මහින්ද රාජපක්ෂ සමයේ පාකිස්තානයේ තන්ඩර් 17 ප්‍රහාරක යානා මිලට ගැනීම වෙනුවට ඉන්දියාවේ ‘තේජස්‘ සැහැල්ලු ප්‍රහාරක යානා පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුවක් ඇතිවී ඇතැයි ඉන්දියා මාධ්‍ය කියයි.
හින්දුස්ථාන් ගගන යාත්‍රා සමාගම එම යානා නිපදවා ඇත. බහරේන් අන්තර්ජාතික ගුවන් ප්‍රදර්ශනයේදී තේජස් යානය පළමුවරට සාර්ථක කරණම් පෙන්වීය.
ඉන්දියාවේ විරෝධය නිසා පාකිස්තානයෙන් ප්‍රහාරක යානා මිලට නොගත් බවත් ඉන්දියා මාධ්‍ය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
යුද්ධය කාලෙ අපට මෙම යානා විකුණන්නවත් ඉදිරිපත් වුණේ නැහැ, කොටින්ට බයේ. එ් වෙලාවෙ අපට පිහිට වුණේ පාකිස්තානයයි. අද ඒක වෙනස් වෙලා මේවා කරන්නෙ කාව සතුටු කරන්නද? (නි)
මේ යානය වැඩක් නෑනේ.(හේ)
දැන් චීන වලට කෑ ගහපු අයට තාම තේරෙන් නැද්ද අපි ඉන්දියාවේ පදයට නටවන බව (බ)
ඔය තියෙන්නේ ඉන්දියාවේ පදේට නැටිල්ල....දැන් ඔය ගන්න හදන්නේ ඉන්දියෙවේ බාල බඩු...ඕකට තමා ඉන්දියාව අපේ බුරුවන්ට බලපෑම් කලේ(අ).
ඉන්දියාව බයයි අපේ ළඟ ඒ අයට වැඩ හොඳ බඩු තිනවට.(අ)
මේ යානා ගන්නේ කා සමඟ යුද්ධ කරන්නද? මේ මුදල් වලින් දුෂ්කර ගම්මාන වලට මාර්ග හා පාලම් හදලා දුන්නොත් නරකද? සමහර පාසල් වල හරියට වැසිකිළියක්වත් නැහැ. (නි)
මේවා පොරොන්දු.(හේ)
දැන් අපේ රටේ දේවල් තීරණය කරන්නේ ඉන්දියාවද ?(කෞ)
බලාගෙන යනකොට පුදුම ආරක්ශක උපදේශකයෝ ගොඩක් නේ ලංකාවේ ඉන්නේ (කොමෙන්ට් කියවා පුදුම වෙමින්)(කෞ)
අපට යුද්දෙදි සහයට ආවේ පකිස්ථානය අපි පාවිචි කලේ පකිස්ථානයේ මල්ටි බැරල් . ඉන්දියාව අපිට එදා උදව් කලේ නැහැ. අද ඔවුන්ගේ මොකුත් ආයුද අපට එපා (කෞ)
අපේ රටේ ම ගුවන් යානා හැදුනවා නම් හොදයි නේද? ඉන්දියාවෙන් ගෙන්නන්නේ නැතිව (ම)
ඔව් අපට යුද්දේ තියනකොට ඉන්දියාව ගොඩාක් උදව් කළානේ. ඒක නිසා දැනුත් අපට ඒ අය උදව් කරන්නයි යන්නේ. මෛත්‍රී ජනපති ජන්දේ ඉල්ලනකොට ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා ඇති මයේ හිතේ. ඒකයි ඔච්චරම කොන්ද පණ නැති වැඩ කරනවා ඇත්තේ.( අපට රුසියානු යානා මිලදී ගන්න පුළුුවන්නේ.) ඒවා ඉන්දියන් වගේ බාල ඒවා නොවේ. (බ)
ඉන්දියාව ගෝරනාඩු කරපු නිසා පකිස් ගුවන් යානා මිලදී ගත්තේ නැහැ. වැරදිලාවත් ඉන්දියාවෙන් මේ කසි කබල් ඒවා ගන්න ගියොත්, යුද්ද කාලේ ශ්‍ර ලංකාවට ආධාර කරපු, පිහිට වුන පකිස්ථානය විරුද්ධ වුනොත් "යහ පාලන" රජය ගැනීමට යන තීරණය මොකක් වේවිද ? මේ මොහොතේ රටට ඕන කරන්නේ ඉන්දියාවේ ‘තේජස‘ වෙනුවෙන් කෝටි ගණන් වැය කරන්නද, නැත්නම් රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් ඒ කෝටි වැය කිරීමද ? (බ)
ඔච්චරයි ඉන්දියාවෙන් ගේන්න අඩුවකට තිබුනේ (හේ)
ඉන්දියානු නිෂ්පාදන ප්‍රමිතියකින් තොර ඒවා , අර ඉන්දියන් බජාජ් වාගේ , ලෝකයේ කිසිම බටහිර හෝ දියුණු රටවල් ඉන්දියානු නිෂ්පාදන ගන්නේ නෙහැ , එනිසා , එහෙත් ඉන්දියාව වටා එති කුඩා රටවල් ඉන්දියානු නිෂ්පාදන ගන්නේ ඔවුන් අපට ඒවා ගෙනිමට බල කිරීමත් පට වෙන විකල්පයක් නෙති නිසාත් (කෞ)
