IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )
 
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව   ඉන්දියාවේ නවදිල්ලි නුවර  අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1196 දරන මෙම විශේෂ ගුවන් යානය අද(29 ) දින දහවල් 1.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත්වී තිබූ අතර , එම ගුවන් යානය සවස 4.35 ට කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩබස්වනු ලැබීය .
 
පසුව මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව , නීරෝධායන කටයුතු සදහා ශ්‍රී යුධ හමුදා බස් රථ මගින් එම මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය .
 
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙම ගුවන් යානය පැමිණීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටියදී මෙරටට පැමිණීමට නොහැකිව සිටි සිසුන් මෙරටට ගෙන ඒමේ පළමු අදියර අවසන් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
 
විවිධ රටවල් වෙත ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙම කොරෝනා වසංගත තත්වය යටතේ තමන් කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා මෙන් ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබුණි .
 
එම ඉල්ලීම් අතරින් රජය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් එම රටවල අතරමං වී සිටින සිසුන්  වෙත ප්‍රමුඛත්වය  ලබා දී තිබුණි .
 
ඒ අනුව එම රටවල් අතුරින් රටවල් 04 කින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා මගින් , ශ්‍රී ලාංකික සිසුන් 946 ක් යළි මෙරටට රැගෙන පැමිණ තිබේ .
 
ඒ අතරින් ඉන්දියාවේ ගුවන් තොටුපළ 05 ක සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 05 ක් මගින් ශ්‍රී ලාංකික සිසුන් 684 ක් මෙරටට ගෙනැවිත් තිබුණි .
 
ඉන්දියාවේ අමිර්තසාර් , මුම්බායි , කොයිම්බතූර් , බැංගලෝර් සහ නවදිල්ලි එම ගුවන් තොටුපළ 05 යි .
සිසුහු   නීරෝධායන මධ්‍යස්ථාන වල නීරෝධායනය සදහා යොමු කර තිබේ .



අදහස් (1)

ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට

Buddhika Wednesday, 29 April 2020 03:27 PM

රජයෙන් ඉගෙන ගන්න යැව්වා කියලා srilankan flight යවල ගෙනල්ලා තියෙන ගොඩක් අය ලංකාවේ සල්ලි විදේශ වලට dollars වලින් යවල ඉගෙන ගත්ත ලොකු පවුල් වල දේශපාලන සම්බන්ධ තියෙන කට්ටිය ..පිටරට job කරන්න ආපු අයගෙන් තමයි ලංකාවට විදේශ විනිමය dollars වලින් එවන්නේ ..එයාලට දේශපාලන සම්බන්ධකම් නැහැ ...ඇත්ත කතාව ඕක තමයි ... විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ ලොක්ක නොකියා කියන්නේ ....ඔහොම අල්ලන් ඉන්නකො...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site