(අංජුල මහික වීරරත්න)
අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවල්වලට නැඟී එන ලෝක ආර්ථිකයේ පුළුල් භූමිකාවක් පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල ජෙට්වින් හෝටලයේ පැවති "ගාලු කතිකාව 2023 - ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව " අමතමිනි.
"ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල" කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව අද(12) සහ හෙට (13) පැවැත්වෙයි.
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු "ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව" මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.
කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික , සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියන් සාගර කලාප සහයෝගය කාටවත් වනසන්න බෑ
Akila Friday, 13 October 2023 08:04 AM
හැබැයි අද වෙනකොට මුළු කලාපයටම ලැජ්ජාවක් වෙලා තිබෙන දකුණු ආසියාවේ එකම බංකොලොත් රටවන ලංකාව නම් ඔය නැගී එන ආර්ථිකයට නැහැ. වසර ගණනාවක් තිස්සේ රට කරපු රනිල්ලා, මහින්දලා වගේ තක්කඩි ජනප්‍රිය දේශපාලනය විතරක් දන්නා රටේ ආර්ථිකය ගැන කිසිම තැකීමක් නොකරපු උදවියට රට බාර දීමේ ප්‍රතිඵල...!
Rata Perata Friday, 13 October 2023 12:31 PM
ඒක ඇත්ත.වෙන කාටවත් බෑ .ඒත් අත ගහන හැමදේම වනසන ඔයාට නම් පුළුවන් .දැන් ඔය වාචාල කට ඇරලා ජාත්‍යන්තර සම්බන්ධතා වැනසුවා නේ.ඉන්දියන් සාගර කලාපයටත් ඔය ආනිශංසය තමයි ඔයා හිටියොත්