
(අංජුල මහික වීරරත්න)
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා කියන නිසාම තෙල් ගැන මට බරපතල සැකයක් තිබෙනවා. මොකද මුන්නහේ තමන්ට අදාළ අමාත්යාන්ශේ බෙහෙත් හිඟය නැති වෙන්නේ ලබන අවුරුද්දේ ඉඳන් කියුවා. තව මාස 6ක් තියෙනවා ලබන අවුරුද්ද වෙන්න. ඉතින් තමන්ට අදාළ නැති තෙල් වෙළෙඳාමක් ගැන මුන්නහේ කියන කතා විශ්වාස කල නොහැකියි
කොහෙන්ද දන්නේ නෑ නැව එන්නේ? ඊශ්‍රායලය වලින්ද?
ඉන්ධන ගැන කතා කරන්න කළින් ඔය බෙහෙත් ටික ගෙනැල්ලා දීලා ඉන්නකෝ...