‘උතුරේ වෙනම රටක් තිබුණා නම් ඒ රටේ ජලය නැති බව උතුරේ මහ ඇමැති ඇතුළු වෙනම රටක් ඉල්ලා සටන් පාඨ මුමුණන දේශපාලනඥයින් අවබෝධ කරගත යුතු යැයි’ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
යාපනයේ තිබෙන්නේ පැරණි ආඬි ළිං පමණක් බව කී ඇමැති ඉරණමඩු වැවෙන් යාපනයට ජලය දෙනවාට වන්නියේ ජනතාව විරුද්ධ වුවත් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් එම පළාතට ජලය දෙනවාට දකුණේ සිංහල ජනතාව විරුද්ධ නොවූ බව සඳහන් කළේය.
ඉරණමඩුවට ජලය ගෙනයන වැඩපිළිවෙලක් පළමුවෙන් ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ බව ද ඔහු කීවේය.
ඉදිරියේදී යාපනයට ඉහළ සංවර්ධනයක් අත්කර දීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා එම කටයුතුවලදී සියලූ දෙනා එකතු වී ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.
දෙමටගොඩ, මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණ භූමියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.
COMMENTS
මිනිස්සු කොටවලා තමන් වැජබෙන්න තනන දෙමල දේශපාලකයෝ නිසා තමයි උතුරේ නැවත අස්ථාවර උනොත් අස්ථාවර වෙන්නේ. (ර)
නියම කියමනක්. (ර)
එතකොට මිනිස්සු කොටවලා තමන් වැජබෙන්න තනන දේශපාලකයෝ නිසා වුන දේවල් සහ වෙන දේවල්... (ර)
ඕක ගිහිල්ල උතුරේ මහා ඇමතිටයි ආණ්ඩුවේ විපක්ෂ නායකයටයි ගෝලයෝ ටිකටයි මුනටම කිවුව නම් තමයි හොද. අපිට ඔය බයිලා අහල දැන් එපා වෙලා තියෙන්නේ. (අ)
ඔය හදවතින් මද කියන්නේ?. ඕක කෙලින්ම කතාකරල කිවනම් ඉවරනේ. කොළඹට වෙලා කෑගහන්නේ.(රේ)
ජාතිවාදය පතුරන අයට හොද පිළිතුරක් ! උතුරේ අය වගේම දකුණේ අයත් තේරුම් ගත යුතු දෙයක්. (ර)
ශ්‍රී ලංකා දේසපාලනයේ 90% ක්ම සිටින්නේ ලෝක හොරු එම අකුසල් කර්මයෙන් මතු අත්මයේදී හොරිකඩ සුනකයන්වී ශ්‍රී ලංකා භූමියේම ඉපදීමට හේතු වේවා.(අ)
මට මෙය දකින්නවත් ආස කෙනෙක් නෙමෙයි. නමුත් කියමන ඇත්ත.(අ)