‘ඉස්කෝලේ පටන් ගනිද්දී අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි. ඒත් ඇඳුම් ගන්න, පොත්පත් ගන්න අපට සල්ලි නෑ.‘ යි ආඬිගල ගම්මිරිස්වැව හංසනී කියන්නීය.
ආඬියාගල ගම්මිරිස්වැව ජිවත්වන අලහකෝන් මහතා සිය බිරිඳ සිරියාවතී වැඩිමල් පුතු කේෂාන් (13) දියණියන් වන හංසනී (10) හා චමල්ෂා (6) යන දරු තිදෙනා ජිවත් කරනුයේ කුලී වැඩ කිරිමෙන් උපයා ගන්නා මුදලිනි.
දිනපතා කුලී වැඩ නොමැති අවස්ථාවක දරු තිදෙනාට කන්නට දෙයක් සොයා ගන්නට නැති තරම්ය. එවිට අසල පිහිටි වැවෙන් මාළු කුරියෙක් ගෙනවිත් වේලක් කන්න දී වේල් දෙකක් මේ පවුල බඩිගින්නේ සිටියි.
කටු මැටි නිවසක ජිවත්වන ඔවුන් වැසි සමයේ අන්ත අසරණ වුයේ නිවස අසල පිහිටි වැවෙහි ජල මට්ටම ඉහළ ගොස් එම ජල පහරට නිවසේ කටු මැටි බිත්ති පුපුරා යෑම නිසාය.
බිත්ති වලට මුක්කු ගසා උල්දිය දැමු තෙත පොළවේ පැදුරක් එලා දරු දෙදෙනා බිම නිදාගනියි.
උපකාර පන්තියකට නොයා හංසනී කෞෂල්‍යා පසුගිය ශිෂ්‍යත්ව විභහාගයෙන් ලකුණු 110 ක් ලබා ගැනීමට ද සමත් වුවාය.
පපුවේ අසනීපයෙන් පෙලෙන පියා හා ඇසක් අහිමි මවටත් අතේ ඇගිලි අහිමි පුංචි දියණිය චමල්ෂා ඇතුළු මෙම අසරණ පිරිසගේ සිහිනය යථාර්තයක් කර ගැනීම සඳහා ඔවුනට උදව් උපකාර අවශ්‍ය වී තිබේ.
![photo_00393[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/photo_003931.jpg)
![photo_00395[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/photo_003951.jpg)
![photo_00396[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/photo_003961.jpg)
![photo_00399[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/photo_003991.jpg)
![photo_00401[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/photo_004011.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේ අයගේ ගිණුම් අංකය එවන්න. අහිංසක මිනිස්සු, අපි ඔක්කොම පිහිටවෙමු. ඔන්න යහපාලනය කරනවානම් පින් වැඩක්.. (ර)
රාජගිරියේ, බොරෙල්ල. මේ වගේ පවුල් දහස් ගණන්. කටු මැටි බිත්තිත් නැ... (ර )
මම ඔවුන්ට කතා කළා. යහපාලනයටයි, අරකටයි මේකටයි ඇඟිල්ල දික් කරන්නේ නැතුව කරන දෙයක් ඉක්මනට කරන්න. එය ලොකු පිනක් වේවි. ඔවුන්ට ගිණුම් නැහැ. එය ළඟදී හදාගනිවී. (නි)
මේ අපේම රටේ අපේම මිනිස්සු. එකම අහසක් යට, එකම පොළවක, එකම හුස්මටික අපිටත් නොදැනිම බෙදා හදාගන්නා අපේම අය. වෙනසකට තියෙන්නේ ඒ අය අසරණයි... මේ අයට යම්කිසි ආධාරයක් කිරීමට ඒ අයගේ බැංකුවක ගිණුම් අංකයක් ඇත්නම් කරුණාකරලා මේ පිටුවේම පළකරන්න.මම බලාගෙන ඉන්නවා. (නි)
