(ස)
මොකාටද එන්නෙ කියලා හොයලා බෙලුවානම් හොදයි (ස)
පිටිගල මිලානෝ සමග 100% ක් එකඟයි. බල තුලනය අත්‍යවශ්‍යයි. නැත්නම් ලෝකයේ ඉතුරු වෙන්නේ මහා බලවතුන් කියා ගන්න තක්කඩි ටිකත් ඔවුන්ට ආවඩන හෝ ඔවුන්ගෙන් බැටකන කණ්ඩායම් දෙකත් විතරයි. (ස)
ඇයි ඇමරිකාවත් කිවනේ ඉරානයට ආර්ථික සම්බාදක පනවන්න එපා කියලා . ඒක නිසා ඔය රවුමක් දාල යන්න එනවා ඇති. (නදී)
මොන දේ කලත් මේ රටේ අහිංසක මිනිස්සු තමයි තවත් අසරණ වෙන්නේ. (ස)
ආපු එකේ අපිටත් එකක් දෙකක් දීලා ගියා නම් නේද හොඳ, මොකද අපේ මිත්‍රයනේ.......! කොහොම වෙතත් දැන් බලාගෙන ගියහම ඉන්දියාවට වඩා ඉරානය, රුසියව, චීනය වගේ රටවල් ළං කර ගන්න එක තමයි හොඳ. (ස)
ආදරෙන් ඇවිත් ඔලුව අත ගාන්නද දන්නෙ නැහැ එන්නෙ?? (ස)
බය වෙන්න දෙයක් නැහැ.(නදී)
අපි පෙර සිටම අපේ උදව්වට එංගලන්තේ, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිටිනවා කියා සිතා ඔවුන් කියන කියන දෙයම කරන්න පුරුදුව සිටියා. නමුත් කාලෝචිත ප්‍රඥාවෙන් පිරිපුන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තේරුණා මේ අය 'අඩු හැන්දකින්' අපිට බෙදන බව. ඒ නිසා මෙතුමා වෙනත් විකල්ප රටවල් අපේ මිත්‍රයන් කරගත් බැවින් අපට ත්‍රස්තවාදීන් පරද්දන්න හැකියාව ලැබුනා, පමණක් නොව විශාල ලෙස අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට ඔවුන්ගේ තාක්ෂණය මෙන්ම ණය මුදල් ද ලබා ගන්න පුළුවන් වුනා. බටහිරට ගැතිකම් කිරීම පසෙකලා අපි අපට ගැලපෙන පිලට යා යුතුය. එයින් අපේ ශක්තිය වැඩි කර ගත හැක. ඉන් පසු ඔය කවුරුත් නැවත අප පසුපස එනු ඇත. මතක තබාගන්න, ඩේවිඩ් කැමරුන් අපට බැන බැන ලංකාවට ආවේ සියයකට අධික ව්‍යාපාරික සේනාවක් සමඟයි. (ස)