IMG-LOGO

ඉන්ධන කෝටාව වැඩි කළත් ත්‍රීරෝද ගාස්තු අඩු කරන්නෑ

(නිමල කොඩිතුවක්කු)

කිව්.ආර් ක්‍රමවේදය මගින් ත්‍රී රෝද රථ හිමියන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.

දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5ක ප්‍රමාණය දෙගුනයක් කිරීම ප්‍රමානවත් නොවන බවත් දෛනිකව පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.

පෙට්‍රල් මිල අවස්ථා තුනකදි අඩු කළ අතර රුපියල් 480 ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370 දක්වා පහළ දැමූවත් ත්‍රීරෝද රථ  සදහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි නොකිරීම හේතුවෙන් ගාස්තු අඩුකිරිමට නොහැකි බව ත්‍රීරෝද රථ සංගම් මෙයට පෙර ප්‍රකාහ කරනු ලැබීය.

කෙසේවෙතත් නොවැම්බර් පළමුවෙනිදා සිට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෙගුනයක් කිරීමට රජය පියවර ගනු ලැබීය.

එම ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බවත් ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය දිනකට ලීටර් 5 දක්වා වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.



අදහස් (8)

ඉන්ධන කෝටාව වැඩි කළත් ත්‍රීරෝද ගාස්තු අඩු කරන්නෑ

Rexi Tuesday, 25 October 2022 01:08 PM

මස් රාත්තලම ඉල්ලනවා නම් වැඩියෙන් දෙන්න ඉන්න ලීටර් ටික නොදී ඉන්න.පාරිභෝගිකයාට වාසියක් නැත්නම් වැඩක් නැහැනේ

:       0       0

Willow Drive Tuesday, 25 October 2022 01:27 PM

මෙයාලට තේරෙන සිංහලෙන් උත්තර දෙන්න - සතියක් රෝද තුන වර්ජනය කරන්න.

:       1       2

තරංග Tuesday, 25 October 2022 01:37 PM

බස් වලට ඩීසල් මිල අඩුකරත් එයාලා බස් ගාස්තු අඩු කරන්නෙ නැත්නම් බස් වලට පමනක් පෙර තිබු මිලටම ඩීසල් ලබාදෙන මෙන් මම ආන්ඩුවට යෝජනා කරනවා. එයින් රටට අදායමකුත් ලැබෙනවා. එමෙන්ම එම ක්‍රමයම ත්‍රීවීලර් වලටද ක්‍රියාත්මක කිරීමෙන් සහ පෙර තිබූ සලාක ක්‍රමයම ත්‍රීවීලර් සදහා ලබාදෙන මෙන් මම ආන්ඩුවට යෝජනා කරනවා. ආන්ඩුවට එම ආදායම ලබාගැනීමට හැකිය. ත්‍රීවීලර් කිසිසේත් පාඩු පිට දුවන්නෙ නෑ. ත්‍රීවීලර් රථ ගාස්තුව අඩු නොකිරීම මත පමනක ඔවුන් සතියකට ලබන ලාබය 800. එම නිසා කාර් සහ මෝටර් සයිකල් වලට පමනක් ඉන්දන් ගාස්තුව අඩුවට සහ කෝටාව වැඩි කිරීමට කටයුතු කරන්න.

:       1       0

ටුක්ටුක් Tuesday, 25 October 2022 07:29 PM

සතියකට රුපියල් 800 ක ලාභයක් නම් ලැබෙන්නේ දවසට 800 ක් ලැබුනත් මදි මෙම කාලයේ ත්‍රීවීලර් කාරයෝ ඔච්චර උනන්දුවෙන් ඔය රක්ෂාව කරයිද?

:       0       0

Athula K Tuesday, 25 October 2022 01:55 PM

දිනකට 5L =සතියට 35, 35 x 25 = 875 Km. සතියට km 875 ත්‍රී වීල් දුවනවද ?

:       0       0

de silva Tuesday, 25 October 2022 02:07 PM

ගාස්තු අඩු කරන්නේ නැතිනම් ඉන්ධන කෝටාව නැවත 5 ට බස්සන්න. මේ හදන්නේ නැවත ඉන්ධන අර්බුදයක් ඇති කරලා අපිව පෝලිම්වල රස්තියාදු කරන්න.

:       1       3

saminda Tuesday, 25 October 2022 02:38 PM

අපි ත්‍රීවීල් වර්ජනය කරමු.

:       1       5

Bamunuarachchi Tuesday, 25 October 2022 06:13 PM

ඉන්ධන කෝටාව වැඩිකරන්න එපා. ඔය හදන්නේ වැඩිපුර ඉන්ධන ලබාගෙන වැඩි ගනනට විකුනලා ලාබ ලබන්නයි. ලීටර් 5ත් වැඩි. ලක්ෂ 10 පමණ ත්‍රීවීලර් තිබුනාට මගින් ගෙනයන ත්‍රීවීලර් තිබෙන්නේ අඩු ප්‍රමාණයක් කියා ඔය ගැන සමීක්ෂණයක් කල ධම්මික පෙරේරා මහතා අගෝස්තු මස 29 දින 360 වැඩසටහනේදී කිව්වා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site