අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. නව නිරීක්ෂණ කලාපයෙන් මේ කොටස් සොයාගන ඉදිරි දින දෙකේදී ගොඩබිමට ගෙන ඒමට සැළසුම් කැර ඇත. ඕස්ට්‍රේලියාවේ හා චීනයේ නිරීක්ෂණ ගුවන් යානාවලට මුහුද මත පාවෙන සුන්බුන් කොටස් කිහිපයක් හමුවී තිබිණි. චීන හා ඕස්ට්‍රේලියානු නෞකා අද සුන්බුන් ඇති ස්ථානයට ළඟාවනු ඇතැයි බලාපොරොත්තු තබා ඇත. රවල් 10ට අයත් ගුවන් යානා දිගටම නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටියි. දැනට හුමවූ බව කියන සුන්බුන් ගොඩබිමට ගෙනඑන තුරු ඒවා අතුරුදන් වූ යානයේදැයි නිශ්චිතව කිව නොහැකි බව බලධාරින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඒ යානයේ සුන්බුන් නොවයි. දෙවියන්ගේ නියමයෙන් ඒ සියලු දෙනා ජීවිත්වේවා (අ)
නලින්ද දෙවියන්ට ඔය දේ කරන්න පුලුවන්නම් ඇයි නැතිවූ අහස් යාත්‍රාව සොයන්න යොදවා තිබෙන ගුවන් යානා සහ නැවු ගොඩබිමට ගෙන්වා දෙවියන් ඔය දේ කරනකන් බලානොසිටින්නෙ. විකාර කථා. (දී)
ඇත්තටම බුදුන්ගේ පිහිටෙන් දෙවියන්ගේ නාමයෙන් කිසිම කෙනකුට අනතුරක් නොවී අපට දකින්න ලැබේවා .......! මම තංගල්ලේ සුසන්ත මැලේසියාවේ සිට ............... (දී)
නලින්ද--දවස් 14 කන්න නතිඅ ඉන්න පුලුවන්ද ?දුක තමා මොන කරන්නද.(අ)
සියලුම දේවල් වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නේද නලින්ද? (නදී)
මේකේ විකාර ප්‍රථිචාර දාපු අය අංගොඩ යවන්න ඕනේ.(නදී)
අර කාටද කැමති විදියට හැමදේම වෙනවා කියන්නේ. ඉතින් එයා හොඳ දෙයක්ද කරලා තියෙන්නේ.(නදී)
මටත් හිතෙන්නේ මේ යානාවට මුකුත් වේලා නැ කියල.තාම හරියට ඉස්ථිර නිගමනයක් නැනේ. (අ)
වෙන්න තියෙන දේ කාගෙන්වත් නවත්වන්න බෑ. (ත)
මේ අය දැන් හැමදාම එක එක බොරු කියනවා. (ත)