IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවට ලකුණු 26 ක විශිෂ්ට ජයක්

ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර අද (6 වැනිදා) කාඞීෆ්හිදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී ලකුණු 26 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ලකුණු 332 ක  ඉලක්කයක් හඹා ගිය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී ලකුණු 305 කට දැවී ගියේය.

ඉනිම ආරම්භයේදීම ලකුණු 31 කට කඩුලූ දෙකක් දැවී ගිය නමුත් පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලද රොබින් පීටර්සන් (68) සහ නායක ඒ. බී. ඩිවිලියර්ස් (70) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැංවමින් දකුණු අපි‍්‍රකානු පිල බලාපොරොත්තු සහගත ලෙස ඉදිරියට තල්ලූ කළහ.

පන්දු 72 කට මුහුණ දුන් රොබින් පීටර්සන් හතරේ පහර 6 ක් සහිතව ලකුණු 68 ක් ලබාගත් අතර ඩිවිලියර්ස්ගේ ලකුණු 70 ට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. එහෙත් 25 වැනි  ඕවරයේදී පීටර්සන් දැවී යාමත් සමගම ඉන්දියානුවෝ පීඩනය වැඩි කළහ.

රයන් මැක්ලරන් සටන්කාමී ලකුණු 54 ක් ලබාගත් නමුත් දකුණු අපි‍්‍රකානු පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට එය ප‍්‍රමාණවත් නොවිණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 7 දැවී ලකුණු 331 ක් ලබා ගත්තේය.

ඉන්දිය පිල වෙනුවෙන් ෂිකාර් ධවාන් (114) සහ රෝහිත් ෂර්මා (65) ප‍්‍රවේසම්සහිත නමුත් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 127 ක් එක් කළහ. පන්දු 8 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ දැවැන්ත හයේ පහරක් සහතිව ලකුණු 65 ක් ලබාගත් රෝහිත් ෂර්මා රයන් මැක්ලකරන්ගේ පන්දුවක් හමුවේ රොබින් පීටර්සන්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

වරෙක කඩුල්ලක් දැවී ලකුණු 210 ක් ලබා සිටි ඉන්දීය පිලේ අවසන් කඩුලූ හය ලකුණු 113 කට දවාගැනීමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සමත් වූ නමුත් ඒ වන විට තරගයේ පාලනය ඉන්දියානුවන් අතට ගෙන තිබිණ.

ෂිකාර් ධවාන් ලකුණු 114 කට දැවී ගිය අතර පන්දු 94 කට මුහුණ දුන් ධවාන් හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසීය.

අවසන්  ඕවරයේදී රවිචන්ද්‍රන් අශ්වින් දුවද්දී දැවීයාම නිසා පිතිකරු අන්තයට පැමිණි රවින්ද්‍ර ජදේජා ඉතිරි පන්දු දෙකටම හතරේ පහර දෙකකින් සංග‍්‍රහ කළ අතර පන්දු 29 කින් ලකුණු 47 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම

ඉන්දියා කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ඇ. පීටර්සන් ප. මැක්ලරන්   65 
ශීකාර් ධාවන් - ඇ.අතිරේක (ඒරන් පැන්ගිසෝ) ප. ඩුමිනි         114
විරාට් කෝලි - ඇ. අම්ලා පග සොත්සෝබි                        31
දිනේශ් කාර්තික් - ඇ. ඞීවිලියර්ස් ප. මැක්ලරන් 14                            
මහේන්ද්‍ර සිං දෝනි - ඇ. ඩු ප්ලේසී ප. සොත්සෝබි  27
සුරේෂ් රයිනා - ඇ. ඩුමිනි ප. මැක්ලරන්   9
රවින්ද්‍ර ජදේජා - නොදැවී  47
රවිචන්ද්‍රන් අශ්වින් - දුවද්දී දැවී ගියා  10
බුවනේශ්වර් කුමාර් - නොදැවී  0
අතිරේක    14
එකතුව  ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී                                          331

කඩුලු වැටීම - 

1-127, 2-210, 3-227, 4-240, 5-260, 6-291, 7-323

පන්දුවට පහර දීමට නොදුන් ක‍්‍රීඩකයෝ

ඉෂාන්ත් ශර්මාල උමේෂ් යාදව්.

පන්දු යැවීම -

මෝනි මොර්කල් : 6.5-0-27-0, ලොන්වාබෝ සොත්සෝබි : 10-0-83-2, රොරී ක්ලීන්වෙල්ඞ් : 10-0-81-0, රයන් මැක්ලරන් : 10-0-70-3, රොබින් පීටර්සන් : 3.1-0-24-0, ජේ. පී. ඩුමිනි : 10-0-42-1

දකුණු අප‍්‍රිකා කණ්ඩායම් ඉනිම

හෂීම් අම්ලා - ඇ. දෝනි ප. යාදව්   22 
කොලින් ඉන්ග‍්‍රම් - ඇ. රයිනා ප. කුමාර්   6
රොබින් පීටර්සන් - දුවද්දී දැවී ගියා  68
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ. ජදේජා ප. යාදව්  70
ජේ. පී. ඩුමිනි - ක.මු.කළා ප. ජදේජා   0
ෆෆ් ඩු ප්ලේසී - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා  30
ඩෙවිඞ් මිලර් - දුවද්දී දැවී ගියා   0
රයන් මැක්ලරන් - නොදැවී  71
රොරී ක්ලීන්වෙල්ඞ් - ඇ. දෝන ප. ඉෂාන්ත් ශර්මා   4
ලොන්වාබෝ සොත්සෝබි- ප. ජදේජා  3
මෝනි මොර්කල් - ප. කුමාර්   8  
අතිරේක      9
එකතුව  ඕවර 50 කදී සියළු දෙනා දැවී                                      305

කඩුලු වැටීම - 

1-13, 2-31, 3-155, 4-182, 5-184, 6-188, 7-238, 8-251, 9-257, 10-305

පන්දු යැවීම -

බුවනේශ්වර් කුමාර් : 7-0-49-2, උමේෂ් යාදව් : 10-0-75-2, ඉෂාන්ත් ශර්මා : 8-0-66-2, රවිචන්ද්‍රන් අශ්වින්්් : 10-0-47-0, රවින්ද්‍ර ජදේජා : 9-1-31-2, සුරේෂ් රයිනා : 6-0-36-0
 

 



අදහස් (0)

ඉන්දියාවට ලකුණු 26 ක විශිෂ්ට ජයක්

සමන් Friday, 07 June 2013 12:28 PM

ඉන්දියාව පරදින්න ඕනා ඒ මොකද කියනවානම් ඉන්දියා කණ්ඩායමෙ ගොඩක් ක්‍රිඩකයින්ගේ ආඩමිබර කම වැඩියි දකුණු අප්‍රිකාව දිනුවා නමි හොදයි.(නදී)

:       0       0

පහන් Friday, 07 June 2013 09:29 AM

අපරාදේ දකුණු අප්‍රිකාවට දිනන්න තිබුන මැච් එක.ඉන්දියාව දිනනවට වඩා හොදයි චීනේ හරි රුසියාව හරි දිනනවා නම්.කෝලි කියන්නේ පුදුම ආඩම්බරයක් තියෙන කෙනෙක්. (නි)

:       0       0

සාගර Friday, 07 June 2013 02:39 PM

අපරාදේ ඉන්දියාව දිනුවේ. බලමුකෝ අපේ අයත් දිනයිද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site