රාමසාන් මාසයට කලින් සෞදි විදේශ රැකියා ආයතන සංගමය සහ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග ගිවිස ගත් පරිදි ඉන්දියා ගෘහ සේවිකාවන් ඉදිරි මාස 3 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව සෞදි පුවත් පත් අනාවරණය කරයි.ඉදිරි මාස තුන ඇතුළත මෙරටට පැමිණීමට නියමිත ඉන්දියා කාන්තාවන් මේ වන විටත් නියමිත පුහුණු වීම්වලට යොමු කරමින් පවතින අතර වීසා කටයුතුද දැනටමත් කෙරීගෙන යන බවද පවසයි.
සෞදි රියාල් 1200 ක (රුපියල් 41659 ) වැටුපකට සහ යාමට ඒමට ගුවන් ටිකට් පත්ද සමග මෙරටට ගෙන්වීම සදහා සෞදි විදේශ රැකියා ඒජන්සි ආයතන 430 ක් පමණ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග කටයුතු කරමින් සිටින බවද සදහන්ය.
මේ අතර සෞදි අරාබි ජාතික පවුල් සහ අනෙකුත් විදෙස් ජාතිකයින් දහස් ගණනක් ඉන්දියා ජාතික ගෘහ සේවිකාවන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම පුවත් පත් සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මැදපෙරදිගට කාන්තාවන් යැවීම සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි (නි)
හැබැයි එකක් කියන්න පුළුවන්.ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට වගේ අමානුෂික වද මේ අයට දුන්නොත් එහෙම, ඉන්දියාව නිකම් ඉන්න එකක් නම් නැහැ. (දී)
මට අපේ අහිංසක කාන්තාවන් ගැන කණාගටුයි (නි)
ඉන්දියාවෙන් ඕනෑතරම් සෞදි යවපුදෙන්.අපේ රටෙන් යවනවා නම් ඩුබායි ,අබුඩාබි වලට යවන්න. (නි)
ගෙවල්වල පිරිමි ගැහැණු වගේ ගෙදරට වෙලා ඉදගෙන ගැහැණුන්ව රට පටවලා ඒ ගෑනී දුක් විඳලා එවන සල්ලිවලින් කරන්න පුලුවන් ජරා වැඩ සේරම කරලා අන්තිමට දරුවෝ ඉන්නවා නම් උන්වත් කාට කාට හරි වැඩකාරකමට දීල අන්තිමට මුළු පවුලක්ම විනාස වෙනවා. ඔය රට ගමනින් නියම ප්‍රයෝජන ගන්නේ කීයෙන් කී දෙනාද? කාන්තාවන් ගෘහ සේවයට යැවීම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. ඒ වෙනුවට පිරිමියා යනවා නම් නේද හොඳ? කොහොමත් අපේ සංස්කෘතිය පිරිමියා හරි හම්බ කරද්දී දරුමල්ලන් බලාගෙන භාර්යාව ගෙදර දොර රැකීමයි. කවුරු මොනවා කිව්වත් ආදර්ශවත් පවුලක් ගොඩ නැගෙන්නේ මේ පැරණි ක්‍රමයෙන් විතරමයි. (නදී)
ඉන්දියාව කොච්චර දුප්පත් වුණත් කිසියම් ආත්ම ගරුත්වයක් තිබුනා තම කාන්තාවන් වහල්සේවයට නොයැවීම නිසා. නමුත් එම සුබවාදී ප්‍රතිපත්තියත් අවාසනාවකට පාවාදී හමාරයි. (නි)
ලංකාවේ ඉන්න අපේ නැගණියෝ හා අම්මල අරාබියට එවන්න නරක යි අරබිකාරයෝ (99%) ම මනුස්ස කම නැත. මොවුන් නොයෙකුත් ආකාරයේ ශාරීරික හා මානසික පිඩාවන්ට ලක්වෙනවා මෙහි ගතකරන්න සැම මොහොතකම. ලංකා ආණ්ඩුවත් මේ අයගෙන් න යැපීම නවතන්න ඔනේ (නදී)
අපේ අයට අඩු පඩි ගෙවන්නේ අපි කළු නිසා නෙවෙයි. බලධාරීන්ගේ කොන්ද පණ නැති නිසා. මාසෙකට ඩොලර් සොච්චමක් ලංකාවට ආවනම් එයාලට හොඳටම ඇති.(දී)
අපි කළුද අපිට අඩුවෙන් වැටුප් ගෙවන්නේ? (දී)
එදා ඉන්දිරා ගාන්ධි රටේ අභිමානය කාන්තාවන් කියලයි ඔය ගෘහ සේවිකාවන් මැදපෙරදිග යවන එක නතර කලේ. ඒ කියන්නේ දැන් ඉන්දියානු කාන්තාවන් එරටට අභිමානයක් නොවෙයිද?(දී)
අපේ අම්ම්මල, අක්කල, නංගිලා, නැන්දලාඩුබායි යවන්න එපා. අපි එකට කැමති නෑ. ආත්ම ගරුත්වය සහා පව්ල් සමගිය තියා ගනිමු. ආර්ථික ප්‍රගතිය විසදුම් දෙමු. කර්මාන්ත, හෝටල් ඇති කරමු.(දී)
අපේ කට්ටිය ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිනම් එච්චරයි (දී)
ඉන්දියාවෙන් ඕන තරම් ගියාපුවාවේ..අපේ කාන්තාවන් යාම සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ (දී)
කාන්තාවෝ වහල් සේවයට යවල විදේශ විනිමය හොයන එක නවත්තන්න කාලය හරි (දී)
සියල්ල නැති වෙනකොට තේරෙයි (දී)