(නිමල කොඩිතුවක්කු)
කිව්.ආර් ක්‍රමවේදය මගින් ත්‍රී රෝද රථ හිමියන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.
දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5ක ප්‍රමාණය දෙගුනයක් කිරීම ප්‍රමානවත් නොවන බවත් දෛනිකව පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.
පෙට්‍රල් මිල අවස්ථා තුනකදි අඩු කළ අතර රුපියල් 480 ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370 දක්වා පහළ දැමූවත් ත්‍රීරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි නොකිරීම හේතුවෙන් ගාස්තු අඩුකිරිමට නොහැකි බව ත්‍රීරෝද රථ සංගම් මෙයට පෙර ප්‍රකාහ කරනු ලැබීය.
කෙසේවෙතත් නොවැම්බර් පළමුවෙනිදා සිට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෙගුනයක් කිරීමට රජය පියවර ගනු ලැබීය.
එම ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බවත් ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය දිනකට ලීටර් 5 දක්වා වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් රාත්තලම ඉල්ලනවා නම් වැඩියෙන් දෙන්න ඉන්න ලීටර් ටික නොදී ඉන්න.පාරිභෝගිකයාට වාසියක් නැත්නම් වැඩක් නැහැනේ
මෙයාලට තේරෙන සිංහලෙන් උත්තර දෙන්න - සතියක් රෝද තුන වර්ජනය කරන්න.
බස් වලට ඩීසල් මිල අඩුකරත් එයාලා බස් ගාස්තු අඩු කරන්නෙ නැත්නම් බස් වලට පමනක් පෙර තිබු මිලටම ඩීසල් ලබාදෙන මෙන් මම ආන්ඩුවට යෝජනා කරනවා. එයින් රටට අදායමකුත් ලැබෙනවා. එමෙන්ම එම ක්‍රමයම ත්‍රීවීලර් වලටද ක්‍රියාත්මක කිරීමෙන් සහ පෙර තිබූ සලාක ක්‍රමයම ත්‍රීවීලර් සදහා ලබාදෙන මෙන් මම ආන්ඩුවට යෝජනා කරනවා. ආන්ඩුවට එම ආදායම ලබාගැනීමට හැකිය. ත්‍රීවීලර් කිසිසේත් පාඩු පිට දුවන්නෙ නෑ. ත්‍රීවීලර් රථ ගාස්තුව අඩු නොකිරීම මත පමනක ඔවුන් සතියකට ලබන ලාබය 800. එම නිසා කාර් සහ මෝටර් සයිකල් වලට පමනක් ඉන්දන් ගාස්තුව අඩුවට සහ කෝටාව වැඩි කිරීමට කටයුතු කරන්න.
දිනකට 5L =සතියට 35, 35 x 25 = 875 Km. සතියට km 875 ත්‍රී වීල් දුවනවද ?
ගාස්තු අඩු කරන්නේ නැතිනම් ඉන්ධන කෝටාව නැවත 5 ට බස්සන්න. මේ හදන්නේ නැවත ඉන්ධන අර්බුදයක් ඇති කරලා අපිව පෝලිම්වල රස්තියාදු කරන්න.
අපි ත්‍රීවීල් වර්ජනය කරමු.
ඉන්ධන කෝටාව වැඩිකරන්න එපා. ඔය හදන්නේ වැඩිපුර ඉන්ධන ලබාගෙන වැඩි ගනනට විකුනලා ලාබ ලබන්නයි. ලීටර් 5ත් වැඩි. ලක්ෂ 10 පමණ ත්‍රීවීලර් තිබුනාට මගින් ගෙනයන ත්‍රීවීලර් තිබෙන්නේ අඩු ප්‍රමාණයක් කියා ඔය ගැන සමීක්ෂණයක් කල ධම්මික පෙරේරා මහතා අගෝස්තු මස 29 දින 360 වැඩසටහනේදී කිව්වා.