IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය ඇරැඹෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන - ඊශ්‍රායල යුද්ධයේ අවසන් කිරීම සඳහා ඉරානය සටන් විරාමය බලාත්මක කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අද(24) නිවේදනය කළේය. 

එසේම ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් එය තහවුරු කළ අතර එම සටහනේ සඳහන්ව තිබුණේ "ඉරාන - ඊශ්‍රායල සටන් විරාම ගිවිසුම ඇරඹුනා, එය උල්ලංඝනය නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා" ලෙසය.

දෙරට අතර සටන් විරාම ගිවිසුම අද (24) පෙරවරු 9 සිට ක්‍රියාත්මක බවද ජනපති ට්‍රම්ප් තැබූ සටහනේ සඳහන් විණි.

මීට පෙර ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මීට පෙර සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිය කැමැත්ත ප කළ බවය. 

කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායලය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇතිවූ කෝපය කටාර් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් ඉරානය පිටකර ගත්බව තමන් විශ්වාස කරන බවත් තවදුරටත් ඉරානය ඇමෙරිකාවට ප්‍රහාර එල්ල නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. 

කලාපයේ සමගිය සහ සාමය කරා ඉරානයට දැන් ගමන් කළ හැකි බවත් තමන් ඊශ්‍රායලයද ඒ සඳහා දිරිමත් කරන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.



අදහස් (5)

ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය ඇරැඹෙයි

randil dunuwille Tuesday, 24 June 2025 12:41 PM

ලොවට සාමය උදාවේවා.. යළිත් යුද්ධයක් එපා...

:       0       1

Bishan Tuesday, 24 June 2025 01:16 PM

ඇමරිකාවේ දඩ බල්ලව පාලනය කරනු...

:       2       1

අරවින්ද මොණරවිල Tuesday, 24 June 2025 02:06 PM

ට්‍රම්ප්ටත් තේරෙන්න ඇති ඇමරිකන් හමුදාවේ වැඩ කිඩ ගැන... ඒකයි දඩිබිඩි ගාලා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුවේ...

:       3       0

Anura Tuesday, 24 June 2025 02:13 PM

මේක සඟවා සිටින ඉරාන නයකයින්ව එළියට ගන්න ගහපු උගුලක්, ඊට පස්සේ ඊශ්‍රායලයෙන් ( ට්‍රම්ප් එක්ක එකතුවෙලා ) ඒ ගොල්ලන්ව ටාර්ගට් කරලා මැරුවාම ඇමරිකාව කියයි අපි එම ප්‍රහාරය අනුමත කරන්නේ නැහැ කියලා, එම ප්‍රහාර වලට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියලා, එච්චරයි...

:       2       1

රම්බොඩ Tuesday, 24 June 2025 05:14 PM

මේක හරියට පොඩි එවුන් රණ්ඩු වෙනකොට ලොකු අයියා ඇවිත් යකෙකුට කන රත්වෙන්න ගහලා, සාමයෙන් හිටපල්ලා කිව්වා වගේ දෙයක්. කෙසේ නමුත් යුද්ධ නොකිරීම හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16774 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site