(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර දිල්ලිහිදී අද (11) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.

ඉන්දීය පිල ලකුණු 273 ක ඉලක්කය ඕවර 35 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

ඇෆ්ගනිස්තාන් පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 272 (රහමුනුල්ලා ගුර්බාෂ් 21, ඊබ්‍රහිම් ශද්‍රාන් 22, හෂ්මතුල්ලා ශහිදි 80, අෂ්මටුල්ලා ඔමර්ෂායි 62, ජස්ප්‍රිට් බුම්රා 39/4, හර්ද්‍රික් පාණ්ඩියා 43/2) ඉන්දීය පිල ඕවර 35 කදී කඩුලු 2 ට 273 (රෝහිත් ශර්මා 131, ඉෂන් ක්‍රිෂන් 47, ශියාස් අයියර් නොදැවී 25, විරාට් කෝලි නොදැවී 55, රෂීඩ් ඛාන් 57/2)