IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් සෞදියට තවත් ගෘහ සේවිකාවෝ

රාමසාන් මාසයට කලින් සෞදි විදේශ රැකියා ආයතන සංගමය සහ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග ගිවිස ගත් පරිදි ඉන්දියා ගෘහ සේවිකාවන් ඉදිරි මාස 3 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව සෞදි පුවත් පත් අනාවරණය කරයි.ඉදිරි මාස තුන ඇතුළත මෙරටට පැමිණීමට නියමිත ඉන්දියා කාන්තාවන් මේ වන විටත් නියමිත පුහුණු වීම්වලට යොමු කරමින් පවතින අතර වීසා කටයුතුද දැනටමත් කෙරීගෙන යන බවද පවසයි.
සෞදි රියාල් 1200 ක (රුපියල් 41659 ) වැටුපකට සහ යාමට ඒමට ගුවන් ටිකට් පත්ද සමග මෙරටට ගෙන්වීම සදහා සෞදි විදේශ රැකියා ඒජන්සි ආයතන 430 ක් පමණ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග කටයුතු කරමින් සිටින බවද සදහන්ය.
මේ අතර සෞදි අරාබි ජාතික පවුල් සහ අනෙකුත් විදෙස් ජාතිකයින් දහස් ගණනක් ඉන්දියා ජාතික ගෘහ සේවිකාවන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම පුවත් පත් සඳහන් කරයි
 



අදහස් (0)

ඉන්දියාවෙන් සෞදියට තවත් ගෘහ සේවිකාවෝ

සුනිල් Thursday, 14 August 2014 06:37 PM

මම නම් කියන්නේ මැදපෙරදිගට කාන්තාවන් යැවීම සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි (නි)

:       0       0

චමින්ද Thursday, 14 August 2014 10:20 AM

හැබැයි එකක් කියන්න පුළුවන්.ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට වගේ අමානුෂික වද මේ අයට දුන්නොත් එහෙම, ඉන්දියාව නිකම් ඉන්න එකක් නම් නැහැ. (දී)

:       0       0

වීරසිංහ Thursday, 14 August 2014 08:34 PM

ම‍ට අපේ අහිංසක කාන්තාවන් ගැන කණාගටුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 August 2014 11:11 AM

ඉන්දියාවෙන් ඕනෑතරම් සෞදි යවපුදෙන්.අපේ රටෙන් යවනවා නම් ඩුබායි ,අබුඩාබි වලට යවන්න. (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 15 August 2014 11:05 AM

ගෙවල්වල පිරිමි ගැහැණු වගේ ගෙදරට වෙලා ඉදගෙන ගැහැණුන්ව රට පටවලා ඒ ගෑනී දුක් විඳලා එවන සල්ලිවලින් කරන්න පුලුවන් ජරා වැඩ සේරම කරලා අන්තිමට දරුවෝ ඉන්නවා නම් උන්වත් කාට කාට හරි වැඩකාරකමට දීල අන්තිමට මුළු පවුලක්ම විනාස වෙනවා. ඔය රට ගමනින් නියම ප්‍රයෝජන ගන්නේ කීයෙන් කී දෙනාද? කාන්තාවන් ගෘහ සේවයට යැවීම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. ඒ වෙනුවට පිරිමියා යනවා නම් නේද හොඳ?  කොහොමත් අපේ සංස්කෘතිය පිරිමියා හරි හම්බ කරද්දී දරුමල්ලන් බලාගෙන භාර්යාව ගෙදර දොර රැකීමයි. කවුරු මොනවා කිව්වත් ආදර්ශවත් පවුලක් ගොඩ නැගෙන්නේ මේ පැරණි ක්‍රමයෙන් විතරමයි. (නදී)

:       0       0

කුමාර Thursday, 14 August 2014 11:53 AM

ඉන්දියාව කොච්චර දුප්පත් වුණත් කිසියම් ආත්ම ගරුත්වයක් තිබුනා තම කාන්තාවන් වහල්සේවයට නොයැවීම නිසා. නමුත් එම සුබවාදී ප්‍රතිපත්තියත් අවාසනාවකට පාවාදී හමාරයි. (නි)

:       0       0

මහේෂ් Thursday, 14 August 2014 01:27 PM

ලංකාවේ ඉන්න අපේ නැගණියෝ හා අම්මල අරාබියට එවන්න නරක යි අරබිකාරයෝ (99%) ම මනුස්ස කම නැත. මොවුන් නොයෙකුත් ආකාරයේ ශාරීරික හා මානසික පිඩාවන්ට ලක්වෙනවා මෙහි ගතකරන්න සැම මොහොතකම. ලංකා ආණ්ඩුවත් මේ අයගෙන් න යැපීම නවතන්න ඔනේ (නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 14 August 2014 02:22 PM

අපේ අයට අඩු පඩි ගෙවන්නේ අපි කළු නිසා නෙවෙයි. බලධාරීන්ගේ කොන්ද පණ නැති නිසා. මාසෙකට ඩොලර් සොච්චමක් ලංකාවට ආවනම් එයාලට හොඳටම ඇති.(දී)

:       0       0

ලයනි Thursday, 14 August 2014 07:55 AM

අපි කළුද අපිට අඩුවෙන් වැටුප් ගෙවන්නේ? (දී)

:       0       0

රජින්ද Thursday, 14 August 2014 08:09 AM

එදා ඉන්දිරා ගාන්ධි රටේ අභිමානය කාන්තාවන් කියලයි ඔය ගෘහ සේවිකාවන් මැදපෙරදිග යවන එක නතර කලේ. ඒ කියන්නේ දැන් ඉන්දියානු කාන්තාවන් එරටට අභිමානයක් නොවෙයිද?(දී)

:       0       0

වසන්ති Thursday, 14 August 2014 08:15 AM

අපේ අම්ම්මල, අක්කල, නංගිලා, නැන්දලාඩුබායි යවන්න එපා. අපි එකට කැමති නෑ. ආත්ම ගරුත්වය සහා පව්ල් සමගිය තියා ගනිමු. ආර්ථික ප්‍රගතිය විසදුම් දෙමු. කර්මාන්ත, හෝටල් ඇති කරමු.(දී)

:       0       0

සේන Thursday, 14 August 2014 08:36 AM

අපේ කට්ටිය ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිනම් එච්චරයි (දී)

:       0       0

ගමරාල Thursday, 14 August 2014 09:07 AM

ඉන්දියාවෙන් ඕන තරම් ගියාපුවාවේ..අපේ කාන්තාවන් යාම සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

අජිත් Thursday, 14 August 2014 09:41 AM

කාන්තාවෝ වහල් සේවයට යවල විදේශ විනිමය හොයන එක නවත්තන්න කාලය හරි (දී)

:       0       0

ප්‍රශාන් Thursday, 14 August 2014 09:45 AM

සියල්ල නැති වෙනකොට තේරෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 890 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 291 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 538 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 922 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 659 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 824 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1198 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site