ඉන්දීය ආධාර මත සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු බලාගාරය වෙනුවට ජපන් ආධාර ඇතිව ගුණාත්මක බවින් යුතු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට රජය පියවර නොගතහොත් ඉදිරි දශක දෙකේ දී බරපතල විදුලි අර්බුදයකට යාමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ සමාගමකින් මේ බලාගාරය ඉදිවන නමුත් ඒ සඳහා දෙපාර්ශවය එකඟ වී ඇති ගිවිසුම ශ්‍රී ලංකාවට බොහෝ අහිතකර වන බවද විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි.
අවාසි සහගත කොන්දේසි යටතේ ඉන්දීය බලාගාරයක් ඉදිකරනවාට වඩා ජපන් ආධාර යටතේ ගුණාත්මක බවින් යුත් බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන්නැයි තම සංගමය රජයට යෝජනා කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වි සහ සංකල්ප ලියු අදහස් කාලෝචිතයි. (නි)
මට නම් සිතෙන ආකාරයට ඉන්දියාවේ එකම අරමුණ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සදහටම ඉන්දියානු බලය තහවුරු කිරීමයි. විවිධ කර්මාන්ත, විදුලි බලාගාර, කන්කසන්තුරේ වරාය, තානාපති කාර්යාල පිහිටුවීමෙන් ඒ දේ කරගෙන යන බවයි පෙනෙන්නේ. (නි)
සපුමල්,ඔබ හරියටම හරි. (නි)
මුලින්ම ඉන්දියාවේ මිනිසුන්ට ප්‍රමාණවත් වැසිකිළි ටිකක් හදලා ඒ මිනිසුන්ව අපායෙන් නිදහස් කරන්න ඉන්දියා රජය පියවර ගත්තානම් හොඳයි (බ)
ඉන්දියාවයි චීනෙයි එක්ක ගනුදෙනු නම් කොහොමත් භයානකයි. ඒ රටවල් දෙකටම ලංකාව භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටන නිසා. ආධාර ලබා ගැනීමට වෙනත් රටවල් සමග සාකච්චා කිරීම සුදුසුයි. (බ)
අපට රටවල් සමග ගනුදෙනු නොකර ඉන්න බෑ... නමුත් චීනය අතේ දුරින් තබාගත යුතුයි... අප වඩා ලංවිය යුත්තේ බටහිර රටවලට හා ජපානයට පමණයි. (ර)
නාමල්, චීනෙයි පකිස්ථානෙයි නැත්නම් අපි තවම එල්.ටි.ටි. එකෙන් බැට කනවා. (ර)
අනේ මේ නාමල් වගේ... (ර)
මගේ අදහස අපි චීනත්, ඉන්දියාවත් අතර සමානව කටයුතුයි. මේ රටවල් දෙකම නැතිව අපිට බෑ. යුරෝපයේ සහ ජපානයේ තාක්ෂණය ඉතා ඉහලයි. විදේශීය ආයෝජනය මීට වඩා ආකර්ෂණය කර ගනිමු. (ර)
ඉන්දියාව කොහොමත් බලන්නේ අපිව ගිලගන්න ඒක නිසා පුළුවන් තරම් අතේ දුරින් සිටීම හොදයි (රේ)
ඉන්දියාව හෝ වෙනත් රටක් සමඟ අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර එම ගිවිසුම හරහා අප රටට ලැබෙන ප්‍රතිලාභ හෝ අවාසි තේරුම් ගැනීමට තරම් නිලධාරින් නැත්ද? ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඉන් ඉවත්වීම සදාචාරාත්මක මෙන්ම අදාළ පාර්ශවය අමනාප කර ගැනීමක් වෙයි.කෙසේවෙතත් ඉන්දියාව සමග කතිකාවක් ඇතිකර ගැනීම වැදගත්.. (රේ)
මම ජපානයේ දැනට වාසය කරන නිසා කියන්නේ, යටිමඩි ගහගන්නෙ නැතුව ජපානයත් එක්ක ගණුදෙනු කලොත් ඉතාම හොඳ බලාගාරයක් ලබාගන්න පුළුවන්. ස්ථිරයි....(රේ)
නාමල්, බටහිර රටවල් කැමති චීනය ලංකර ගැනීමටයි. මේ වෙලාවේ චීන ජනාධිපතිවරයා ඉන්නේ ලන්ඩනයේ. ඩොලර් බිලියන පනහක වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නයි දෙරටේ සුදානම... ඒ බටහිර රටවල දැක්ම, එයාල දුර දකිනවා. (ර)
අපි සියල්ලන්ටම කියමු කර්මාන්ත ශාලා දහය ගානේ පිහිටුවන්ඩ කියලා. රටවල් 10ක් එකග වුනොත් අපේ ජාතික ආදායම වැඩි කළ හැකි. (බ)
නාමල් යුද්දේ දැන් නැහැ දැන් තියෙන්නේ රට දියුණු කරන්න. යුද්දය තිබුනා තමා.(ම)
මම දන්නා විධිහට ඉන්දියාව මේ ව්‍යාපෘතියේ සමහර සංවේදී උපකරණ ජපානයෙන් ආනයනය කරන්න සූදානම්වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඉන්දියාවටවත් විශ්වාස නැහැ ඒ අයගේ භාණ්ඩ ගැන. අනේ මන්දා! මම මගේ මොළේ අමාරුවට කියන ඒවාද කියලත් සමහරවිට මටම හිතෙනවා.අපේ රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ රටේ 2/3 වඩා ආයෝජන කර තිබෙන්නේ චීනය විසින්. ඉදිරි වසර 25 තුල මුළු ඕස්ට්‍රේලියාවම මිලදී ගැනීමේ හැකියාව චීනයට ලැබෙන බව මෙහෙ ජීවත්වෙන බොහෝ දෙනෙක් කතාවෙනවා. ඒ වගේම ලෝකයේ සිටින අංක එකේ ආයෝජකයා චීනය බව මතක තියාගන්න. (ර)
චීන ජනාධිපති මේ දවස් වල ඉන්නේ එංගලන්තයේ . එතුමට තියන සැලකිලි අදහන්නත් බැහැ. මොකද , ආර්ථික වාසි පාතා ඔබාමාටවත් මෙහෙම සැලකිලි නැහැ . අපේ මේ තීන්ත බින්දුවක් වගේ රටේ අය කියනවා චීනය ලගටවත් ගන්න එපා කියල (බ)
සංකල්පගේ සංකල්පය හැමතැනටම හරියන්නේ නැහැ. චීන්නු ඒ ඒ රටේ හැටියට තමයි ගනුදෙනු කරන්නේ (නි)
ඒ තීරණය නම් බොහොම හොඳයි (නි)
මම නම් කියන්නේ ඉන්දියාවත් එක්ක මොනම ගනුදෙනුවක්වත් ඕනෑ නැහැ කියලයි (නි)