ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති එම සාකච්ඡාවලට තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර නියෝජිතයෝ සහ උතුරේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. එමෙන්ම ඊට දෙරටේ ඉහළ පෙළේ නිලධාරීහූ ද සහභාගී වූහ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේරල ගංජා සහ හෙරොයින් අපේ රටට එන්නේ මේ ඊනියා ඉන්දියානු ධීවර බෝට්ටු වලින්. (නි)
මොනවද ඉන්දියාව සමඟ කරන්න තියෙන ධීවර සාකාච්ඡා? ශ්‍රී ලංකාවට අයත් මුහුදේ, මුහුදු සම්පත් සොරාකන ජයලලිතාගේ ධීවර යාත්‍රා ආපසු හරවා යැවීමට හෝ ඒවා අපේ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමටද මේ ධීවර සාකාච්ඡා පටන්ගත්තේ? තමිල්නාඩු මුහුදු හොරුන්ට අපේ මත්ස්‍ය සම්පත් සූරාකෑමට කොහෙත්ම ඉඩ නොදෙන්න. ඒවගේම ශ්‍රී ලංකා මුහුදු කලාපය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්, යාත්‍රා සමඟ අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාවට වැඩි බලතල දියයුතු වෙනවා (නි)
ඉන්දියාවත් එක්ක බලනකොට හාල්මැස්සෝ සේ පෙනෙන අපිට කරන්න පුළුවන් බලගතුම දෙය තමයි ඉන්දියානු සියලුම දේවල් වර්ජනය කිරීම. (අබ ඇටයක තරම්වත් මොළයක් තියෙනවා නම් අහන්න එපා බුද්ධාගමත් ඊට අදාළද කියා නම් ) (නි)