ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී කඩුලූ 5 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය පිල සමත් විය.
ලකුණු 334 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 49 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ලබාගනිමින් පන්දු 6 ක් ඉතිරිව තිබියදීම තරගයෙන් ජයගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 333 ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු 120 කදී ලකුණු 144 ක් ලබාගත් විරාට් කෝලි සහ පන්දු 81 නොදැවී ලකුණු 106 ක් ලබාගත් දිනේෂ් කාර්තික් ඉන්දීය ජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.
ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ෂිකාර් ධාවන් දුවද්දී දැවී යාමෙන් පසුව මුරලි විජේ (18) සහ රෝහිත් ෂර්මා (5) දවාගැනීමට සමින්ද එරංග සහ තිසර පෙරේරා සමත් වූ හෙයින් ලකුණු 62 කට ඉන්දීය පිලේ කඩුලූ 3 ක් බිඳ වැටී තිබිණ. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 186 ක් එක්කළ විරාට් කෝලි සහ දිනේෂ් කාර්තික් ඉන්දීය පිලට ජය මාවත විවර කර දුන්හ.
ශී‍්‍ර ලංකා ඉනිමේදී පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනාම ඉන්දීය පන්දු යවන්නන් විසින් තමන් දවාගනු ලැබීමට පෙරම කී‍්‍රඩා පිටියෙන් ඉවත්ව ගියහ.
වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 94 කට මුහුණ දෙමින් ලකුණු 82 ක් ලබා සිටියේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. පන්දු 78 කට මුහුණ දුන් තිලකරත්න ඩිල්ෂාන් හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 84 ක් ලබා සිටියේය.
පෙරහුර තරගයක් වූ හෙයින් කුසල් ජනිත් පෙරේරා (82) සහ තිලකරත්න ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව ගියේ සෙසු පිතිකරුවන්ටත් පන්දුවට පහර දීමේ අවස්ථාවක් සලසා දෙනු අටියෙනි. පසුගිය 30 වැනිදා පාකිස්තනු පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා පිලේ පුහුණු තරගයද වර්ෂාව නිසා පැවැත්විය නොහැකි විය.
මෙම තත්ත්වයෙන් අනගි ප‍්‍රයෝජන ගත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අයි. පී. එල්. තරගාවලියෙන් වෙහෙසට පත්ව සිටින ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක ලකුණු රැස්කිරීමක නිරත වූහ. කාසියේ වාසිය දිනාගනීමෙන් අනතුරුව පන්දු යැවීම තෝරා ගත් නමුත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පාලනය කිරීමට ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අසමත් විය.
ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 5 ක් බිඳ වැටුණ ලෙස ලකුණු පුවරුවේ සටහන් වුවද ඉන්දීය පන්දු යවන්නන් විසින් දවාගන්නා ලද්දේ පන්දු 31 කදී ලකුණු 33 ක් ලබාගත් මහේල ජයවර්ධනගේ කඩුල්ලත්, පන්දු 32 කදී ලකුණු 45 ක් ලබාගත් කුමාර් සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් (පන්දු 48 කින් ලකුණු 46) පමණි. තිසර පෙරේරා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ පන්දු 19 කදී ලකුණු 32 ක් ලබාගත්හ.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉනිම
කුසල් ජනිත් - තරගයෙන් ඉවත්වුනා 82
තිලකරත්න දිල්ශාන් - තරගයෙන් ඉවත්වුනා 84
මහේල ජයවර්ධන - ඇ. පතන් ප. ඉෂාන්ත් ශර්මා 30
කුමාර් සංගක්කාර - ඇ. අශ්වින් ප. මිෂ්රා 45
දිනේෂ් චන්දිමාල් - ඇ. දෝනි ප. බුවනේශ්වර් කුමාර් 46
තිසර පෙරේරා - නොදැවී 26
දිල්හාර ලොකුහෙට්ටිගේ- නොදැවී 6
අතිරේක 14
එකතුව ඕවර 50 කදී කඩුලූ 3ක් දැවී 333
කඩුලු වැටීම:
1-209, 2-279, 3-325
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඇන්ජලෝ මැතිව්ස්, ශමින්ද එරංග, රංගන හේරත්, ජීවන් මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, ලසිත් මාලිංග