ලංකාවේ ඉන්න ඇතිහැකි අය මේ වගේ නැතිබැරි අය වෙනුවෙන් මසකට රුපියල් 100 කින් හරි පිහිට වෙනවා නම් මේ වගේ දුප්පත් අයට කොයිතරම් දෙයක්ද? (නි)
උපකාර අවශ්‍ය අයගේ ජීවිත නඟාසිටුවීම අපි කළයුතුය (නි)
අනේ දෙවියනේ! (නි)
ගැහැණු ළමයෙක් සංගීතයෙන් මුසපත්ව අන්දමන්ද වී තනපට විදේශීය ගායකයාට විසිකළ දේවල් සහ මේ දේවල් අතර පරතරය අපිට හොඳට පේනවා. මේ වගේ අන්තිම අහිංසක මිනිසුන්ගේ වේදනා පෙනෙන්නේ නැති යහපාලනයක තරම! (නි)
මේ අසරණ මිනිසුන්ගෙන් ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිය ඇමතිලා මන්ත්‍රීලාට මොකද බැරි මේ වගේ අසරණ මිනිසුන්ට ඔය කැලේ සුද්ද කරලා හරි ගෙයක් දොරක් හදලා දීලා පදිංචි කරවන්න? (නි)
සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මේ පවුලට උදව් කරයි ගෙයක් හදාගන්න. එතුමාගේ තාත්තාත් දුප්පත් මිනිසුන්ට ගොඩක් උදව් කළ කෙනෙක්. අපි කැමති ආණ්ඩුව අරමුදලක් පිහිටවනවා නම් මේ වගේ දුප්පත් අයට උදව් කරන්න. (නි)
ජනාදිපතිතුමනි මේ වගේ අසරණ මිනිස්සුන්ගේ දුකටත් ඉක්මන් ප්‍රතිචාරයක් දක්වනවා නම් කොපමණ හොදද ? මොකද මේවා තමා රටේ සැබෑ ප්‍රශ්න.(හේ)
මේ අයගේ ලිපිනය දන්වා එවන්න. ඔබට පින්! මහා පරිමාණයෙන් නැතත් අහිංසක දරුවන්ට පොත් සහ පාසල් යාමට උවමනා දේවල් අරගෙන දෙන්න පුළුවන්. (නි)
අපේ ඉහළපෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ දේශපාලකයන් අතර වැඩි වෙනසක් නැහැ. මොවුන් දෙගොල්ලන්ටම තියෙන්නේ අසීමිත තණ්හාව. සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්දියාවේ ගංවතුර වලට ආධාර කරන්න යනවා. නමුත් තමන්ගේ උපන් රටේ මෙවැනි දුප්පත් අයට හෝ ආබාධිත රණවිරුවන්ට මේ අයගෙන් කිසිම ආධාරයක් නැහැ. රටේ පාලකයන් මෙගා ව්‍යාපෘති කරන්න කලින් දුප්පත් ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳිය යුතුයි (නි)
අපි අපි අතරම මොනතරම් අසරණ මිනිසුන් සිටිනවාද? (නි)
පවුලේ අයට මුදල් ආධාරයක් කර ප්‍රථමයෙන් පියාගේ පපුවේ අසනීපයට වෙදකම් කළයුතුයි (නි)
කරුණාකර ගිණුම් අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න. මට දරුවන්ගේ ඉගෙනීමට උදව් කරන්න පුළුවන්. (කෞ)
අසරණ මිනිස්සුන්ට පිහිට වෙමු.! (ර)
කරුණාකරලා ලිපිනය සහ අනෙකුත් තොරතුරු ඊමේල් එකට එවන්න ,(කෞ)
කරුණාකරලා ඔවුන්ගේ ගිණුම් අංකය දෙන්න (කෞ)
කරුණාකර ඔවුන්ගේ ලිපිනය සහ ගිණුම් අංකය එවන්න. (ර)
නිවාස ඇමති තුමනි මේ අසරණ මිනිසුන්ට නිවසක් ලබාදෙන්න කටයතු කරන්න පිං.! (ර)