ඉන්දියානු රුපියල් හාර දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත තම ගුද මාර්ගයේ රන් කුටිටයක් සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතික තරුණයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබූ රන් කුට්ටියේ බර ග‍්‍රෑම් දෙසිය හැත්තෑ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ හැටදහසකි.
සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර තමිල්නාඩු ප‍්‍රාන්තයේ පදිංචි විසි හතර හැවිරිදි තරුණයෙකි. ඔහු කුළියට භාන්ඩ ප‍්‍රවාහනයේ යෙදෙන්නෙකු බව රේගුව කියයි. ඔහු පසුගිය 13 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවත් නිතර නිතර තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර මුදල් කොන්ත‍්‍රාත් මත භාන්ඩ ප‍්‍රවාහනයේ යෙදී ඇති බව රේගුව අනාවරණය කර ගෙන ඇත.
පිටකොටුවේ හෙට්ටි වීදියේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම රන්කුටිටිය ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගෙන යාමට තමාට ලබා දුන් බවත් චෙන්නායි ගුවන්තොටුපොළේදී එම ව්‍යාපාරිකයා හෝ වෙනත් අයෙකු එය ආපසු ලබා ගැනීම සඳහා පැමිණෙන බව එම ව්‍යාපාරිකයා තමාට දැන්වූ බවත් සැකකරු රේගුවට පවසා ඇත.
තමන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පිටත වැසිකිලියකට ගොස් මෙම රන් කුටිටිය ගුදයේ දමාගත් බවත් එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වූ බවත් එම අවස්ථාවේ තම දෙනෙතට කඳුළු පවා පැමිණි බවත් ඔහු රේගුවට පවසා ඇත.
මෙලෙස ගෙන යද්දී ගුවන් යානයේදී කෑමක් බීමක් පවා නොගන්නා බවත් තමන් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඔහු රේගුවට පවසා ඇත.
පසුගිය සති දෙකේදී පමණක් මේ අයුරින් රන් කැබලි ප‍්‍රවාහනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 7 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බැවින් හා සුළු ලාබයකට තම ජීවිතය අවදානමකට ලක්කර මෙවන් වේදනාකාරී ක‍්‍රියාවෙන් කරන්නේ ඇයි දැයි අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා විසින් සැකකරුගෙන් ප‍්‍රශ්ණ කර ඇත.
එහිදී සැකකරු පවසා ඇත්තේ ඔහු නිතර නිතර විදේශයන්ට යන එන බැවින් කිලෝග‍්‍රෑම් පනහක බර ප‍්‍රමාණයක් ගෙන යා හැකි පහසුකම ඔහුට ලැබී ඇති බැවින් විවිධ පුද්ගලයින් ලබා දෙන භාන්ඩ කුළී පදනම මත ඒ ඒ රටවලට ගෙන ගොස් කුලිය ලබා ගන්නා බවයි. මේ සෑම ගමන්වාරයකදී විස්කි බොතල් හයක්ද රැගෙන ගොස් එයද විකුනා මුදල් ලබාගන්නා බව ඔහු රේගුවට පවසා ඇත.
මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශීල මහතා විසින් සැකකරුට රුපියල් තිස්දහසක දඩයක් නියම කොට එම රන් කුට්ටිය රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශීල මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී රෝහණ සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එස් අබේධීර, චන්දිම කරුණාරත්න, කේ.පී.ජී.එස්.සී ලොකු ගම, සී කොටැඹගේ, කේ.සී.පී කුමාර, එම්.ආර්.ඩබ්ලිව් කුමාර, ඩබ්ලිව්.එම්.එස්.ඒ ප‍්‍රියදර්ශන යන රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈක්කා, ඊයා අත් ආවරණ නැතිවම මේ මහතා රන් කැබැල්ල අල්ලන අපුරුව.(නදී)
මොකද පිරිමි විතරක් අහුවෙන්නේ කාන්තාවන්ව චෙක් කරන්නැද්ද? (නදී)
