
(නිමල කොඩිතුවක්කු)
ජාතික ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවා ඉරාන - ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ ඉන්ධන සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවිය හැකි බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිටිය යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා පැවසීය.
ඉරාන - ඊශ්‍රයාල් යුද්ධය සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්්‍යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව මේ මොහොතේ ඇති බැවින් ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අභියෝගවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය රටේ ආර්ථීක වර්ධනයට බලපාන බැවින් අයි. එම්. එෆ්. සමඟ උපක්‍රමශීලීව සාකච්ඡා කර ලිහිල් පියවරක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලීමක්ද කළේය.
සාර්ක් සංවිධානය ඇතුළු ගෝලීය සංවිධාන කේන්ද්‍ර කර ගෙන පවතින යුදමය තත්ත්වය පහළ දැමීමට කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක කවුන්සිලය රැස්කරලා ඊශ්‍රායලයට ගහන්නද ගොං සජියෝ.
ඔයා කියනකං තමයි අනුර හිටියේ… දැං කැලේ පීරගෙන සොයයි… මතක් කරාට තැන්කූ…!
ඔයා ලග ඉන්න ආර්ථික ඔස්තාර්ලා ටික ගෙන්නලා මුලින්ම ඕක දැනගන්න බෑද?
රජය ඒ ගැන බලයි.තමුන් පක්ෂයේ නායකයා වශයෙන් අසමගි ජනබලවේගයට වෙන්නේ මොනවද කියලා හොයලා බැලුවොත් නරකද?
ගෑස් හා ඉන්ධන මිල ඉහළ යාම ගැන හොයා බලන්න ජාතික ආරක්ෂක කවුන්සිලය කැදවලා මොනවා කරන්නද හලෝ ! කවුද මෙයාට මේ ලණු දෙන්නේ, මැද පෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට යම් බලපෑමක් වෙනවා නම් ඒ ගැන හොයා බලන්න ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලයක් තියෙනවා. ඒක නියෝජනය කරනවා වර්ථමාන නියෝජ්‍ය මුදල් ඇමති වගේම නව මුදල් අමාත්‍යාංශයේ ලේකම් වැනි ආර්ථික විශේෂඥයන් ඒ නිසා ඔහේ ඔහේ බඃ ගාන්නේ නැතුව ඉන්නවා.
ඔයා කලබල වෙන්න එපා, ඒව ගැන නෙදෙන්න අය නෙවෙයි රට පාලනය කරන්නෙ. අනික වහපු නැති හොමස් සන්ධියක් ගැන කියනවා. ඒක වහනවා නම් කැමති ඇති,නමුත් ඉරාක ඉරාන යුද්ධයෙදිවත් ඒක වැහුවේ නැහැ. ඒක ඉරානයට විතරක් අයිති එකක් නෙවෙයි. පොර වෙන්න හඬ තැලුවට අන්න ප්‍රාදේශීය සභාවල ගෝලයෝ එක එක විදියට වැඩ කරනවා.
අනේ මෙයා. ජනාදිපතිගේ අණදෙන නිලදාරියද. කට්ටිය කොහොමත් කැමතිනේ ගිනි ඇවිලෙනවට. බලන්නෙ ඒ පහනෙන් දැල්ලෙන් රට පෙරලන්න. මොනවා වුණත් මීහරකෝ ලංකාවට විතරක් නෙමේ. ඒ. අවට රටවල් සේරටම එකම ප්‍රශ්නය. මොනාවා කියලා කරන්නද. දැන් උඹලා කියයි. අපිට රට දුන්නොත්. වහපු ගේට්ටු. අරින්න පුලුවන් කියලද. යුද්දෙන් පස්සෙ හොර නඩේ හොරා කෑවේ නැත්නම් මේ කිසි දේකට බය වෙන්න ඕන නැහැ ජනතාව භාගෙට මැරිලා මීහරක් නඩත්තු කරලා. රටම හිස්වෙලා මුන් හොරාජලා. මේ ඇවිලෙන ගිනි දැල් වලෛන් එන ප්‍රශ්නවලට උඹලා සේරම වග කියන්න ඕන.