(සිතුම් චතුරංග සහ කාංචන කුමාර ආරියදාස )
කිලිනොච්චිය,ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද(15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පැවසීය.
අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අගල් දෙක බැගින් ජලාශයෙ වාන් දොරටු 11ක් විවෘත කළ බවත් පැවසීය
දින ගනනාවක සිට අැදහැලෙන අධික වැසි නිසා මෙම පියවර ගෙන ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව ඇතැයි ඔහු පැවසීය.
ඒමෙන්ම මේ වසරේ දෙවැනි වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම ක්‍රිාත්මක වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති .
කන්ඩලම ජලාශය වාන් පිහිටි ස්ථානයේ අඩි තිහක පමණ ඉතා ගැඹුරු අනාරක්ෂිත ජලය පිරී ඇති ස්ථානයක් නිසා මෙම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස දඹුල්ල පොලිසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් දැන්වීම් පුවරු සවි කොට රතු පැහැති අවදානම් කොඩි දමා දියට බැසීමට දිය නෑමට නොඑන ලෙස දන්වා තිබේ.
එ මෙන්ම කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය පිහිටා තිබේ , මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇත .
දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් ස්ථානවල රැදී සිටිති.
(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)


(ඡායාරූප: සිතුම් චතුරංග)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd