විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස් බුකියට වී ක්‍රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැති වී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී පී ආර් පී රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී කියැවිණි.
ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවසුවේ මීට පෙර ඔහුට රෝගයක් නොතිබුණු බවයි.
හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයේ දී නිගමනය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවනේ. පැරදුනත් ලංකාව දිනනවා කියලා ඔට්ටු අල්ලන්නනේ තිබුනේ. මිනියේ වැඩ ටික ඉන්දියාව බාරගනීවිද? නැහැනේ. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්... (නි)
අපේ රටට ගරහන අයට ඔහොම තමයි වෙන්නේ. අපේ සිංහලයෝ තවත් ඉන්නවා වෙනත් අයට ආවඩන (නි)
අනේ පවු අනේ! (නි)
ලෝක කුසලානය පසුපස මෙතරම් සිදුවීම් තිබෙනවාද? මෙතුමා දිවිපිදුවේ රට වෙනුවෙන්ද? නැත්නම් ඉන්දියාවේ පරාජය වෙනුවෙන්ද? (දිල්)
හොඳ වැඩේ මෙයාට. (ස)
දිනුම පැරදුම දරා ගන්න බැරි වින්ද ගන්නට බේරී මෝඩ මිනිසු්සු නේ කවුරුත් කිකට් ගහන්නේ මැරෙන්නේ තවත් කවුරුත් (දිල්)
කෙනෙක් මැරුනහම ඒ ගැන සතුටු වෙන්න හොඳ නැහැ. ඒත් ලංකාව පැරදෙනවා දකින්නට කැමති වූ ඔහුට සිද්ධ වුණු දේ ලාංකිකයෙක් විදිහට අනුමත කරන්න වෙනවා. (ස)
හොඳ වැඩේ මෙයාට. (ස)
මම දන්නේ නැති හින්දයි අහන්නේ. මෙයත් දේශ ද්‍රෝහී බටහිර ගැත්තෙක්ද?මෙහෙම වුණේ ? (දිල්)
හොඳ වැඩේ කියලත් බෑ. නොකියත් බෑ... සද්ද නැතුව ඉන්නම් කෝ.. (ස)
මෙයාගේ මරණ කටයුතු ඉන්දියාවෙන් බාරගනී. (ස)
මටනම් හිතෙන්නේ ඉන්දියාව පැරදුණා කියන්නේ ලංකාව දිනුව කියන එකම තමයි. සමහරවිට ඒ සතුට දරාගන්න බැරිවෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔය ප්‍රවුර්තිය ඇහුවත් නැතත් හදිසියේ ඇතිවුන හර්දයබාදයක් වෙන්නත් පුළුවන්. (දිල්)
මැරිච්ච එකමයි හොඳ කියල කියන්න බැරි නිසා නිකම් ඉන්නවා. (ස)
මෙයා මැරෙන්න ඇත්තේ ඔට්ටුව පැරදුන නිසා. කලින් පාරත් ලංකාවට ඔට්ටු අල්ලලා පැරදුන නිසා මෙදා පාර ඉන්දියාව දිනාවි කියලා හිතන්න ඇති. අපි හැමදාමත් පරදින්නෙ නෑ කියලා මෙයාට තේරිලා නෑ. එහෙම වුණා නම් මෙයා අදටත් ජීවතුන් අතරනෙ. (ස)
ශ්රී ලාංකිකයෙකු විදියට කොහොම කීව්වද ලංකාව පරදිනවා කියලා. (ස)
ඔට්ටුවක් අල්ලන කොට දෙපැත්තක් තියෙන්න ඕන කියලා මේ එක මෝඩයෙකුටවත් තේරෙන්නේ නැති හැටි. (ස)
මුදලාලි ක්‍රීඩාවට ආස වුණාට ක්‍රීඩා කරල නැහැ වගේ. මොකද ජය පරාජය දරාගන්න ක්‍රීඩාවෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා. (ස)
ලංකාවේ කීදෙනෙක් ඊයෙ මේ වගේ ඔට්ටු අල්ලන්න ඇද්ද ! (දිල්)
