මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා රියදුරකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිමේ කිසිදු කාර්මික දෝෂයක් නැතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව කියයි.
කාර්මික දෝෂයක් නිසා දුම්රිය ඉබේ ධාවනය වී දැයි සෙවීමට එම විමර්ශනය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු කිලෝ මීටර් කියක් විතර ගිහින්ද .මේකත් කාගෙ හරි අත්හදා බැලීමක්ද දන්නේ නැහැ. වර්ජනවලට සැරසෙන්න වගේ හදන්නේ.කියන්නෙම නැතුව..(නදී)
දුම්රිය ඉබේ යනවිට පාරේ සිග්නල් කොළපාට වෙන්නේ ඉබේමද? මෙය ආශ්චර්යයක්. දුම්රිය ඇංජිම නිපදවූ රටෙන් ගෙන්වා බලන්න (නි)
ඔය ගොල්ලෝ වර්ජන කළාට කමක් නැහැ, දැන් අපට තිබෙනවා ඉබේ යන දුම්රිය. ඕනෑ කරන්නේ ගිලන් රථයක් පමණයි. මේවා අපි හොලිවුඩ් සිනමාවේ දැකලා තිබෙන නිසා එතරම් අරුමයක් නැත. බොලිවුඩ් සිනමාවේ නොවෙයි. (නි)
භූත කෝච්චියක්.(නදී)
හරියටම ගියේ කොහේ සිට කොහාටද කියා පල කරන්න..(නදී)
උපාලි ඔබ නිවැරදියි. හරියට කියලා තියෙන්නේ කාර්මික දෝෂයක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ වගේ.මේක බරපතල දෙයක්. ජීවිත කීයක් නැති වෙන්න තිබුනද? (නි)
රියදුරන්ට හොද පාඩමක්. වැඩ තහනම් කරලා විතරක් මදි (නි)
මාලිගාවත්තේ සිට රත්මලාන දක්වා දුම්රිය ස්ථාන කීයක් පසු කරනවද ඒ කියන්නේ හැම දුම්රිය ස්ථානයකම රාත්‍රී සේවකයෝ හොඳට බුදියනවා කියන එකද ..සමහර විට ඉවසන්න බැරිම තැන ප්‍රවාහන ඇමතිතුමාගේ ගෙදර ගියා වෙන්න පුළුවන් ..(දිල්)
බුත දෝසයක් . දෙහි කපන්න (දිල්)
"ඉබේ ගිය ඇංජිමට ලෙඩක් නෑ" ඒකනේ නිකම්ම ගියේ (නදී)
චිත්‍රපටියකට කියපු කතාව. හරියට අන්ස්ටොප් දෙක කොටස වගේ.(නදී)
පදම වැඩිවුණ දුම්රිය සේවකයෙක්ම අරන් ගියාද දන්නෙ නැහැ ගෙදර මතක් වෙලා (නි)
මොනවා වුනත් අපේ දුම්රිය ඇංජින් බොහොම පිරිසිදුවට තියාගන්නවා. බය නැතුව සුද්දෙකුට වුණත් පෙන්වන්න පුළුවන් (නි)
අර කවුද කිවුවා වගේ ලෝක ගෝලේ කැරකෙනවා නම් ඇංජිම දුවන එක ගැන මොන කතාද (නි)
ලංකාවට මේකෙන් නව නිපැයුමක් කරන්න බැරිද? (නි)
මහින්ද වික්‍රමසිංහ , ඔබ හරි. තව පොඩ්ඩෙන් කළුතරටම යනවා (නි)
මීට පස්සේ කෝච්චියට නගින්ඩ ඉස්සර ඩ්‍රයිවර් ඉන්නවද කියල බලපන් පුතේ. (ස)
ලෙඩ තියෙන්නේ එන්ජිමේ නෙමෙයි මේ රට ක්‍රියාත්මක වන ක්‍රමයේ. ඉහලම තැන ඉඳන් පහලට වෙනකම් බෙහෙත් දුන්නේ නැත්නම් තව අවුරුදු 10 - 15 යනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. (ස)
පණ නැති වස්තුවක් වුණත් වෙලාවට වැඩ කරන්න කියලා ජනතාවට අාදර්ශවත් වෙන්න ඇති.හැමතැනම ජනතාව වර්ජන කරනවනේ (නි)
හිනා යනවා අප්පා. ගිලන් රථයෙන් ගිහින් දුම්රිය නවත්වා ගත්තා කිව්වම. (ස)
නියමයිනේ (නි)
නියමයිනේ,දැන් බය වෙන්න දෙයක් නැහැ දුම්රිය රියදුරුවරු වර්ජනය කළාට ... රියදුරු නැතුව දුම්රිය යවන්න උත්සාහ කරමු (නි).
සෑම වස්තුවක්ම නිසලව සිටී. නැතහොත් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වේ. අහලා නැද්ද නිව්ටන් එහෙම කියලා තියෙනවා. (නි)
නිසි බලධාරීන් මොනවා කරනවද මන්දා? (නි)
මේ ඇන්ජිම මින් පෙර වතාවකුත් මෙහෙම ගියාද? (නි)
මේකට අපි හිනාවුණාට අඬන්න ඕනෑ පුවතක්. මාළිගාවත්තේ ඉඳලා රත්මලානට යනතුරු අපේ සංඥා පද්ධති වලට අහුවුණේ නැද්ද? අහුවුණා නම් මෙවැන්නක් නවතාගන්න ක්‍රමයක් දෙපාර්තමේන්තුවේ නැද්ද? අනික් පැත්තට එන දුම්රියක හෝ නවතා තිබුණ දුම්රියක ගැටුණා නම් සිදුවෙන අනතුර කොතරම් බරපතලද? දුම්රිය පාලන මැදිරි හිස්ව පවතින වෙලාවල් තියෙනවද? ලංකාවේම හින්දා හොඳයි. (නි)
කාර්මික දෝෂයක් තිබෙනවා නම් ඕක ඔය තරම් දුරක් යාවිද? (නි)
අනේ ලොකු දෙයක්. දුම්රිය රියදුරු වරු ඉදලත් මිනිසුවත් යට කරගෙන යන්නේ නොනවත්වා. අනේ මන්දා කෝ මේ රතු එලි ..හරියටම රත්මලානට ගියේ වැඩේ නම් හොදා.(නදී)