(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් රේගු නීතී උල්ලංඝණය කරමින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද,ඉන්දියන් බීඩී කොළ ඇසුරුම් 13 ක්,බොලෙරෝ කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ද සමඟ කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
මෙම බීඩී කොළ තොගයේ දළ වටිනාකම ලක්ෂ 400 ක් පමණ බව කියයි. බීඩී කොළ ඇසුරුම් ජලය කාන්දු නොවන සේ ඉතා සුරක්ෂිතව අසුරා තිබුණු අතර,කිලෝ ග්‍රෑම් 408 ක් එහි තිබිණි.
සැකකරු පස් වන හරස් වීදීය පුත්තලම යන ලිපිනයේ ස්ථිර පදිංචිකරුවකු වන අතර, තලවිල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි 28 හැවිරිදි අයෙකි.
සැකකරු සහ නඩු භාණ්ඩ කටුනායක රේගු කාර්‍යාලය වෙත භාර දීමට නියමිත ය.කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්ව යි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ඉන්දියන් බීඩිකොළ පන්නන්න බැරිවෙයි