ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ ඉදි කිරිමට 1991 වසරේ ඇමරිකා තානාපති කාර්යාලයට බදු දුන් ඉරණවිල ඉඩමේ බදු ගිවිසුම අවලංගු කිරිමට අද (18) කැබිනට් අනුමැතිය ලැබිණි.
එම ගිවිසුම අදාළ කාලයට පෙර අහෝසි කිරිමට ඇමරිකා තානාපති කාර්යාලය ඉල්ලා තිබිණි.
ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර 166.038 කි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් විශ්වාස නැහැ. කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඕක සින්නක්කරම දිලාද දන්නේත් නැහැ. (නි)
මේක සිද්ධවෙලා අවසන් වෙනතුරු මටත් විශ්වාසයක් නැහැ (නි)
සුධීරගේ කතාව හරි. ඒ කාලේ එහෙමයි සිද්ධවුණේ (නි)
දැන් ඉතින් බෙන්ස් හරි රෝල්ස් රොයිස් කර්මාන්ත ශාලාවකට මුල්ගල තියාන්න පුළුවන්. (නි)
එදා සිට අද දක්වා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය කොපමණ අපේ රටේ වල දමන්න ඇද්ද? අද මේ තියෙන පිළිකා වසංගතයට මේවා ප්‍රධාන හේතුවක් (නි)
ඒ මිනිස්සු එපාකියල ගිය නිසා ගිවිසුම අවලංගු කරාවී. එ්කත් හරියට පාලුගෙදර වලන් බිඳිනවා වගේ. (අ)
90\' දශකය මුලදී ශ්රීලනිපය ප්රමුඛ විපක්ෂය ඉරණවිල විකාශනාගාරය සම්බන්ධයෙන් මරාගෙන නොමැරුනා විතරයි. එයම එදා එජාප ආණ්ඩුව වැටෙන්නත් ප්‍රධානතම හේතු අතර එකක් වුනා, ඉරණවිල ඉවත්කරනවා යි පොරොන්දු වුවත් පොදු පෙරමුණ එදාත් තවත් ඉඩම් දෙමින් විකාශනාගාරය පවත්වාගෙන යාමට ඉඩ දුන්නා, අද තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසා මෙම විකාශනාගාරය එතරම් ඵලදායී නැහැ, ඒ නිසා ඔවුන් එය ඉවත්කරගෙන යාමට සූදානම්, ඉතින් අද අපි කල්පනා කලයුත්තේ එදා සිදුකල උද්ගෝෂණ සහ විවිධ විරෝධතා කොයිතරම් නිෂ්ඵල කාරණයක්ද යන්නයි, එය වර්තමානයේ පවතින විවිධ සංවර්ධන යෝජනා සඳහාද අදාළයි. (අ)