පන්දු යැවීම:
ඉර්ෆාන් පතන්: 5-0-45-0, බුවනේශ්වර් කුමාර්: 8-0-58-1, ඉෂාන්ත් ශර්මා: 6-0-41-1, විනේ කුමාර්: 7-0-42-0, රවිචන්ද්‍රන් අශ්වින්: 8-0-45-0, රවින්ද්‍ර ජදේජා: 8-0-41-0, අමිත් මිෂ්රා: 8-0-53-1
ඉන්දීය කණ්ඩායම් ඉනිම
ශීකාර් ධාවන් - දුවද්දී දැවී ගියා 1
මුරලි විජේ - ඇ. තිරිමාන්න ප. එරංග 18
විරාට් කෝලි - ඇ. චන්දිමාල්පග එරංග 144
රෝහිත් ශර්මා - ඇ. කුලසේකර ප. පෙරේරා 5
සුරේෂ් රයිනා - ප. සේනානායක 34
දිනේශ් කාර්තික් - නොදැවී 106
මහේන්ද්‍ර සිං දෝනි - නොදැවී 18
අතිරේක 11
එකතුව ඕවර 49 කදී කඩුලූ 5ක් දැවී 337
කඩුලු වැටීම:
1-5, 2-52, 3-62, 4-110, 5-296
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, බුවනේශ්වර් කුමාර්, අමිත් මිෂ්රා, ඉර්ෆාන් පතන්, ඉෂාන්ත් ශර්මා, විනේ කුමාර්, උමේෂ් යාදව්
පන්දු යැවීම:
නුවන් කුලසේකර: 9-0-56-0, ඇන්ජලෝ මැතිව්ස්: 5-0-26-0, ශමින්ද එරංග:9-0-60-2, තිසර පෙරේරා: 6-0-34-1, සචිත‍්‍ර සේනානායක: 6-0-42-1, රංගන හේරත්: 7-0-44-0, ජීවන් මෙන්ඩිස්: 3-0-31-0, තිලකරත්න දිල්ශාන්: 3-0-20-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 1-0-18-0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව අපිව පැරැද්දුවාද, නැතිනම් අපි ඕනෑකමින් පැරදුනාද කියලා හිතෙනවා. අනේ මන්දා (නි)
ඔය මාලිංගව එහෙම පුහුණු තරග වලට දාලා වෙහෙස කරවන්න එපා. ඊලග අයි. පී. එල් එකට සෙල්ලම් කරන්න ආබාධ නොවී ඉන්න එපැයි..... (නි)
ඉන්දියාව කියන නම ඇහුනොත් ඇති. ඇයි මෙච්චර ඉන්දියාවට බය? (නි)
නිදි මරාගෙන මැච් එක බැලුවට අපි පැරදුනා.(නදී)
අපේ කොල්ලන්ගේ හරඹය හොදයි. ඔය විදියට යන් ජය ජය ලංකා. ඔය වගේ ලකුණු ලබාගැනීමක් ඉදිරියට කරගෙන යන පීඩනයක් එක්ක ප්‍රතිවිරුද්ද කණ්ඩායම් අඩපන කරමු.(නදී)
අනිවාර්යෙන් අවසන් තරඟයටනම් අපේ අය එනවාමයි. (ත)
අපේ කට්ටිය බැංකු උඩ හිටියට නිකන් ඉඳලා නැහැ වගෙයි පෙනෙන්නේ (නි)
අනිත් තරග වලටත් ඔහොම ගැහුවොත් හොදයි (නි)
මේ දෙන්නගේ මේ රිද්මය මේ විදියටම තිබ්බොත් අපි කප් එක අනිවාර්යෙන් ගෙනෙනවාමයි. මුල හොදට තිබුනොත් අවසානයත් හොදයි (නි)
නියමයි.....අපේ කොල්ලෝ බංකුවට සීමා කරලා තිබ්බටත් එක්ක දීපල්ලා. (නි)
අනේ මේ කෝලිව කලින්ම ක්‍රීඩාගාරෙට යවන්න කාටවත්ම බැරි වුණ හැටි? (නි)
ඉන්දියාවට හොඳට බැට දෙන්න. (නි)
අපේ කොල්ලෝ හොදට සෙල්ලම් කරලා තියෙනවා (නි)
කණ්ඩායම හොඳින් තරග කලා කියන්න අමාරුයි මොකද ඔයිට වැඩි ඉලක්කයක් ඉන්දියාවට දෙන්න තිබුනා. පසුපෙළ පිතිකරුවන් අවසාන පන්දු ඕවර 15-10 තුල ලකුණු වැඩිකලානම් අනික ඉන්දීය පිතිකරුවන් අධ්‍යයනය කල බවක් පෙනෙන්ට තිබුනේ නැහැ. පන්දු යවන්නන් විදිහට එට හේතුව ඔවුන් පිතිකරුවන්ගේ පින්නට වන්නට පන්දුව පතිත කිරීමත් පුල්ටෝස් පන්දු වැඩි වශයෙන් යොමු කිරීමත් නිසා. මම හිතනවා අපි මෙවර දක්ෂම කණ්ඩායම් 3 අතර ඉන්නවා. අඩුපාඩු හදාගෙන තරග වලින් ජය ගැනීමට සුබ පැතුම්.(නදී)
මයික් හසී,බ්‍රාවෝ, නැතුව පුංචි දෝනි තරහා වෙලා..... (නි)
පුහුණු තරගෙට සල්ලි හම්බවෙන්නේ නැහැනේ (නි)
ඉන්දියාවේ පිතිකරු අංශය ප්‍රබලයි. (නි)
නියමයි. ඔහොම යන්. ඔලුව කල්පනාවෙන්. ජයවේවා! (නි)
මම ඔය මැච් එක ගිහින් බැලුවා. ඇත්තම කියනවා නම් සුද්දෝ අපිට ෆාස්ට් විකට් එකක් දුන්නේ නැහැ පුරුදු වෙන්න. ඕක ලංකාව වගේ ස්ලෝ විකට් එකක්. තරඟ වලදී අපිට එක පාරම ෆාස්ටි විකට් එකේ ගහන්න වෙන්නේ. ඊයේ අපි හොඳට ගැහුවා.පන්දු යැව්වේ සැළසුමකට නොවේ (නි)
මෙතන උඩ ඉන්න අය වගේ කොච්චර පැරදුනත් අනේහොදයි කියන අය නිසා තමයි ලංකාව කවදාවත් ක්‍රිකට් දිනන්නෙ නැත්තෙ... ඔහොම යන්..ඔහොම යන්.. (නි)