(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල චීන කොටුව කුච්චි මලේ ප්‍රදේශයේ පදිංචි මවකට මීට දින පහකට පෙර දාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී උපන් බිළිඳියක් නිවසට රැගෙන ඒමෙන් පසු හදිසි අසනීප තත්ත්වයකින් එම බිලිඳිය මව සමග බේරුවල රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.
එම බිලිඳිය බේරුවල රජයේ රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් සනාථ කර තිබේ.
මෙතෙක් එම බිලිදියට නමක් තබා නොමැති බවත් වයස මිය යන විට දින පහක් බවත් මියගිය බිළිඳියගේ මව විවාහ වී වසර හයකට පසුව ලැබුණු පළමු දරුවා මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේ හරියට වතුරේ ඇතිවෙන දිය බුබුළු වගේ සමහර බුබුළු හැදුණු ගමන් නැතිවෙනවා. සමහර බුබුළු ටිකවෙලාවක් තිබිලා නැතිවෙනවා. තවත් බුබුළු ටබ් එකේ කොනටම ගිහිල්ලා බොහෝ වෙලා තිබිලා නැතිවෙනවා...