(ප්‍රසාද් රුක්මල් )

කොළඹ සිට බදුල්ලට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු ඉන්ධන බවුසරයක් අද (7) පස්වරුවේ බෙලිහුල්ඔය පුවක්ගහවෙල ප්‍රදේශයේදි මාර්ගය හරහා පෙරලීයාමෙන් මාර්ගය පුරා ඉන්ධන ගලායමින් පවතින බව සමනලවැව පොලිසිය පවසයි .

ඉන්ධන බවුසරය මෙසේ පෙරලීයාමෙන් පසුව එම ස්ථානයට එක්‍ රැස් වූ ජනතාව බාල්දි, බේසම් කෑන්වලට මාර්ගය දිගේ ගලායන ඉන්ධන එකතු කරමින් සිටින බවත් මේ නිසාවෙන් එම ස්ථානයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් පොලිසිය කියයි .