(යොහාන් භාසුර)
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු ආයෝජක දූත කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූහ.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළහැකි නව මංපෙත් සෙවීමේ අරමුණින් මෙම හමුව පැවති අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම, හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීණ තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී යෝජනා ඉදිරිපත් විය.
මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ සීඅයිඅයිහි හිටපු සභාපති, අයිසීටී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, හයිකොන් ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ පිරිසක් එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දීය බලශක්ති ප්‍රබලයෝ ආයෝජන සොයා එති
මාලිමාපෙන්දා Tuesday, 01 July 2025 07:59 PM
බංගලාදේශයට සිද්ධවුණු දේ ගැන ඇතුමුන් දන්නේ නැතිව ඇති. මේං ආයෝජකයෝ ආවා කියලා සරම් උස්සාගෙන නටන්න ලෑස්තිවෙන මං වගේ අධික මාලිමා ගැත්තන්ට කිව්වේ. මේවා අනාගත ප්‍රශ්න...