IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉඳුනිල්ගේ අවුරුදු තෑග්ග

20160419Indunil-1ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ %මොරණ කඩදාසි^ ටෙලිනාට්‍යයේ %කල්පනා^ගේ චරිතයට පණ පෙවූ බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රියත්වට පත් ඉඳුනිල් නුගවෙල, ගායිකාවක ලෙසද මේ වනවිට ගායන ක්ෂේත්‍රයට පිවිසී සිටින්නීය. ටෙලිනාට්‍යය නිළියකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද නමක් දිනා සිටින ඉඳුනිල්, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන වැඩසටහන් කිහිපයකම ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන්නීය. ගෙවුණු අප්‍රේල් 13 වැනිදා ඇයට පුදුමය දනවන සිද්ධියකට මුහුණපාන්නට සිදුවිය. ඒ ඇයගේ ගීත 6ක් එක්වරම එදින එළිදැක්වීමට අවස්ථාව උදාවී තිබීමය. මේ පිළිබඳව 'සාරවිට' අපිට ඉඳුනිල් මෙසේ අදහස් දැක්වූවාය.

"මගේ අලුත් ගීත කිහිපයක් පසුගිය කාලේ පටිගත කළා. නමුත්, මේ ගීත මම එකින් එක එළිදක්වන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත්, අප්‍රේල් 13 වැනිදා මා නොදැනුවත්ව මේ ගීත සියල්ලම එළිදක්වලා තියෙනවා. ඇත්තටම එය මට පුදුමය දනවන්නක් වුණා. මේ එළිදැක්වුණ ගීත ගැන සඳහන් කරනවා නම් 'මා නෙතු දැහැනේ' ගීතය මා විසින් පද රචනා කළ ගීතයක්. එහි සංගීතය නිර්මාණය කළේ රංග ප්‍රනාන්දු. 'පොඩි කාලේ අම්මේ' පද රචනා කළේ රසික චාමර. ඔහුම පද රචනා කළ තවත් ගීතයක් තමයි 'කඳුළ ළඟ තියා' ගීතය. ඒ ගීත දෙකත් සංගීතවත් කළේ රංග ප්‍රනාන්දු. මම පද රචනා කළ තවත් ගීතයක් තමයි 'මං මුලාවී' ගීතය. රංග ප්‍රනාන්දු තමයි එහිත් සංගීත නිර්මාණ කටයුත්ත සිදුකළේ. ඩිලාන් ගුණවර්ධනගේ කඩවත පිහිටි 'DIVINE STUDIO' හි තමයි මේ ගීත සියල්ලම පටිගත කළේ. මේ ගීත අතරින් එක් ගීතයකට ගීත රූප රචනාවක් කරන්නත් අදහසක් තියෙනවා. මේ සියලුම ගීත දැන් යූ ටියූබ් හරහා මගේ ආදරණීය රසික, රසිකාවියන්ට අසන්න නරඹන්න පුළුවන්.*

බුද්ධික සේනාධීර

 



අදහස් (0)

ඉඳුනිල්ගේ අවුරුදු තෑග්ග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site