IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දියාවේ ඛනිජ තෙල් ලේකම් ජනාධිපති හමුවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අංශයේ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ඒකාබද්ධව හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවත් එහිදී එම වර්ධනයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා මගපෙන්වීම සහ උපදෙස් ලබා දුන් බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.

ඉන්දියානු තෙල් සමාගමේ ප්‍රධානීන් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති .

නියෝජිත පිරිස විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් වලින් නිර්මාණය කරන ලද කබායක් සහ සූර්ය බලයෙන් ආහාර පිසීමේ ගෘහස්ථ පද්ධතියක් සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද බවත් එවැනි සූර්ය බලයෙන් ආහාර පිසීමේ ගෘහස්ථ පද්ධති 500 ක් ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ඉන්දියානු තෙල් සමාගම ත්‍යාගයක් ලෙස ලබා දුන් බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.



අදහස් (0)

ඉන්දියාවේ ඛනිජ තෙල් ලේකම් ජනාධිපති හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site