මේකට තමයි ''වෙනස'' කියන්නේ. මම දන්නේ නැතිනිසයි අහන්නේ, මේකටද කියන්නේ අපි රටවල් ජයගත්තා කියලා? (නි)
ඔය විදියටම චන්ද්‍රිකාගේ පාලන සමයේ පහතින් එන කොටින්ගේ කුරුම්බා ඇට්ටි ප්ලේන් හොයන්න , 3D රේඩාර් පද්දතියක් ගන්න එකට ඔය වගේම ඉන්දියාව විරුද්ධ උනා . මොකද ඔවුන්ගේ අහස් යානා පිළිබද අපි ඔත්තු බලයි කියලා . ඒක නිසා අවසානයේ කොටින් අපිට රිදෙන්න ගැහුවා . ඔන්න ඕක තමයි ඉතිහාසේ . ඉන්දියාව එක්ක එදිරිවාදිකම් ඕනේ නැහැ , එත් කොන්ද කෙලින් තියාගෙන බැහැ කියන්න පුළුවන් නායකයෝ ඕනේ . (කෞ)
ත්‍රීවීල් වගේ තමයි.(හේ)
මම හිතුවා පකිස්ථාන් ගුවන් යානා ගේනවට ඉන්දියාව අකමැති වුනේ ඇයි කියලා.(හේ)
ත්‍රස්තවාදය ලැබුන ත්‍රීවීලර් ලැබුන දැන් තේජස ලබෙන්නෙයි යන්නේ යන්නේ. අනේ අපි වගේ නිවට ජාතියක්. ලබන අතෙමේ නම් සිංහලයෙක් වෙලා මෙරටේ උපදීන එපා . (කෞ)
ඉන්දියාව තරහ කරගන්න බැරි කමට ඉන්දියානුවන් බැහැර කරන දේවලුත් ගෙන්වා ගන්න වෙයිද ඉදිරියට? (හේ)
මෙහි දක්වා ඇති සමහර ප්‍රතිචාර බැලූවිට ඔවුන්ගේ ප්‍රාථමික දැනුම ගැන පුදුමත් සිතේ. ලංකාව වැනි දුපත් රාජ්‍යකට අවශ්‍ය වන්නේ ඉතාමත් ප්‍රබල නාවික හමුදාවකුත්, ප්‍රබල ගුවන් හමුදාවකුත් සහ සාමාන්‍ය යුධ හමුදාවකුත්ය. ප්‍රබල ගුවන් හමුදාවකට ප්‍රහාරක යාන අත්‍යවශ්‍ය වේ. රටක ආරක්ෂාව මේතරම් පහත් තත්වයකට ලා කතාකරනා මෙවන් පාඨකයන් පිරිසක් සිටිනා මගේ රටට දෙවියන්ගේම පිහිටය. (නි)
රටකට හොද ගුවන් හමුදාවක් ඉන්න ඕනේ .ඉන්දියෙවේ ලඟක ඉදන් ගුවන් යානා හදන්නේ . අපිට ඊශ්‍රයල් වලින් හොද ගුවන් යානා ගන්න පුළුවන්.අපේ අනාගත පරපුර දකින්නේ ඉන්දියන් දේවල් .(හේ)
දැන් ප්‍රහාරක යානා උවමනා නෑ නේ. (ර)
මේ ඉන්දියන් කුරුම්බෑට්ටි ගන්නෙ නෑතුව රුසියවෙන් එම් අයි ජී 29 වගේ සුපිරි බඩු ටිකක් ගන්නකෝ.ඉන්දියවත් මේවා පාවිචිචි කරන්නෑ ඔවුනුත් රුසියවෙන් මිග් තමා ගන්නේ.(හේ)
වැඩක් වෙන එකක් නෑ.(හේ)
ජාත්‍යන්තරය ජය ගැනීම කිව්වේ ඕවට වෙන්න ඇති (ර)
ප්‍රහාරක යානා ඕන නැතිඋනාට ඉන්දියාව තරහා කරගන්න බැහැනේ. (ර)
නුවන්‍ෙ කියනවා ප්‍රබල නාවික සහ ගුවන් හමුදා තිබුනහම ඇති කියලා සාමාන්‍ය යුධ හමුදාවක් සමඟ. මම අහන්න කැමතියි ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ සටන් වල පෙරමුණ ගත්තේ යුධ හමුදාව නොවෙයිද කියා. අපේ පාබල හමුදාව අවතක්සේරු කරන්න එපා. තමන් සතුව හොඳ ප්‍රාථමික දැනුමක් ඇති බව සිතන මෝඩ අදහසක් (නි)
පාරේ දුවන ලෝකයේ තියෙන විවිද වාහන අතරේ ඉන්දියන් ටාටා , මහින්ද්‍රා වගේ තමයි උඩු ගුවනේ පියාඹන ලෝකයේ ගුවන් යානා අතරේ ඉන්දියන් ගුවන් යානාත් .. (ර)
දැන් යුද්ධයක් නෑ.. අනික මේවා ගුවන් හමුදාවක් එක්ක සටන් කරන්න හදල තිබෙන යානා.. මේවා අපට අවශ්‍යය නෑ (බ)
නියමයි....(හේ)
ටාටා බස් ත්‍රි විල් වගේ තමා ඔය කසිකබල්. ඇයි දෙයියනේ ප්‍රහාරක යානා දැන්... ඕනෑම නම් ගන්න එපැයි ඊශ්‍රායල්, ප්‍රංස, ඇමරිකන් බඩු. ඒ රටවල් කොමිස් දෙන්න බෑ කියලද.(අ)
ඉන්දියන් ටාටා වගේද දන්නේ නැහැ.(හේ)