කාබුල් ජාතික කෞතුකාගාරයේ ඇති බුද්ධ පාත‍්‍රය ලබාගැනීම ට ඉන්දියාව සැරැසෙයි.
ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන් පිරිසක් මෙම මස අගදී ඇෆ්ඝනිස්ථානය බලා පිටත්වයෑමට නියමිතය.
පාත‍්‍රා ධාතුව නැවත ඉන්දියාවට ලබාගෙන බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍රවන බිහාර් ප‍්‍රාන්තයේ වෛශාලියෙහි තැන්පත් කළයුතු බවට රාෂ්ටි‍්‍රය ජනතා දාල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රඝුවනාෂ් ප‍්‍රසාද් සිං ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් තමන්වහන්සේ පාවිච්චි කළ පාත‍්‍රා ධාතුව වෛශාලි ජනපද වැසියන්ට පරිත්‍යාග කර ඇති බවත් දෙවැනි සියවසේදී උතුරු ඉන්දියාව පාලනය කළ රජකු විසින් පසුව එය වර්තමාන පාකිස්ථානයේ පෙෂාවර් ප‍්‍රදේශයට ගෙන යනු ලැබ ඇති බවත් ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගත්ත කියල බුදුන් වහන්සේ ගේ දර්ශනය අවබෝධ නොවේ... බුදුන් වහන්සේ යනු උතුම් දර්ශනයක් කියාදුන් බුද්ධිමත් ශ්‍රාස්තෘවරයකි.අප කලයුත්තේ එම දර්ශනය අවබෝධ කරගෙන පිළිපැදීම භාවනා කිරීම මිස මෙවැනි භෞතික වස්තුන් වලට පොර කෑම නොවේ.මෙහි ඇත්තේ අරාබි අකුරු වගේ කැටයම් කියා මට සිතේ(දිල්)
මෙම පාත්‍රා ධාතූන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටීම ආරක්ෂිතයි. (දිල්)
මෙහි කැටයම් අරාබි අකුරු වලට සමානයි. එනිසා තමයි ඇෆ්ගන් අය මේක පරිස්සම් කරනවා ඇත්තේ ඒගොල්ලන්ගේ දෙයක් කියල. (දිල්)
ඒ වගේම අපිටත් බැරිද රාජසිංහ රජුගේ සිංහාසනයත් ආපසු ලංකාවට ගෙන්වාගන්න. දැනට එය එංගලන්තයේ කෞතුකාගාරයක තබා ඇත. බලධරයන්ගේ අවධානය පිණිසයි.(අ)
මෙහි සටහන්ව ඇති අකුරු උර්දු හෝ අරාබි අකුරුවලට සමානකමක් දක්වනවා නේද ? (දී)
මගේ මතය නම් මෙය සත්‍ය ලෙස බුදුරජාණන් වහන්සේ පරිහරණය කල පාත්‍රා ධාතූන් වහන්සේ නොවන බවයි .මන්ද මෙය ටොන් ගණනක් බර ශිලාමය වස්තුවකි ,නමුත් මෙහි ඓතිහාසික වටිනාකමක් ඇත (දී)
තම රටේ පුරවැසියෙකුගේ දේවල් තම රටට හිමිවිය යුතුයි. දන්ත දාතුන් වහනේසේ ඇතුළු සැම දෙයක්ම ඉල්ලනවානම් දිය යුතුයි. බෝසත් ගෞතමයානන් පරිත්‍යාගය පිලිබදව ඉහලින්ම කියා දී ඇත. සාදු සාදු! (නදී)
මෙම බුද්ධ පාත‍්‍රය ලංකාවට වැඩම කරන්න බැරිද (දී)
ගල් කැටයම් කලාව නම් විශ්වකර්මයින්ගේ වැඩක් වගේ. (අ)
සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පත්‍ර ධාතුන් වහන්සේට මගේ නමස් කාරය වේවා !!! අපේ රජය මැදිහත් වෙමෙන් මෙම පත්‍ර වහන්සේ අපේ සිරි ලකට වැඩමවා ගත නොහැකිද?(අ)
මේ පාත්‍රය තියා මොනම පුරාවස්තුවක් වත් ලංකාවට ගේන්න හොද නැ. වෙන රටක තියන එක ඒකෙ ආරක්ෂාවට හොදයි. ලංකාවට ගෙනාවොත් එක්කො අතුරුදහන් වෙයි නැතිනං කොහේහරි ඉබි යතුරු දාල මිනිස්සුන්ගෙන් වසන් කරල තියයි (අ)
ඡගත්ගෙ අදහස හොදයි!!!(අ)
උතුම් වූ පත්‍ර දතුන් වහන්සේට මගේ නමස් කාරය වේවා (අ)
අනේ අපට ඉල්ලා ගන්න බැරි වෙයිද ?(අ)
බුදුහාමුදුරුවො ගල් පාත්‍රයක් භාවිතා කළබව මාගේ දැනීමේ හැටියට සදහන්නොවේ එසේ ගල් පාත්‍රයක් භාවිතාකළ බව කුමන හෝ ස්ථානයක සදහන් වන්නේ නම් එය ඉදිරිපත් කරන්න. (දී)
ඉන්දියාව බාරගත්තොත් තවත් දිගු කාලයක් අපට ඉන්දියාවට ගිහිල්ලා හරි වන්දනා කරන්න පිලිවන්. ලංකාවට ගෙනාවොත් කන්ගැට්ටන්ගෙන් බේරගන්න බැරිවෙයි. (අ)
සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පත්‍ර ධාතුන් වහන්සේට මගේ නමස් කාරය වේවා !!! (අ)
සෞදි ජගත්, ඉන්දියාවේ නොවෙයි තාමත් ඇෆ්ඝනිස්තානයේ ඇති වස්තුවක් මෙරටට ගෙන්වා ගන්නවා තියා මෙරට තියෙන බෞද්ධ පුරාවස්තුවක් රැක ගන්න බැරි ආණ්ඩුවක් මේක. ඔය පාත්තරේ තියෙන තැනම තීද්දෙන්. මේ රට ආපසු ශිෂ්ට සම්පන්න වුන දවසකට ඒ ගැන නැවත සළකා බළමු. (අ)
සාදු සාදු සාදු (අ)
සෞදි ජගත්ගේ අදහසට රජයේ අවධානය යොමුවේවා.(නදී)