හොරණ බුලත්සිංහල ප්‍රදේශයේදී අඹ ගසකට නැගීමට ගොස් වැටී ඉන්නක් ඇනීමෙන් කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද පෙරවරු 10.30 ට පමණ මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
පසුගිය අඟහරුවාදා තම බාප්පා සමග කුඹුරු වැඩට ගොස් සිටියදී ගසකට නැගීමට ගොස් ඇද වැටී ඉන්නක් ඇනුණු තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) සිසුවාට පැය තුනහමාරක සැත්කමක් සිදු කර එම ඉන්න ඉවත් කළ අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වූහ.
සිසුවා බුලත්සිංහල මැදි විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අද එයි මරු පිංකර ගන්නේ... කුමටද කුසලට කම්මැලි වන්නේ. මාරයා සමග ගිවිසුම් නැති අපේ මරණය ඊළඟ මොහොතේ විය නොහැකිද? (ර)
මදකට සිතන්න. මේ දරුවාගේ අකල් වියෝව දේව දුතයෙකු කර ගන්න .(හේ)
පුතුනුවනි නුබට නිවන් සුව පතමි. (ර)
වියසනය කනෙන් අසා,ජායාරූප වලින් දැකපු අප මහත් කම්පනයට පත්වුණා. ඔබට ඉක්මන් සුවය හා ඔබ වෙනුවෙන් වෙහෙසෙන වෛද්‍යවරුන්ට ශක්තිය ප්‍රාර්ථනය කළා.නමුත් අප සැමට මහත් වේදනාවක් දෙමින් ඔබ දෙනෙත් පියා ගත්තා. අපට මෙතරම් වේදනානම් ඔබ ජීවත් කරවීමට වෙරදැරූ වෛද්‍යවරුනට හා කාර්ය මණ්ඩලයට කෙතරම් වේදනාවක් ඇත්ද ?. ඒ සැමට අපේ ආචාරය.(ම)
මල්ලියේ ඔයාට නිවන් සුව පාර්ථනා කරනවා..(බ)
ඔබ ජීවිතය මෙතරම් වේදනා සහගතව නිමා කිරීම අපි ඉමහත් කම්පාවෙන් ඉවසා සිටිමු . ඔබ අදහන මඟකින් සැනසුම ලැබේවා.(ම)
ඔබට නිවන් සුව පතමි. ඒවගේම ජීවිතය බේරාගන්න මහත් උත්සාහයක් දැරූ වෛද්‍ය කණ්ඩායමට හා සේවකයන්ට අපගේ ප්‍රණාමය (බ)
පුතේ, ඔයාට අමාමහා නිවන් සුව! සසරේ මතු කවදාවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (අ)
දරුවන්ට අපල කාලයක් ලබලා තියෙන්නේ. දෙමාපියනි දරුවන් ඇස් දෙක මෙන් රැකගන්න. දරුවට නිවන් සැප ලැබේවා.! (ර)