මම නම් හිතන්නේ මේ මනුස්සයට පපුවේ අමාරුව හැදුනේ පැරදිච්ච සල්ලි ගැන හිතලා. ඔට්ටුව ඇල්ලුවේ නැත්නම් මිනිහට පපුවේ අමාරුවක් හැදෙන්නේ නැහැ.ව්‍යාපාරිකයෙක්නේ හොඳ ගානක් අල්ලන්න ඇති. (ස)
ධම්ම හරි.ඒ මනුස්සය දිනයි කියල හිතපු රටට ඒ මනුස්සය ඔට්ටු ඇල්ලුවා. ඔට්ටු ඇල්ලීම හරිද වැරදිද කියන එක වෙන දෙයක්. ඒ මනුස්සය රටට එරෙහිව ඔට්ටු අල්ලපු නිසා මැරිච්ච එක හොඳයි කියන එක මෝඩ කමක්. (ස)
මියගිය එළාර රජුටත් මනුස්සකම් පෙන්නපු සිංහල මිනිස්සුන්ගේ සමහර අදහස් දැක්කම අපි දැන් කොතනද ඉන්නේ කියල හිතෙනවා. (ස)
හපොයි..මේක දැක්කම ඉන්දියාවෙ අය එයාගෙ ගෙදරටත් ගල් ගහයි.හැබැයි ඉන්දියා ටීම් එකට මේ වගේ හදවතින්ම ආදරේ කරන කෙනෙක් ලංකාවෙන් බිහිවීම ගැන නම් ඒ අයට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්. (ස)
ලංකාවෙ ඉඳන් ඉන්දියාව දිනන්න ඔට්ටු අල්ලන අයගෙ පුරවැසිභාවය අහෝසි කර දැමිය යුතුයි. (ස)
මෙ වගේ ඔට්ටු අල්ලන අය කරන්නේ මුදල් පෙරේත කමට මිසක්, ඉන්දියාවට ආදරයට වත් ලංකාවෙ ටීම් එකට ආදරයට වත් නෙවෙයි. (ස)
ජය-පරාජය ඉවසන්න බැරිකම කෙනකුට තිබෙන ලොකුම දුර්වල කමක්. (ස)
මම නම් කියන්නේ හොඳ වැඩේ කියලා මෙයාට. (නි)
ඉන්දියාව දිනනවා කියන අය නම් මැරුණත්, නැවතත් මරනවා මම හිටියා නම් (නි)
ඔට්ටු අල්ලන්න ඕනෑ පැරදුනත් ඉවසන්න පුළුවන් මිනිස්සු. දැන් ඉතින් අලුතෙන් ගිය තැනවත් ඔට්ටු අල්ලන්නේ නැතුව හිටියොත් හොඳයි (නි)
ඔට්ටුව අල්ලපු එක්කෙනත් සිය දිවි හානි කරගත්තා නම් දිනපු සල්ලි ඉල්ලගන්න තිබුනා (නි)
මම නම් යූරෝ 272ක් දිනුම් (නි)
රණතුංග හා ප්‍රියාට මේ ගැන යම් අදහසක් තිබෙනවා.මේකට හේතුව මුදල් අහිමිවීමයි. බොහෝ දෙනෙකුට රටට වඩා මුදල් වැදගත්. මේ රටේ ඉන්න ඔය දේශප්‍රේමී යැයි කියාගන්න අයට හෙට ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක රැකියාව සමග පුරවැසිකම දෙනවා කිව්වොත් මොකද කරන්නේ? මුළු ජීවිතේටම දැකලා නැති පෝලිම් බලාගන්න පුළුවන් වේවි තානාපති කාර්යාල ඉදිරියේ. අඩු ගණනේ මගේ ළමයෙක් හරි යවන්න ඕනෑ කියලයි බොහොමයක් දෙනා හිතන්නේ. (නි)
ඉක්මනට අවසන් කටයුතු කරන්න. නැත්නම් ඉන්දියානු ක්‍රිකට් ලෝලියෝ (යුවරාජ් සිංගේ ගෙදරට ගල් ගහපු අය) ඇවිල්ලා මළ ගෙදරට ගල් ගහයි. (නි)
රට වෙනුවෙන් හැඟීමක් නැති අය. මොවුන් තමයි රට පාවලා දෙන්නේ. දෙමවුපියන් විකුණලා වුණත් සල්ලි හොයන්නේ මේ වගේ අයයි. (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
මෙවැනි පුද්ගලයින් උල තිබ්බත් මදි (නි)
අපිට නම් හීනෙන්වත් හිතෙන්නේ නැහැ ඉන්දියාව දිනන්න කියලා. (නි)
අනේ මන්දා! මොන හිතකින්ද මෙහෙම හිතන්නේ කියලා (නි)
මට නම් ඔට්ටු අල්ලනවා තියා හිතන්නවත් බැහැ ඉන්දියාව දිනයි කියලා. සමහර මිනිස්සු හරිම පුදුම අය (නි)