අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. නව නිරීක්ෂණ කලාපයෙන් මේ කොටස් සොයාගන ඉදිරි දින දෙකේදී ගොඩබිමට ගෙන ඒමට සැළසුම් කැර ඇත. ඕස්ට්‍රේලියාවේ හා චීනයේ නිරීක්ෂණ ගුවන් යානාවලට මුහුද මත පාවෙන සුන්බුන් කොටස් කිහිපයක් හමුවී තිබිණි. චීන හා ඕස්ට්‍රේලියානු නෞකා අද සුන්බුන් ඇති ස්ථානයට ළඟාවනු ඇතැයි බලාපොරොත්තු තබා ඇත. රවල් 10ට අයත් ගුවන් යානා දිගටම නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටියි. දැනට හුමවූ බව කියන සුන්බුන් ගොඩබිමට ගෙනඑන තුරු ඒවා අතුරුදන් වූ යානයේදැයි නිශ්චිතව කිව නොහැකි බව බලධාරින් කියයි.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියන් සාගරයේ පාවුණු සුන්බුන් කිහිපයක් ගොඩබිමට
නලින්ද Saturday, 29 March 2014 07:33 PM
මේක ඒ යානයේ සුන්බුන් නොවයි. දෙවියන්ගේ නියමයෙන් ඒ සියලු දෙනා ජීවිත්වේවා (අ)
පාලිත Saturday, 29 March 2014 07:59 PM
නලින්ද දෙවියන්ට ඔය දේ කරන්න පුලුවන්නම් ඇයි නැතිවූ අහස් යාත්‍රාව සොයන්න යොදවා තිබෙන ගුවන් යානා සහ නැවු ගොඩබිමට ගෙන්වා දෙවියන් ඔය දේ කරනකන් බලානොසිටින්නෙ. විකාර කථා. (දී)
සුසන්ත ජනක Saturday, 29 March 2014 08:00 PM
ඇත්තටම බුදුන්ගේ පිහිටෙන් දෙවියන්ගේ නාමයෙන් කිසිම කෙනකුට අනතුරක් නොවී අපට දකින්න ලැබේවා .......! මම තංගල්ලේ සුසන්ත මැලේසියාවේ සිට ............... (දී)
සෑම් Saturday, 29 March 2014 08:01 PM
නලින්ද--දවස් 14 කන්න නතිඅ ඉන්න පුලුවන්ද ?දුක තමා මොන කරන්නද.(අ)
සුරන් Saturday, 29 March 2014 08:16 PM
සියලුම දේවල් වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නේද නලින්ද? (නදී)
පුෂ්පකුමාර Saturday, 29 March 2014 08:32 PM
මේකේ විකාර ප්‍රථිචාර දාපු අය අංගොඩ යවන්න ඕනේ.(නදී)
කෝලිත Saturday, 29 March 2014 08:46 PM
අර කාටද කැමති විදියට හැමදේම වෙනවා කියන්නේ. ඉතින් එයා හොඳ දෙයක්ද කරලා තියෙන්නේ.(නදී)
සිතාරා මුදුමාලි Sunday, 30 March 2014 02:12 AM
මටත් හිතෙන්නේ මේ යානාවට මුකුත් වේලා නැ කියල.තාම හරියට ඉස්ථිර නිගමනයක් නැනේ. (අ)
රමීස් Sunday, 30 March 2014 02:38 AM
වෙන්න තියෙන දේ කාගෙන්වත් නවත්වන්න බෑ. (ත)
සුද්ද Sunday, 30 March 2014 03:53 AM
මේ අය දැන් හැමදාම එක එක බොරු කියනවා. (ත)