සුරංග, ඒවා ඔයා බදිනකොට දැවද්දට දෙනවා.(නදී)
මේ යන විදිහට ගියොත් නම් ගුදමාර්ග පරීක්ෂාව සම්බන්දව ලෝකයේ ඉහලම තාක්ෂනය තියෙන්නේ ලංකාවේ රේගුවේ බවට වාර්තාවක් පිහිටුවන්න පුළුවන් වෙයි. ඇමෙරිකාව, එංගලන්තය , ඔස්ට්‍රේලියාව වගේ රටවල අපෙන් තාක්ෂනය මිලදීගන්නත් එයි. ආසියාවේ ආශ්චර්යමත් රේගුව. (නදී)
ඔය කියුවට ගෙන්න නම් පුළුවන් (දී)
මගේ යහළුවෙක් ඩුබාය් සිට පව්ම්35ක්[ග්රෑම්280ක්]ගෙනාව මාල,බ්ලෙස්ලට් මුදු ,,,ඔහු එය පැළදගෙනමය්ආවේ.කිසිම ප්‍රස්නයක් වෙලානැහැ (දී)
තමන් අහිංසක වෙන්න මේවගේ හොරු බොරු කියනවා. රන් රාජසන්තක කරලා වටිනාකම මෙන් දෙගුණයක දඩයක් ගහන්න නීති ගෙනෙන්න තියෙන්නේ. (දී)
කොල්ලා කාලේ අපි ලස්සන ගෑනු ළමයි දැක්කම සමහර කොල්ලෝ කියනවා "මාර ඩිකියක් " බන් කියලා. මම නම් දැක්කේ මගේ ඉල්ලුම තිබුනේ තාලෙට ගැස්සෙන නැළවෙන පස්සවල් විතරයි. හා...හා...හොරෙ දැනුනා....මට හොහෝ ගගා ඇඩුනා.... තේරුනේ දැන් තමයි....ඩිකිය කියන්නේ අරවා මේවා දාන තැනක් කියලා.(නදී)
දිගින් දිගටම ගුද මාර්ගය විකුණා ගුද මාර්ගය රන් පොලු ප්‍රවාහනය යොදා ගෙනීම සාමාන්‍ය සිද්දියක් වී ඇත . කෙසේ වෙතත් අපගේ දක්ෂ රේගු නිලදාරීන්ගේ ඇසට වැලි ගසමින් කොපමණ දෙනෙක් මේ දේ කරනවද .මම සිතන්නේ සියලුම ඉන්දියානු සහ පකිස්ථානුවන් ගැන විමසිල්ලෙන් රේගුව සිටිය යුතුය . එමෙන්ම අපගේ ශ්‍රී ලාංකිකයන්ද මෙය කරන නිසා ඔවුන්ගේ ගමනාන්තය බලා ඔවුන්වද සෝදිසියක් කල යුතුය.(නදී)
දන්නෙ නැති නිසයි අහන්නේ. ඔය රාජ සන්තක කරන ඒවට මොකද වෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න. (දී)
මේවා නිර්මාණය කර ඇත්තේද ගුද මාර්ග ප්‍රවාහනය වෙනුවෙන්මය. මේවායෙහි අයිතිකරුවන්ට මුදල් දඩ වලට අමතරව කායික දඩුවම්ද පැමිණවිය යුතුමය.(නදී)
කොච්චර අහු වුනත් මේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැති හැටි. කිකිලිට ඔච්චර ලොකු බිත්තරයක් දාන්න පුළුවන් නම් මිනිහෙකුට පොල්ගෙඩියක් විතර ලොකු රන් කුට්ටියක් ගෙනියන්න බැරි මොකද කියල හිතනවා ඇති. කවදාහරි එකෙක් මැරුණාම තමයි ඉගෙන ගන්නේ. (නදී)
නියම ප්‍රවාහන සේවයක් (දී)
ඉතින් දැන් හේරත් අයියට ඒ විදියෙම ඩිකියක්ද හම්බවෙලා තියෙන්නේ...? (නි)
නියම ආදායම් මාර්ගය වෙලානේ
"රන් මග කාර්ගෝ සර්විස්" කියල කාර්ගෝ සර්විස් එකක් විවෘත කරන්නලු හිතාගෙන ඉන්නේ.(නදී)
පින්තුර වල පෙනෙන විදියට මෙම රන් පොලු සදා තිබෙන්නේ ගුද මාර්ගයට හෝ මුත්‍ර මාර්ගයේ සඟවා ගෙන යන ආකාරයට. මෙය සැලසුම් කළ වෙළදාමක් වගේ.(නදී)
කොල්ලා කාලේ අපි ලස්සන ගෑනු ළමයි දැක්කම සමහර කොල්ලෝ කියනවා "මාර ඩිකියක් " බන් කියලා. මම නම් බැලුවේ තාලෙට ගැස්සෙන නැළවෙන පස්සවල් විතරයි. හා...හා...හොරේ දැනුනා....මට හොහෝ ගගා ඇඩුනා.... තේරුනේ දැන් තමයි....ඩිකිය කියන්නේ ප්‍රවාහන සේවයක් කියලා.(නදී)
ගුද මාර්ගයේ තිබුන රත්තරන් පොල්ල අපේ රේගු නිලධාරීතුමා කැත නැතුව අතේ තියාගෙන ඉන්න හැටි? (නි)
අර රත්රන් වලට මොනවද වෙන්නේ කියන්ඩ ගොඩක් අය බයයි.(නදී) .
ඕක හොඳට හෝදලද මහත්තයෝ ඔහොම අල්ලන්නේ? (නි)
අපේ නිලධාරින්ගේ කැපවීමට අපගේ උපහාරය. (නි)
තව ඔය වගේ මාර්ග කීයක් තියෙනවද? පර්චස් එකක් බර ගානක් ..... (නි)
රේගුවට දැන් අලුත් මාර්ගයක් ඇවිත් පරික්ෂා කරන්න.අප්පිරියයි.මේ මිනිස්සු මුදල් නිසා ජීවිතේ අවදානමවත් හිතන්නේ නැනේ. (ස)