පකිස්තානයේ කිටපු ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර ඡන්ද රැළියක වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලැබීය.
ඔහු රෝහලට රැගෙන යන විට මද සිහියෙන් සිටි බව සිද්ධිය දුටුවෝ කියති.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු ඔහු ගිය ජනාධිපතිවරණයට තරඟ කර පරාජය විය.
අවංක හා දූෂණයෙන් තොර රටක් ඇති කිරීම සඳහා ඉම්රාන් දේශපාලනයට පිවිසියේය.
ඉම්රාන්ගේ හිසේ පිටුපසට තුවාල වී තුබූ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුයි.හොද සමාජ සේවකයෙක් (නි)
මෙදා පාර ඉම්රාන් ඛාන් ට ජය සිකුරුයි. අනතුරෙන් අසනීප වූ නිසා, අනුකම්පා ඡන්ද ගොඩක් ලැබෙයි කියලා විශ්වාසයි. ජනප්‍රිය පුද්ගලයෙක් හා සමාජ සේවා කටයුතු රැසක් රට වෙනුවෙන් ඉටුකර තිබෙන නිසා ජය ලැබෙයි වගේ පෙනෙන්නේ! (නි)
සුද්දන්ගේ ක්‍රිකට් අධිරාජ්‍ය හොල්ලපු ඉම්රාන් ගැන අපිට දුකයි. ඔබගේ ජයග්‍රහණය ගොඩක් දුරයි. ඔබ දේශපාලනයට නවකයෙක්. පළපුරුදු අය ඔබගේ ජයග්‍රහණය පහසුවෙන් උදුරා ගන්නවා (නි)
ඉක්මනට සුවය ලැබේවා! (නි)
දක්ෂ ක්‍රීඩකයෙක්, හොඳ මනුස්සයෙක් වුණත් පාකිස්ථානය වගේ රටක දේශපාලනය තෝරගත්තු එක බුද්ධිමත් තීරණයක් කියලා මම නම් හිතන්නේ නැහැ. පකිස්තානය, ඉන්දියාව,බංගලිදේශය සහ ලංකාව වගේ රටවල් වල දේශපාලනය බඩගෝස්තරවාදීයි සහ ජාතිවාදීයි කියලයි මගේ අදහස. (නි)
කිසිම ප්‍රශ්නයක් නැහැ. නවලෝකෙට එවුවා නම් හරියට හරි (නි)
හාපෝ ආරක්ෂාව බින්දුවයිනේ. (ස)
ඉම්රාන් ඛාන් පරදින්න ඕනෑ. (නි)
හුසේන්, බඩගෝස්තරවාදී ජාතිවාදී දේශපාලනය නැති කිරීමට නම් මෙවැනි අසුභවාදී සංකල්ප ඉවත් කරලා තමන්ගේම උත්සාහයෙන් කටයුතු කරන්නාවු සුභවාදීව සිතන්නා වු මෙවැනි පුද්ගලයන් ඉදිරියට පැමිණීම අද අත්‍යවශ්‍ය කරුණක් වනවා මෙන්ම බඩගෝස්තරවාදය ජාතිවාදය තුරන්කර භෞමික අඛණ්ඩතාවය රටේ ශෛවරීයභාවය ස්ථාපිත කරන්නාවුද ආරක්ෂා කරන්නා වු සාරධර්මයෙන් පිරි සමාජ පද්ධතියක් ගොඩ නැගීමට නම් මෙවැන්නන්ගේ කැපවීම අවශ්‍යය වනවා ඒකාන්තයි. (නි)
තමන් ඉන්නේ කොතනද, හිටගෙන ඉන්නේ ශක්තිමත් තැනකද, කොතරම් උසකින්ද, කඩාවැටිය හැකිද, එහෙම වුණොත් එය කොතරම් බරපතල අනතුරක්ද කියන දේවල් මනසින් මැන බලා තීරණ නොගෙන ඔතරම් උසකට නැග අනතුරට පත් ඔහුට රටක් පාලනය කළ හැකිද? (නි)
මහේෂ්,දම්මි, ඔයාලගේ ස්වබාව ධර්මයා මොන පාටද? (නි)
අල්ලාගේ කැමැත්ත නිසයි ඔහොම වෙන්නේ (නි)
දේශපාලනයේදී වැටීම්, නැගිටීම්, තුවාලවීම් සාමාන්‍යයයි (නි)
අල්ලාහ්ට මොනවා වෙලාද? (නි)
දේශපාලන මඩගොහොරුවේ වැටුනට වඩා මේක නම්බුකාරයි (නි)
අපේ වගේ රටක වුණා නම් කියයි විජාතික බලවේග වල ඩොලර් ලබාගෙන කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා (නි)
ඔය කවුරු කවුරුත් බලයට එන්නට පෙර පාවිච්චි කරන සුලභ වචන තමයි අවංක, දුෂණයෙන් තොර, සංවේදී, නිහතමානී යනාදිය. නමුත් බලය ලැබුනට පස්සේ හාත්පසින්ම වෙනස් ප්‍රතිරූපයක් තමයි පිළිබිඹු වෙන්නේ. මට මතකයි හරක් හොරකම් වලට සම්බන්ධ කෙනෙකුත් අවංකයි කියලා පෝස්ටරයක් ගැහුවා. (නි)
අනුකම්පා ඡන්ද එහෙත් තියනවද? (නි)
වැටෙන්නේ නැතුව තියේවිද? දෙන්නෙක් ඇගේ එල්ලිලානේ . අනේ මන්ද වැටුනද, ඇදාල වැට්ටුවද කියල හිතන්න. (ස)
වේදිකාව හැදුවේ ලංකා කොන්ත්‍රාත්කාරයෙක්ද දන්නෙ නැහැ (නි)
මේකට බැස්ස කෙනෙක් ගොඩට එනවා බොරු. ජීවිතයත් සමහර විට නැතිවෙනවා. ඉම්රාන්ගේ සුපිරි තත්වය තියාගෙන හිටියානම් ඉවරයි.(නදී)
මිනිසෙකුට හදිසි අනතුරක් වෙන්න බැහැ, එකටත් ආගම ගාව ගන්නවා,මෙහෙමත් මිනිස්සු. (ස)
පුදුම ආරක්ෂකයෝ දෙන්නෙක්. (ත)
මුතුකුඩ ඔබ හරියට හරි. (ත)
මුතුකුඩ, මම ඔබතුමා සමග 100% ක් එකඟයි. නමුත්, එය ප්‍රත්‍යක්ෂ වෙන්නේ සුබවාදීව පටු ආකල්ප නැති ජනතාවක් හිටියොත් විතරයි. (ත)