IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්ධන කැණීමේ ප්‍රමාදය ගැන කෝපා කමිටුවේ නොසතුට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මන්නාරම් ද්‍රෝණියේ  ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ( කෝපා ) විශේෂ අවධානය යොමුවිය.

බලශක්ති අමාත්‍යාංශයේ 2018, 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරීක්ෂාකිරීම  සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා(05) පාර්ලිමේන්තුවේදී  රැස්වූ අතර මේ කාරණය ගැන අවධානය යොමු වූයේ ඒ අවස්ථාවේදීය

කෝපා කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය)  තිස්ස විතාරණ මහතාය.

මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් පමණ සහ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 5ක් පමණ පවතින හෙයින් එය වසර 60 පමණ අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් බව  2016 වර්ෂයේ දී කමිටුව හමුවේ පෙනී සිටි  අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා සඳහන් කර තිබූ බව කෝපා කමිටුව පවසයි.

එසේම එය රටේ විදුලිබල සැපයුම කිලෝවොට් 1130 දක්වා වැඩිකිරීමට යොදාගත හැකි හෙයින් ස්වභාවික වායු නිපදවීමෙන්   රටට විවිධ අංශ වලින් ඩොලර් බිලියන 200 ක පමණ  වාසියක් සැලසෙන බවද   ඔහු වැඩිදුරටත් සඳහන් කර  තිබුණේ යයි   කමිටුව සඳහන් කරයි.



අදහස් (7)

ඉන්ධන කැණීමේ ප්‍රමාදය ගැන කෝපා කමිටුවේ නොසතුට

jaya Saturday, 07 May 2022 03:48 PM

සෞදි අරාබිය අවුරුද්දකට බැරල් බිලියන 4ක් නිපදවනවා. එහෙම බලපුවාම මේකේ කැණීම් කරලා වැඩක් තියෙයිද? ආයෝජනය කරන්න අපිට සල්ලි නැති හින්දා වෙන රටක් එන්නේ අවුරුදු 50ක් වත් ප්‍රයෝජන ගන්න පුළුවන් නං විතරයි.

:       1       10

අප්පුහාමි Saturday, 07 May 2022 05:22 PM

ඇයි සල්ලි නැහැ කියන්නේ? හම්බන්තොට වරායක් හදලා චීනෙට දුන්නා. මත්තල ගුවන් තොටුපොළ හැදුවා. නෙලුම් කුළුණ, නෙලුම් පොකුණ හැදුවා. අධිවේගී මාර්ග හැදුවා. රාජපක්ෂ නම ගැහුවා. මේවා කලේ සල්ලි වලින් නොවෙයිද? ඒවායින් ආදායම් තිබේද? නැහැනේ... ඉතින් මොළයක් තියෙන පාලකයින් හිටියානම් කරන්න තිබුනේ ඒවාද? නැත්නම් තෙල් කැණීම් වගේ දේවල්ද? තවත් ආයෝජන ලෙසට මිල අඩුකාලවලදී ඛනිජතෙල් මිලට ගෙන ත්‍රිකුණාමලයේ සුද්දා හදපු ටැංකි 100 පුරවාගෙන, මිල වැඩි කාලවලදී විකිණීම කළානම් ආදායම් නැද්ද? ප්‍රමුඛතාව නම ගැසීම මිස රට හැදීම අපේක්ෂාව නොවුණු නිසා නේද රටට කෙලවුනේ? ඇත්තටම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ කිසිම ව්‍යාපෘතියක කිසිම දේශපාලුවෙකුගේ නමක් යෙදීම තහනම් කරන වගන්තියක් ඇතුළත් කළයුතුයි...

:       0       18

Prabha Saturday, 07 May 2022 03:59 PM

ඕක ගොඩදානවට වඩා හොඳ නැද්ද කොමිස්පාරක් ගහලා තෙල් නැවක් ගේන එක..

:       0       11

කිරි පුතා Saturday, 07 May 2022 06:09 PM

මැතිවරණයක් කිට්ටු කරලා මේක කැණීම් කරන්න ගන්නවා. ආයේමත් අමතක කරලා දානවා. ඉස්සර යුද්දෙ වගේ. හිඟන්නාගේ තුවාලේ වගේ. කැණීම් වලට යන මුදල සමඟ ලැබෙන ප්‍රතිලාභය අඩුනම් එය විද්‍යාත්මකව ඔප්පු කරලා අත හරින්න ඕන. බොරුවම කරලා කරලා තමයි කවුරුත් අපේ රට විනාශ කළේ

:       0       10

අරගල රාළ Saturday, 07 May 2022 07:32 PM

ගම්මන්පිල තෙල් ඇමති කාලේ කිව්වේ මන්නාරම් ද්‍රෝනියේ තෙල් අරගෙන විකුණලා ණයත් ගෙවලා රට සුරපුරයක් කරනවා කියලා... ගණන් හදහදා මාධ්‍ය සාකච්ඡා තියලා රටම අන්දපු විදිහ මතකද? මුහුද මැද ට්‍රිප් එහෙමත් ගියේ... මෙයාලා එක්කෝ මිනිස්සු නොමග යවමින් පාලනය ගෙන ගියා.. නැත්නම් කොමිස් ප්‍රශ්ණයක් නිසා වැඩේ යට ගහනවා.

:       2       10

කපිල ද. සිල්වා. Sunday, 08 May 2022 03:02 PM

අපේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ප්‍රතිශතය මෙවන් ව්‍යාපෘතියක් ගැන තේරුම් ගන්න නොහැකි අය... දෙවනුව හැඟීමක් නැතිකම.. ඉහළින් ඉන්න ක්‍රියාකාරීන්ට හේත්තුවක් දාලා විශාල කොමිස් වලින් ගණනක් ගන්න අය තමයි. සියලුම පක්ෂවල ඉන්නේ. ස්වාධීනව මෙවැනි යමක් සත්භාවයෙන්, කලාතුරකින් බුද්ධිමත් අයෙක් කතා කළොත් එයාව නැති වෙන්නම කපනවා. දවස් කිපයක් එක දිගට කතාකරන්න දේවල් තියෙනවා...

:       0       0

කපිල .ද. සිල්වා. Sunday, 08 May 2022 03:07 PM

අප පාර්ලිමේන්තුවේ මෙවැනි දේ කතා කිරිමට සාඛ්‍යතාව ඇති හා උනන්දු අය විරලයි. යම් අයෙක් උනන්දුවෙන් කතා කළොත් කපලා දානවා. හැකි කෙනාට හේත්තු වී ඔවුන්ගේ විශාල කොමිෂන් එකෙන් කීයක් හරි ගන්න අය තමයි වැඩි... ඇත්තටම බහුතරයකට එවන් සිතිමේ හැකියාවක් වත් නැහැ. දින කීපයක් මේ ගැන කතා කළ හැකියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 89 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 232 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 267 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 223 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 326 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 117 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site