IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් නැගෙනහිරට තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

බහු ආංශික ප්‍රදාන ආධාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සමාජ - ආර්ථීක සංවර්ධනය සහ ද්වීපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම් රාමුවක් අත්සන් කිරීමට යෝජිතව ඇත.

එම අවබෝධතා ගිවිසුම් රාමුවට අනුව, ඉන්දීය රජය විසින් සපයනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක සහ ප්‍රජා සවි බල ගැන්වීම යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යටිතල පහසුකම් සංවර්ධනයට හා ජීවනෝපාය වැඩි දියුණු කිරීමට අදාළව ව්‍යාපෘති 35 ක් ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම් රාමුවට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ඉන්දියාවෙන් නැගෙනහිරට තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site