යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ සංවර්ධනයට ඉන්දියාව ඇමරිකා ඩොලර් කෝටි 107 ක් පමණ ආධාර දී ඇතැයි යාපනයේ ඉන්දියා කොන්සල් ජනරාල් ආර් නඩරාජන් කියයි.
කිලිනොච්චි, මුලතිවු, වවුනියා, මන්නාරම හා යාපනයේ නිවාස යෝජනා ක්‍රම, උතුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම, වවුනියා රෝහලට ඇඳන් 200 ක වාට්ටු සංකීර්ණයක් ලබා දීම, කන්කසන්තුරේ වරායේ දිරා ගිය නැව් හා බෝට්ටු ආදිය ඉවත් කිරීම, ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර පිහිටුවීම, පලාලි ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීම, අච්චුවේලි කර්මාන්තපුරය පිහිටුවීම, කෘෂිකාර්මික සංවර්ධනය, යාපනය සරසවියේ ඉංජිනේරු පීඨය පිහිටුවීම ආදී යෝජනා ක්‍රම සඳහා මෙම ආධාර ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාව දියුණු වෙන්නේ සිංගප්පුරුව නිසා. ඉතින් ඉන්දියාවත් ඒ බලපොරොත්තුවෙන් වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉන්දියාවේ මිනිස්සු තමන්ගේ සමහර දේවල් බාල කරලා නැහැ. නමුත් ලංකාවේ දැන් කඩයක තියන ගොඩක් කෑම බාල කරලා. වඩේ, මුරුක්කු, මාළු පාන් ආදී සෑම දේම බාලයි. අනාගත පරපුරට ලංකාවේ ආවේනික කෑම ගැන දැනුමක් නැහැ. ඉතින් අනුන්ට බනිනවට වඩා තමන්ගේ අඩුපාඩු හදාගන්නවනම් නේද හොඳ (බ)
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඉන්දියාවට වැසිකිලි ටිකක් හදලා දෙන්න තියෙන්නේ (හේ)
"මීය කඩන්නේ ඇත ලෙවකන්න නොවෙයි" (ර)
ජයවිරලා වගේ අකුරු දන්නා වෙන මොනවත්ම නොදන්නා උදවිය ඉන්න රටකට දෙවියන්ගේම පිහිට තමයි. (ර)
මේ ආධාර දීමේ වැදගත්ම ආධාරය තමයි උතුරේ ඉංගිසි භාසා විද්‍යාගාර පිහුටුවිම. ඉංගිසි ඉගෙන ගැනීමේ අවස්යතාවය ඉන්දියාවත් හොදටම දන්නවා. නැත්තම් දෙමල අයට දෙමල විද්‍යාගාරයක් දෙන්න තිබුණන. 56දි අපේ සිංහල නායකයෝ තමයි ඉංගිසි එපා සිංහල පමණයි කියා සිංහල ජාතිය මොට්ට කලේ.. (ර)
බටහිරයන් මෙන් ඉන්දියාව මේ ආකාරයට ඇත දිගහැර වියදම් කරන්නේ අනේ අපේ උතුරු වැසියාට එහෙම නැති නම් අපිට තිබෙන ආදරයටද නැහැ නේ, මීයක් කඩන්නේ ඇත ලෙවකන්නනද? (හේ)
ඇයි උතුරට විතරක්.(හේ්)
ජගත් ලියනගේ - එතකොට දකුණට උදවු කරපු චීනය කියාවිද දකුණ ඒ අයගේ කියලා ?(හේ)
උදව් ගත්ත වගේ නෙවයි ඕව දිරවන්න ගියාම තමයි ලෙඩේ . යාපනේ මිනිස්සු මතක තිය ගන්න ඕනේ තව ටික දවසකින් ඉන්දියාව කියයි ද දන්නේ නැහැ උතුර කියන්නේ , ඉන්දියාවේම කොටසක් කියලත්. (ර)
යාපනේ තියෙන්නේ ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයක් විතරද? ඇයි අනෙක් රටවල ඒවා තාම නැත්තේ? (ර)
ඒ කියන්නේ උතුරු දැන් වෙනම කෑල්ලක්ද මේ රටේ.(හේ)
ඇත්ත කතා කරන්න. ඇත්ත හිතන්න. ඇත්ත පලකරන්න. ඡන්ද 350 ක වාසියකට මුළු සිංහල ජාතියම පාවල දුන්න යුගයක්. පාලමත් හදපුවහම, තව අවුරුදු 200 කින් එක්සත් ජාතික සංවිධානය පිළිගනියි, ලංකාව කියන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල. (බ)
මේ ණය සල්ලි ගෙවන්න වෙන්නේ අපි හැමෝටම. (නි)
ආධාර හොඳයි ඒ උනාට ඉන්දියානු ව්‍යප්තවාදය නම් හොඳ නෑ, ප්‍රවේසමෙන්. (ර)
ඔය ඉන්දියන් කාරයා සතයකට විශ්වාස කරන්න බැහැ... (ර)
යාපනය, ඉන්දියාවේ කොලනියක් වෙයිද.? (ර)
ලෝකේ වැඩිම දුප්පතුන් ප්‍රමාණයක් සිටින රට ඉන්දියාව. තමුන්ගේ රටේ මිනිසුන්ට වැසිකිලියක් හදල දෙන්න බැරි ඉන්දියානු රජය අපේ රටේ ඉංජිනේරු පීඨ හදනවා. මේක තනිකරම දේශපාලන උපක්‍රමයක්. මැද පෙරදිග රැකියා කරන අපි දකිනවා දුප්පත් ඉන්දියානු කම්කරුවන් කෝටි ගණනක් මේ රටවල දුක් විඳින හැටි. මේකට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල. (ර)
කල්පනාවෙන් සිටිය යුතුයි. (ර)
මමත් තිලක් ගේ කතාව අනුමත කරනවා. (ර)
ආධාර දෙන්නේ අපේ රට සංවර්ධනයට ඒකට ඇයි අපි විරුද්ධ වෙන්නේ. (ර)
මෙහෙම ලංකාවේ කොටසකට විතරක් වෙනම ආධාර කරන්න දෙන්න බැහැ. සියලුම ආධාර මධ්‍යම රජය හරහා සිදුවිය යුතුයි. ජාතිවාදී විදියට බෙදීමට බලකරනවා නම් එවැනි ආධාර ප්‍රතික්ෂේප කිරීමටත් රජයට හැකිවිය යුතුයි. තමිල්නාඩුවේ ගං වතුර ඇතිවුණ වෙලාවේ ඉන්දියාවේ රජය වෙන රටවල් වල ආධාර වලට කළේ මොකක්ද? පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
ඉන්දියාවේ අරමුණ අපි හැමෝම දන්නවානේ. එ්ත් තවම ද්‍රවිඩ අය කියන්නේ යුද්ධයෙන් පස්සේ උතුරට කිසිම දෙයක් කරලා නැහැ කියලනේ. (නි)